slc
logo
Home   |    News
නොවැම්බර් 3, 2023
ශ්‍රී ලංකා නැගීඑන පිල කඩුලු 3 ක් අතැතිව ලකුණු 32 ක් පිටුපසින්

sinhala editor

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේදී තුන්වැනි දිනය වන අද (02 වැනිදා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 219 ක් ලබා සිටියේය. බංග්ලාදේශ මුල් ඉනිමේ වාසිය තම අණසකට ගැනීමට නම් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට තවත් කඩුලු 3 කදී ලකුණු 32 ක් ලබා ගත යුත් වේ.

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 251 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හ්‍රී ලංකා කණ්ඩායමේ පවන් රත්නායක ලකුණු 44 ක් සහ චාමික ගුණසේකර (08) සිව්වැනි දිනයේදීත් පන්දුවට පහර දීම සදහා අවකාශ විවර කර ගෙන සිටිති.

මෙම ඉනිම ආරම්භයේදී පළමු කඩුලු 3ම කුණු 40 ක් ඇතුළතදී දවා ගනිිමන් පීඩනයක් එක් කිරීමට බංග්ලාදේශ නැගීඑන පන්දු යවන්නන් සමත් වුවත්, සිව්වැනි කඩුල්ලට එක් වුණු සොනාල් දිනූෂ සහ අහන් වික්‍රම සිංහ ලකුණු 62 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම අවධානමෙන් මුදවා ගැනීමේ මූලික කාර්ය භාරය සිදු කළහ.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම ලකුනු 02 ක් ඇතුළත දැවී යෑම නිසා ශ්‍රී ලංකා නැගීඑන පිල යළිත් අසීරුතාවයට පත්විය. කෙසේ වෙතෙත් පවන් රත්නායකට එක් වුණු චමිඳු වික්‍රමසිංහ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාව කරා රැගෙන ඒමට අවශ්‍ය පසුබිම සකස් කළහ.

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පළමු ඉනිම ලකුණු 251 කට සීමා කිරීම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීඹක නිරත වුණු වේග පන්දු යවන චාමික ගුණසේකර බංග්ලාදේශ ඉනිමේ කඩුලු 9 ක් තමන් සතු කර ගත්තේ ලකුණු 59 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. කොළඹ ආනන්ද විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස සිටින දකුණත් වේග පන්දු යවන්නා මේ වන විට 23 වැනි වියේ පසුවේ.

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පළමු ඉනිම ලකුණු 251 යි – (අමිත් හසන් 10, මහමුදුල් හසන් 16, ශදාත් හොසේන් 11, ප්‍රිටෝම් කුමාර් 10, අක්බාර් අලී 129, රකිබුල් හසන් 36, හසන් මුරාඩ් 27, චාමික ගුණසේකර 58/9)

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පළමු ඉනිම කඩුලු 7 ට ලකුණු 219 යි – නවෝද් පරණවිතාන 22, පවන් රත්නායන 44* අභිෂේක් ලියනාරච්චි 11, අහන් වික්‍රමසිංහ 39, සොනාල් දිනූෂ 25, චමිදු වික්‍රමසිංහ 24, කල්හාර සේනාරත්න 23, රිපෝන් මොන්ඩොල් 56/2, මුස්ෆික් හසන් 30/2, නහීද් රානා 56/2)

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee