slc
logo
Home   |    News
දෙසැම්බර් 26, 2023
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටිකට් දැන් ඔන්ලයින් ක්‍රමයට විවෘතයි

Sri Lanka Cricket

සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලි ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට දැන් හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින් ක්‍රමයට) ප්‍රවේශ පත්‍ර ඊයේ (25) සිට මිල දී ගැනීමට www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාකර දී තිබේ.

එමෙන්ම තරග පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විද්‍යා මාවතේ කවුන්ටරයෙන් ලබන ජනවාරි 4 වැනි දා සිට  ප්‍රවේශ පත්‍ර මිල දී ගත හැක.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි 20 තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි මස 6 වැනිදා සිට 11 වැනිදා දක්වා හා තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය ජනවාරි 14 වැනිදා සිට 18 දක්වා පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. මෙම සියලුම තරග දිවා – රාත්‍රී තරග ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ජනවාරි 6 පළමු එක්දින තරගය, ජනවාරි 8 දෙවැනි එක්දින තරගය, ජනවාරි 11 තෙවැනි එක්දින තරගය, ජනවාරි 14 පළමු විස්සයි 20 තරගය, ජනවාරි 16 දෙවැනි විස්සයි 20 තරගය හා ජනවාරි 18 තෙවැනි විස්සයි 20 තරගය පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

ප්‍රවේශ පත්‍රවල මිල ගණන් වන්නේ Grand Stand ප්‍රවේශ පත්‍රයක් රුපියල් 5000ක්, A-B Upper ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1500ක්, A-B Lower ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1000ක්, C-D Upper ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් හා C-D Lower ප්‍රවේශ පත්‍රයක් රුපියල් 200ක් වේ. එයට අමතරව වායුසමනය කරන ලද AC Box (Group Package with 16 Seats) ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000 බැගින් මිළදී ගෙන සමූහ වශයෙන් තරග නැරැඹීමේ අවස්ථාව සලසා ඇත.

 

Active filters

Recent Posts

  • ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
  • එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
  • කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි
    ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]
  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee