slc
logo
Home   |    News
නොවැම්බර් 2, 2023
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජය ගනිති

sinhala editor

පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එහි පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය 3 – 2කින් ජයගත්තේ පස්වන සහ අවසාන එක්දින තරගය ලකුණු 167කින් පහසුවෙන්ම ජය ගනිමිනි.

පස්වන එක්දින තරගයේ සියලු වාසි පහසුවෙන් අත්කර ගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙය තමන්ගේම තරගයක් බවට පත් කර ගත්තේ මුලින් පන්දුවට පහරදී පන්දුවාර 50 අවසානයේ කඩුලු නවයකට ලකුණු 293ක් රැස් කර පසුව තම ප්‍රතිවාදී පිතිකරුවන් සියල්ල පන්දුවාර 32.3ක් තුළ ලකුණු 128කට දවාලමිනි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ තරගය පන්දු 105ක් (පන්දුවාර 17.3ක්) ඉතිරිව තිබියදීම ජයගැනීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා යොවුන් නායක අංක තුන පිතිකරු සිනෙත් ජයවර්ධන නායකත්ව ඉනිමක නියැළෙමින් ප්‍රහාරාත්මක පිතිහරඹයක මෙදින යෙදුණේ පන්දු 69කට පමණක් මුහුණදී හයේ පහර තුනක් සහ හතරේ පහර 11ක් සමඟ ලකුණු 82ක් රැස් කර තරගය ආරම්භයේදීම ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා යොමු කරවමිනි.

මේ තරගාවලියේ ශතක ලාභියකු වූ රුසඳ ගමගේ අංක පහ පිතිකරුගේ ස්ථානයේ නැවත දස්කම්පාමින් ලකුණු 66ක් රැස් කළේ පන්දු 64කදී හතරේ පහර පහක් ද සමඟය.

ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් දැක් වූ විශිෂ්ට දක්ෂතාවයන්ට නොදෙවැනි වන අයුරින් පන්දු යැවීමක නිරත වූ පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු විහස් තෙව්මික ලකුණු 12කට කඩුලු තුනක් ද මල්ෂා තරුපති ද ලකුණු 12කට කඩුලු තුනක් ද විශ්ව ළහිරු ලකුණු 29කට කඩුලු දෙකක් ද වැනි අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාලුවේ පිතිකරුවන් නවදෙනකුම ලකුණු පහළොවට අඩු පුද්ගලික සංඛ්‍යාවන්ට දවාලමිනි. ඔවුන්ගේ වැඩිම ලකුණු ලැබුවේ අර්ෆට් මින්හස් (57) සහ හරූන් අර්ෂාඩ්ය. (17)

තරග පහකින් සමන්විත වූ මෙම එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයගත්තේ 1, 4 සහ 5 වැනි තරගය. අද (31) පැවැති අවසාන එක්දින තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තාන කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පැවරීමටය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා පුළිඳු පෙරේරා ලකුණු 47ක් සහ රවිෂාන් ද සිල්වා ලකුණු 23ක් රැස් කරමින් මුල් විකට්ටුවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ ලකුණු 64ක් එක් කරමිනි.

මේ සාර්ථකත්වය දිගටම පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා අංක තුන පිතිකරු නායක සිනෙත් ජයවර්ධන සිව්වන කඩුල්ලට රුසඳ ගමගේ සමඟ ලකුණු 81ක් ද හයවන කඩුල්ලට සරුජන් ෂන්මුගනාදන් (29) සමඟ ලකුණු 40ක් ද සාර්ථක අයුරින් එක් කළහ.

පාකිස්තාන පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු උබයිඩ් ෂා (55/2), මොහමඩ් ඉබ්ටිසාම් (51/2) සහ අරෆට් මින්හස් (57/2) කඩුලු දෙක බැගින් දවාලුවත් එම සෑම පන්දු යවන්නෙකුගෙන්ම ලකුණු පනහ ඉක්මවා රැස් කිරීමට ලංකා පිතිකරුවෝ වගබලා ගත්හ.

පාකිස්තාන යොවුන් කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ විහස් තෙව්මික, ෂාමිල් හුසේන් (14), ෂාඩ් බෙග් (01) සහ හරූන් අර්ෂාඩ් (17) යන පිතිකරුවන් ද විශ්ව ළහිරු ෂෂෙබ් ඛාන් (00) සහ මොහමඩ් ටයාබ් (11) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාලීමෙන් ඔවුනගේ පළමු කඩුලු හතර දැවී ගියේ ලකුණු 28ක් තුළදීය.

පාකිස්තාන මැදපෙළ පිතිකරුවන් අතුරින් අරෆට් මින්හස් (57) සහ හරූන් අර්ෂාඩ් (17) පස්වන කඩුල්ලට ලකුණු 65ක් රැස් කිරීමෙන් පසු ක්‍රියාත්මක වූ මල්ෂා තරුපති පාකිස්තාන අගපෙළ අංක හත, නවය සහ එකොළහ පිතිකරුවන් අඩුම සංඛ්‍යාවන්ට දවාලමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය ස්ථිර කළේය.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 9ට 293 – (සිනෙත් ජයවර්ධන 82, –  රුසඳ ගමගේ 66, පුළිඳු පෙරේරා 47, සරුජන් ෂන්මුගනාදන් 29, විෂාන් ද සිල්වා 23, දිනුර කළුපහන 17, උබයිඩ් ෂා 55/2, මොහමඩ් ඉබ්ටිසාම් 51/2, අරෆට් මින්හස් 57/2)

පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 32.3දී සියල්ල දැවී 128යි – (අරෆට් – මින්හස් 57, හරූන් අර්ෂාඩ් 17, ෂාමිල් හුසේන් 14, හම්ෂා නවාස් 13, විහස් තෙව්මික 12/3, මල්ෂා තරුපති 12/3, විශ්ව ළහිරු 29/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee