slc
logo
Home   |    News
දෙසැම්බර් 20, 2023
දසුන්ගේ පිත්තෙන් පිට පිට අර්ධ ශතක තුනක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ බිආර්සී පිටියේ පැවැති බීආර්සී හා එස්එස්සී අතර තරගයේදී දසුන් ශානක පන්දු 44කදී හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 76ක් ලබාගත් අතර, එය මෙම තරගවාරයේ පිට පිට දසුන් වාර්තා කළ තෙවැනි අර්ධ ශතකය වීම විශේෂත්වයකි.

මෙම තරගාවලියේ මෙයට පෙර පැවැති තරගවලදී දසුන් ශානක එන්සීසී පිලට එරෙහිව පන්දු 26කදී නොදැවී ලකුණු 53ක් හා කැන්ඩි කස්ටම් පිලට එරෙහිව පන්දු 35කදී නොදැවී ලකුණු 68ක් ලබා දස්කම් දැක්විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එස්එස්සී පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 272ක් ලැබූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බීආර්සී පිලේ සියලු දෙනා ලකුණු 173කට දැවී ගියහ.

එස්එස්සී සියලු දෙනා දැවී ලකුණු 272 (ඕවර් 49.3)
අවිශ්ක ප්‍රනාන්දු 40, ක්‍රිෂාන් සංජුල 25, කුසල් මෙන්ඩිස් 32, චරිත් අසලංක 39, නුවනිදු ප්‍රනාන්දු 20, දසුන් ශානක 76 ( මොහොමඩ් සිරාස් 52/3, දුෂාන් හේමන්ත 34/4, නිමන්ද සුබසිංහ 72/2)

බීආර්සී පිල සියලු දෙනා දැවී ලකුණු 173 (ඕවර් 33.1)
ලියෝ ෆ්‍රැන්සිස්කෝ 20, දුලාෂ් උදයංග 17, ලක්ෂාන් ගමගේ 28, නිමන්ද සුබසිංහ 31, මුවින් සුබසිංහ 28 ( ප්‍රභාත් ජයසූරිය 51/2, චරිත් අසලංක 44/4, කවිදු නදීෂාන් 32/2, කුසල් මෙන්ඩිස් 3/2)

මීගමුවට කඩුලු 3කින් ජය ලබයි

කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේදී පැවැති ගුවන් හමුදාව හා මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයේ ජය මීගමුව පිල හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියලු දෙනා දැවී ලකුණු 112 (ඕවර් 39.4)
චාමර ප්‍රනාන්දු 34, චානක රුවන්සිරි 21 (දිල්ෂාන් මුණවීර 24/3, ධනුෂ්ක සඳරුවන් 41/2, උපුල් ඉන්ද්‍රසිරි 16/4)

මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 116 (ඕවර් 31.2)
ඉරෝෂ් ප්‍රනාන්දු 19, මිලින්ද සිරිවර්ධන නොදැවී 49, අතිරේක 15 (ගයාන් ද සිල්වා 23/2, චානක රුවන්සිරි 12/2)

මුවර්ස්ට ඩක්වර්ත් – ලුවිස් ජයක්

මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති මුවර්ස් හා කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර තරගයෙන් මුවර්ස් පිලට ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදය යටතේ ලකුණු 24ක ජයක් හිමි විය. තරගයට වර්ෂාවෙන් බාධා එලක්ල වුණි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 171 (ඕවර් 43)
ශලින් ද මෙල් 16, ධනංජය ලක්ෂාන් 18, ඇන්ජලෝ මැතිව්ස් 72, මුදිත් ලක්ෂාන් 34 (රමේෂ් මෙන්ඩිස් 30/4, ඉම්තියාස් සොයිසා 20/3, ළහිරු සමරකෝන් 27/2)

මුවර්ස් පිල කඩුලු 3ක් දැවී ලකුණු 111 (ඕවර් 26.5)
මොහොමඩ් ෂමාස් 21, දිනුක දිල්ෂාන් 15, ෂොහාන් ද ලිවේරා 33, පසිදු සූරියබණ්ඩාර නොදැවී 31 ( අකිල ධනංජය 18/2)

බදුරලිය ලකුණු 27කින් ජය ලබයි

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති කැන්ඩි කස්ටම්ස් හා බදුරලිය ක්‍රීඩා සමාජ අතර තරගයේ ජය බදුරලිය පිලට හිමි විය. කාසියේ වාසිය දිනාගත් කැන්ඩි කස්ටම්ස් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළේය.

බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 9කට ලකුණු 238 (ඕවර් )
අලංකාර අසංක 16, රනේෂ් සිල්වා 62, ෆර්විස් රසූල් 21, ගිහාන් කෝරාළගේ 15, රොහාන් සංජය නොදැවී 52, අතිරේක 17 ( බුද්ධීක සංජීව 28/2, යොහාන් සුරේෂ් 44/3)

කැන්ඩි කස්ටම්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 111 (ඕවර් 23.2)
දේශාන් ඩයස් නොදැවී 28, බුද්ධික සංජීව 31 ( ෆර්විස් රසුල් 50/4, අලංකාර අසංක 36/3, රැචිර කොෂිත 13/3)

ඒස් කැපිටල් පිලට කඩුලු 7ක ජයක්

බ්ලුම්ෆීල්ඩ් පිටියේ පැවැති හලාවත මේරියන්ස් – ඒස් කැපිටල් අතර තරගයෙන්
ඒස් කැපිටල් පිලට කඩුලු 7ක ජයක් අත්විය.

හලාවත මේරියන්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 114 (ඕවර් 21.4)
ලසිත් ලක්ෂාන් 15, චමෝද් සඳරු 31, තීක්ෂිල ද සිල්වා 17 ( සිතුම් දිසානායක 29/3, වනුජ සහන් 29/2, රොෂාන් ජයතිස්ස 20/3)

ඒස් කැපිටල් පිල කඩුලු 3කට ලකුණු 116 (ඕවර් 15.1)
තනුක දාබරේ 20, පවන්ත වීරසිංහ නොදැවී 42, රවිඳු රත්නායක 40 (ලසිත් ලක්ෂාන් 38/2)

ගාල්ල – ටැමිල් යූනියන් තරගය තීරණයක් නෑ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල ක්‍රිකට් සමාජය හා ටැමිල් යූනියන් අතර තරගය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් විය.

ගාල්ල ක්‍රිකඩ් සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 291 (ඕවර් 50)
ඔෂධ ප්‍රනාන්දු 32, ඉරෝෂ් සමරසූරිය 128, ෂලිත් ප්‍රනාන්දු නොදැවී 101, අතිරේක 14 ( දිලුම් සුධීර 45/2, ප්‍රෙමා්ද් මධුෂාන් 60/2, කවිදු පතිරත්න 48/2)

ටැමිල් යූනියන් පිල කඩුල්ලක් දැවී ලකුණු 57 (ඕවර් 12.1)
සිතාර හපුහින්න 29, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 19

යුද හමුදා – බ්ලුම්ෆීල්ඩ් තරගයට වැස්සෙන් බාධා

හොරණ යුද හමුදා බලකා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා යුද හමුදාව හා බ්ලුම්ෆීල්ඩ් අතර තරගය වර්ෂාව හේත්වෙන් විසදුමකින් තොරව නිමාවට පත්විය.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 7කට ලකුණු 246 (ඕවර් 50)
ෂෙහාන් ප්‍රනාන්දු 50, අශාන් රන්දික 27, ලක්ෂාන් එදිරිසිංහ 59, අසේල ගුණරත්න 18, තිසර පෙරේරා 39, සුමින්ද ලක්ෂාන් 27, අතිරේක 27 ( ළහිරු මධුසංඛ 47/2, අසිත වන්නිනායක 23/3 )

බ්ලුම්ෆීල්ඩ් පිල කිසිවෙකු නොදැවී ලකුණු 59 (ඕවර් 12)
සදුන් වීරක්කොඩි නොදැවී 35, හසිත බෝයගොඩ නොදැවි 22

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee