slc
logo
Home   |    News
ජනවාරි 4, 2024
අප සාර්ථකවීමට නම් පන්දුවට පහරදීම සහ පන්දු රැකීම ඉක්මනින් සකසාගත යුතුයි – නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග කියයි

Sri Lanka Cricket

ලංකා කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවන් සිව්දෙනා ලකුණු අතරට පිවිසෙන අවස්ථාවන්හි ඒවා විශාල ලකුණු ප්‍රමාණයන් බවට පරිවර්තනය කර ගැනීමට අසමත්වීම සහ පන්දු රකින්නන් පන්දු රැකීමේදී දැක් වූ දුර්වලතා ලංකා කණ්ඩායම මෑත කාලයේදී දැක් වූ පසුබැසීම් ප්‍රධාන හේතූන් වූ බව තේරීම් කමිටු නව සභාපති උපුල් තරංග ප්‍රකාශ ¬කරයි.

එක්දින, විස්සයි 20 සහ ටෙස්ට් කණ්ඩායම් තුනම එක් නායකයකු යටතේ ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ නම් වඩා යෝග්‍ය වුවත් මේ කණ්ඩායම් තුනම ශක්තිමත් තත්ත්වයකට පත්වන තෙක් නව නායකයන් තිදෙනකු කණ්ඩායම් මෙහෙයවීමට නම් කළ බව ද උපුල් තරංග තේරීම් කමිටු සභාපති ලෙස සිය ප්‍රථම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඒ අනුව කුසල් මෙන්ඩිස් එක්දින කණ්ඩායමෙත්, වනිඳු හසරංග විස්සයි 20 කණ්ඩායමෙත්, ධනංජය ද සිල්වා ටෙස්ට් කණ්ඩායමෙත් කටයුතු කරනු ඇත.

අනාගතයේදී  අප වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ලංකා කණ්ඩායම් සමඟ ඉදිරියට යාමට අපේක්ෂාවෙන් පසුවනවා. ආබාධ තත්ත්වයෙන් මිදෙමින් සිටින වනිඳු මේ දිනවල මේජර් එක්දින තරගාවලිය නියෝජනය කරමින් සිටින අතර අපගේ අපේක්ෂාව තෙවන එක්දින තරගයට ඔහුව සහභාගි කරවීමයි. එක්දින කණ්ඩායම නැවත ගොඩනැඟීම කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් සිම්බාබ්වේ සංචාරයේදී මේ දිනවල සිදුවනු බව ද උපුල් තරංග පවසයි.

හය වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලියට ධනංජය ද සිල්වා නම් නොකළේ ඔහු දැනට පන්දුවට පහරදෙන අංක හය සහ හත ස්ථානයන් ඔහුට උචිත නොවන ස්ථාන බව සඳහන් කරන තේරීම් කමිටු සභාපතිවරයා එහෙත් ධනංජය ද සිල්වා අංක 3 හෝ අංක 4 ස්ථානයන්හි පන්දුවට පහරදීමට සමත් වන්නේ නම් නැවත ඔහුට එක්දින කණ්ඩායමට ද එක් විය හැකි බව ද පවසයි.

ක්‍රීඩකයනට පළපුරුද්ද වටිනාම අංගයක්. ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස් සහ චන්දිමාල් වැනි පළපුරුදු ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ අත්දැකීම් ඇති ක්‍රීඩකයන් දක්ෂතා අතර සිටින්නේ නම් කණ්ඩායම නියෝජනය කිරීම ඔවුනට කිසිම බාධාවක් නොමැති බව පවසන තරංග ඉදිරියේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් (ජාතික සුපර් ලීග්)  අන්තර් සමාජ තරගාවලියන්හි දක්ෂතා දක්වන ක්‍රීඩකයනට ජාතික කණ්ඩායම්හි දොරටු විවෘත වනු ඇතැයි ද පවසයි.

“ඉතාමත් ශක්තිමත් දෙවන පෙළක් සකසා ගැනීම අපගේ තවත් ප්‍රධාන අදහසකි. මේ සියල්ලටම ක්‍රීඩකයනගේ ශාරීරික යෝග්‍යතා ඉතා වැදගත්. ක්‍රිකට් ආයතනයේ අධි තාක්ෂණ කේන්ද්‍රය (High Performance Center) උපයෝගී කර ගනිමින් ක්‍රීඩකයනට තම ශාරීරික යෝග්‍යතා සහ දක්ෂතා දියුණු කර ගැනීමට අවස්ථා විවෘතව පවතිනවා.“

“අපගේ ඉලක්කයන් වන්නේ තව මාස හයකින් එළැඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සහ මීළඟ එක්දින ලෝක කුසලාන තරගාවලියට (2027) දක්ෂතම කණ්ඩායම් ඉදිරිපත් කිරීමයි. තරුණ දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම අප සතුව සිටිනවා. ඉදිරි දේශීය තරගාවලියන්හිදී දක්ෂතා පෙන්වා ඔවුනට ජාතික සංචිතයන්ට ඇතුළුවීමට අවකාශ උදාවේවි.

භානුක රාජපක්ෂ සහ දුෂාන් හේමන්ත වැනි ක්‍රීඩකයන් පිළිබඳව අදහස් දැක් වූ උපුල් තරංග භානුක රාජපක්ෂ පසුගිය ආසියානු කුසලානයට පෙර පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් අවසාන තරගයේදී පෙන් වූ විශිෂ්ට දස්කම්  මත අපට ආසියානු කුසලානය දිනා ගැනීමට අවස්ථාව උදා වූ බවත් ශාරීරික යෝග්‍යතා සකස් කර අධි තාක්ෂණ කේන්ද්‍රයේ සහයෙන් ඔහුට නැවත ජාතික සංචිතයට ඇතුළු විය හැකි බවත් කීය.

දක්ෂ තරුණ ක්‍රීඩකයකු වන දුෂාන් හේමන්තට ද ඉදිරියේ පවතින ‘ඒ ‘ කණ්ඩායම සහ එමර්ජින් කණ්ඩායම නියෝජනය කර ජාතික සංචිතයට ඇතුළු විය හැකි බව ද ඔහු පැවසීය.

උසස් මට්ටමේ තණතිලි අනාගතයේ‍දී සකස් කිරීම පිළිබඳව අදහස් දැක් වූ තේරීම් කමිටු සභාපතිවරයා ප්‍රවීණ තණතිලි සකසකරන්නන් පස් දෙනකු පත්කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීම ද ඇතුළුව උසස්ම තණතිලි ක්‍රීඩකයනට ලබාදීමට ඉදිරියේ අපේක්ෂා කරන බව ද කීය.

දස්කම් ඇති තරුණ සහ පළපුරුද්ද සහ අත්දැකීම් ඇති ප්‍රවීණ ක්‍රීඩකයනට ද ඉදිරියේදී නැෂනල් සුපර් ලීග් සහ වෙනත් දේශීය තරගාවලියන්හි දස්කම් පෙන්වා ජාතික සංචිතයට ඇතුළු වීමට අවස්ථාව සළසන බව පවසන තේරීම් කමිටු සභාපතිවරයා තමාගේ කමිටුව කිසිදු අවස්ථාවක පක්ෂග්‍රාහී නොවන බව ද කියයි.

තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන අජන්ත මෙන්ඩිස්, ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන සහ දිල්රුවන් පෙරේරා ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee