ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති නාවික හමුදාව සහ ඒස් කැපිටල් අතර තරගයේදී නාවික හමුදාවේ සත්‍යා සංදීපනී (නොදැවී 156) සහ හංසිමා කරුණාරත්න (118) ශතක රැස් කිරීමට සමත් වූහ.
මේ තරගයෙන් නාවික හමුදාව ජය ගත්තේ ලකුණු 340ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකිනි.
තුන් ඉරියව්වේම දස්කම් පෑ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක වන සත්‍යා සංදීපනී පන්දු 140කදී හතරේ 17ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 156ක් රැස් කර පසුව ලකුණු 15කට කඩුලු තුනක් ද බිඳ දැමුවාය. හංසිමා කරුණාරත්න පන්දු 89කදී හතරේ 15ක් සහ හයේ තුනක් සමඟ ලකුණු 118ක් ලබා සිටියදී තම පන්දුවට පහරදීමේ වාරය නතර කළාය.
අද (29) පැවැති තරග අතුරින් කුරුණෑගල යූත්, ගුවන් හමුදාව, යුද හමුදාව, පාණදුර, චිලව් මේරියන්ස්, කෝල්ට්ස් සහ නාවික හමුදාව ජයග්‍රහණ අත්කර ගත්හ.
-
· කුරුණෑගල යූත් – ටැමිල් යුනියන් (ටැමිල් යුනියන් කඩුලු 10කින් ජය ගනී)
කුරුණෑගල යූත් පන්දුවාර 17.3කදී සියල්ල දැවී 21යි – (සනුද්‍රි ගුණරත්න 08, නෙත්මි උපේක්ෂා 06, නිලුකා කරුණාරත්න 10/6, සුරංගිකා පෙරේරා 11/4)
ටැමිල් යුනියන් පන්දුවාර 2.4කදී කිසිවකු නොදැවී 22යි – (ශ්‍යානි සේනාරත්න නොදැවී 13, යශෝධා මෙන්ඩිස් නොදැවී 08)
-
· බී.ආර්.සී. – ගුවන් හමුදාව (ගුවන් හමුදාව කඩුලු හතකින් ජය ගනී)
බී.ආර්.සී. පන්දුවාර 38.5කදී සියල්ල දැවී 29යි – (අවිශ්කා සෙව්වන්දි 08, නෙත්මි නිමාෂා 05, තාරුකා ෂෙහානි 7/3, ඉනෝෂි ප්‍රනාන්දු 3/2යි)
ගුවන් හමුදාව පන්දුවාර 5.3කදී කඩුලු 3ට 31යි – (කේ.සුරන්ති 08, හිරුෂි පීරිස් නොදැවී 07, ඕෂදී රණසිංහ නොදැවී 08, මල්ෂා ෂෙහානි 06, ශෂී පෙරේරා 10/3යි)
-
· යුද හමුදාව – බදුරලිය (යුද හමුදාව ලකුණු 43කින් ජය ගනී)
යුද හමුදාව පන්දුවාර 27කදී සියල්ල දැවී 75යි – (රෝෂිණී පෙරේරා 15, ඉමල්කා මෙන්ඩිස් 13, අචිනි කුලසූරිය 12, නිලක්ෂි ද සිල්වා 09, සුගන්ධිකා කුමාරි 08, ජනාදි අනාලි 15/4, ගයාෂා ටෂ්මිලා 10/2යි)
බදුරලිය පන්දුවාර 26.2කදී සියල්ල දැවී 32යි – (හෂිනි ඉන්ද්‍රජිත් 12, මලිති තරුඳි 06, සුගන්ධිකා කුමාරි 9/5, අචිනි කුලසූරිය 7/2, නිමේෂා මධුෂානි 7/2)
-
· පාණදුර – එස්.එස්.සී. (පාණදුර ලකුණු 101කින් ජය ගනී)
පාණදුර පන්දුවාර 45.4කදී සියල්ල දැවී 215යි – (අමාදි කාවින්ද්‍යා 50, සාවින්දි කුරේ 33, රශ්මිකා සෙව්වන්දි 42, චේතනා විමුක්ති 15, රංගිකා ප්‍රනාන්දු 39/4, අසෙනි තලගුණේ 35/3යි)
එස්.එස්.සී. පන්දුවාර 35.4කදී සියල්ල දැවී 114යි – (හෂිනි විජේසිංහ 39, රුවිනි නන්දසේන 12, චේතනා විමුක්ති 22/6)
-
· චිලව් මේරියන්ස් – සී.සී.සී. (චිලව් මේරියන්ස් ලකුණු 117කින් ජය ගනී)
චිලව් මේරියන්ස් පන්දුවාර 49.5කදී සියල්ල දැවී 194යි – (මනුදි නානායක්කාර 86, ඉමේෂා දුලානි 45, කවීෂා දිල්හාරි 29, චතුරාණි ගුණවර්ධන 32/4)
සී.සී.සී. පන්දුවාර 36කදී සියල්ල දැවී 77යි – (චතුරාණි ගුණවර්ධන 19, නෙත්මි ගුණරත්න 11, උෂානි වික්‍රමාරච්චි 11, දෙව්මි විජේරත්න 26/3)
-
· කෝල්ට්ස් – එන්.සී.සී. (කෝල්ට්ස් ලකුණු 93කින් ජය ගනී)
කෝල්ට්ස් පන්දුවාර 50කදී කඩුලු 8ට 217යි – (උදයංගනී ද සිල්වා 68, සාක්‍යා මෙන්ඩිස් 29, දුලංගා දිසානායක 23, හසාරා විජේරත්න 21, නිශාන්ති පත්මචන්ද්‍ර 26/2, ඉසිනි උමයංගනා 34/2)
එන්.සී.සී. පන්දුවාර 46.4කදී 124යි – (දර්ශනී ධර්මසිරි 44, හර්ෂණී විජේරත්න 25, දිලුෂා හිඳගොඩ 12, නෙත්මි සංජානා 19/3, දුලංගා දිසානායක 23/4)
-
· නාවික හමුදාව – ඒස් කැපිටල් (නාවික හමුදාව ලකුණු 340කින් ජය ගනී)
නාවික හමුදාව පන්දුවාර 50දී කඩුලු 5ට 372යි – (සත්‍යා සංදීපනී නොදැවී 156, හංසිමා කරුණාරත්න 118, නිලක්ෂනා සඳමාලි නොදැවී 20, ප්‍රසාදිනී වීරක්කොඩි 24, හර්ෂිතා සමරවික්‍රම 18, නිමසරා දිසානායක 54/1)
ඒස් කැපිටල් පන්දුවාර 20.4කදී 32යි – (සීමා අත්තනගොඩ 08, ෂෙහාරා රෝෂිණී 07, ඉනෝකා රණවීර 16/5, සත්‍යා සංදීපනී 15/3යි)