slc
logo
Home   |    News
නොවැම්බර් 28, 2023
පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්

Sri Lanka Cricket

කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැති තරගවලදී පානදුර, බදුරලිය, යුද හමුදා, කෝල්ට්ස් හා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණ වාර්තා කළහ.

බීආර්සී පිටියේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් බීආර්සී පිල මුලින් පන්දුවට පහරදීමට පානදුර ක්‍රීඩා සමාජයට ආරාධනා කළ හෙයින් ඕවර් 50කදී කඩුලු 4කට ලකුණු 292ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බීආර්සී පිල ඕවර් 9.1කදී ලකුණු 22කට දැවී ගියේය. පානදුර ක්‍රීඩා සමාජයේ 17 හැවිරිදි රශ්මිකා සෙව්වන්දි ලකුණු 6කට කඩුලු 6ක් බිද හෙලීමෙන් දස්කම් දැක්වූවාය.

පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් පියුමි වත්සලා පන්දු 102කදී හතරේ පහර 12ක් සමඟ නොදැවී ලකුණු 119ක් ලබා ගැනීමට සමත් වූවාය.

පානදුර පිල කඩුලු 4කට ලකුණු 292 (ඕවර් 50)
නවෝද්‍යා ප්‍රනාන්දු 49, එරන්දි හංසමාලී 46, පියුමි වත්සලා 119, අමාදි කාවින්ද්‍යා 45

බීආර්සී පිල සියලු දෙනා දැවී ලකුණු 22 (ඕවර් 9.1)
දුමින්ෂා රන්දිෂානි නොදැවී 8 (රශ්මිකා සෙව්වන්දි 6/6, චේතනා විමුක්ති 16/3)

බදුරලිය පිලට කඩුලු 6ක ජයක්

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේ පැවැති කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල හා බදුරලිය පිල අතර තරගයෙන් බදුරලිය කාන්තා පිලට කඩුලු 6ක ජයක් හිමි විය. බදුරලිය පිලේ සුගන්ධිකා පතිරණ ලකුණු 5කට කඩුලු 6ක් බිදහෙලා දස්කම් දැක්වූ අතර, ජනාදි අනාලී ලකුණු 16කට කඩුලු 4ක් බිදහෙලුවාය.

කුරුණෑගල තරුණ ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සියලු දෙනා දැවී ලකුණු 48 (ඕවර් 23)
අශිනි කෞෂල්‍යා 11 ( සුගන්ධිකා පතිරණ 5/6, ජනාදි අනාලී 16/4)

බදුරලිය පිල කඩුලු 4කට ලකුණු 49 (ඕවර් 10)
ශ්‍යාමා රණසිහ 15, ළිහිණි හපුආරච්චි 11 ( දිනුලි තෙන්නකෝන් 5/3)

යුද හමුදාවට කඩුලු 10ක ජයක්

එස්එස්සී හා යුද හමුදාව අතර කටුනායක ගුවන් හමුදා පිටියේ පැවැති තරගයේදී යුද හමුදා පිල කඩුලු 10ක ජයක් වාර්තා කළේය. එස්එස්සී ක්‍රීඩිකාවෝ අටක් ලකුණු බින්දුවට දැවීගිය අතර, යුද හමුදාවේ සුගන්ධිකා කුමාරි හා සඳනි ද සිල්වා කඩුලු 3 බැගින් බිඳ හෙලා දස්කම් දැක්වූවාය.

කාසියේ වාසිය දිනාගත් එස්එස්සී පිල මුලින් පන්දුවට පහරදී ඕවර් 19කදී ලකුණු 26කට දැවීගිය අතර, යුද හමුදා ක්‍රීඩිකාවෝ කිසිවෙකු නොදැවී ලකුණු 27ක් ලබා ජය තහවුරු කර ගත්හ.

එස්එස්සී පිල සියලු දෙනා දැවී ලකුණු 26 (ඕවර් 19)
ඉරේෂා ශ්‍යාමලී 12 ( සුගන්ධිකා කුමාරි 0/3, සඳනි ද සිල්වා 3/3, නිමේෂා මධුෂාණි 0/2)

යුද හමුදාව කිසිවෙකු නොදැවී ලකුණු 27 (ඕවර් 4.5)
අනුෂ්කා සංජීවනී නොදැවී 11, නිලක්ෂි ද සිල්වා නොදැවී 12

කෝල්ට්සි පිලට කඩුලු 7ක ජයක්

කෝල්ට්ස් පිටියේ පැවැති සීසීසී හා කෝල්ට්ස් අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් සීසීසී පිල ඕවර් 44කදී ලකුණු 89කට දැවී ගිය අතර කෝල්ට්ස් ක්‍රීඩිකාවෝ ඕවර් 16කදී කඩුලු 3ක් දැවී ලකුණු 91ක් ලබා කඩුලු 7ක ජයක් ලබා ගත්හ.

සීසීසී පිල සියලු දෙනා දැවී ලකුණු 89 (ඕවර් 44)
කෞෂනී නුත්‍යාංගනා 13, ශිකාරී ද සිල්වා 15, උෂානි වික්‍රමආරච්චි 21 ( මදාරා සමරකෝන් 14/2, චමරි ලක්ෂාණි 24/2, නෙත්මි සංජනා 10/2)

කෝල්ට්ස් පිල කඩුලු 3ක් දැවී ලකුණු 91 (ඕවර් 16)
උදේනි කුරුප්පුආරච්චි 33. හසාරා විජේරත්න නොදැවී 14, උදයාංගනී ද සිල්වා නොදැවී 29

ගුවන් හමුදා පිලට කඩුලු 8ක ජයක්

පී. සරා ඕවල් පිටියේ පැවැති ගුවන් හමුදාව හා ටැමිල් යූනියන් අතර තරගයෙන් ගුවන් හමුදා පිලට කඩුලු 8ක ජයක් හිමි විය.

ටැමිල් යූූනියන් පිල සියලු දෙනා දැවී ලකුණු 76 (ඕවර් 40.4)
දිනේෂා ජයසිංහ 12, දිල්ෂානී කුමාරසිරි 26 (ඕෂධී රණසිංහ 11/4, තාරුකා ෂෙහානි 9/2)

ගුවන් හමුදා පිල කඩුලු 2ක් දැවී ලකුණු 77 (ඕවර් 23)
චමරි පොල්ගම්පොල නොදැවී 29, ඕෂධීරණසිංහ නොදැවී 25 ( නිලූකා කරුණාරත්න 19/2)

 

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee