slc
logo
Home   |    News
ජනවාරි 16, 2024
එක්දින ක්‍රිකට් ශූරතාව සමඟ රුපියල් මිලියනය එස්එස්සී පිලට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් මිලියනයක මුදල් ත්‍යාගය එස්එස්සී පිල දිනා ගත්තේය. කොළඹ එස්එස්සී පිටියේ අද (16) පැවැති අවසන් මහා තරගයේදී එස්එස්සී පිල ලකුණු 71කින් සෙබස්තියනයිට්ස් පිල පරාජයට පත් කළේය. එබැවින් රුපියල්  750000ක මුදල් ත්‍යාගය හා අනුශූරතා කුසලානය සෙබස්තියනයිට්ස් පිලට ප්‍රදානය කෙරුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වෙල හා ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චිංතක එදිරිමාන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අවසන් තරගයේ වීරයා සම්මානය හා මුදලින් රුපියල් ලක්ෂයක ත්‍යාගය එස්එස්සී පිල වෙනුවෙන් ලකුණු 84ක් ලැබූ ක්‍රිෂාන් සංජුල දිනා ගත්තේය.

මෙවර අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 268ක් හා කඩුලු 12ක් බිදහෙලූ සෙබස්තියනයිට්සි පිලේ දුෂාන් විමුක්ති තරගාවලියේ වීරයා සම්මානය හා මුදලින් රුපියල් 250000ක් හිමිකර ගත්තේය. එමෙන්ම තරගාවලියේ හොදම පිතිකරුට හිමි සම්මානය හා මුදලින් රුපියල් 150000ක් ගාල්ල ක්‍රිකට් සමාජයේ ඉරෝෂ් සමරසූරිය ( ලකුණු 434 : සාමාන්‍ය 60.14) හා තරගාවලියේ හොදම පන්දු යවන්නාට හිමි සම්මානය හා මුදලින් රුපියල් 150000ක් බීආර්සී පිලේ මොවින් සුබසිංහ (කඩුලු 23 : සාමාන්‍ය 15.00) දිනා ගත්හ.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් එස්එස්සී ක්‍රිකට් නායක අවිශ්ක ගුණතිලක මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ හෙයින් ඕවර් 50කදී කඩුලු 8කට ලකුණු 201ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෙබස්තියනයිට්ස් පිල සියලු දෙනා ලකුණු 130කට දවැ ගැනීමට එස්එස්සී පන්දු යවන්නෝ සමත් වූහ.

සෙබස්තියනයිට්ස් පිල අමාරුවේ දැමූ එස්එස්සී පිලේ ප්‍රභාත් ජයසුරිය කඩුලු 3ක් හා අද දින පළමු පෙළ එක්දින වරම් දිනාගත් 21 හැවිරිදි ගිෂාන් බාලසූරිය කඩුලු 2ක්, නුවනිඳු ප්‍රනාන්දු කඩුලු 2ක් බැගින් බිඳහෙලා ගත්හ. සෙබස්තියනයිට්ස් පළමු කඩුලු තුන ලකුණු 12ක් වෙද්දී දවා ගැනීමට ධනුෂ්ක ගුණතිලක හා ප්‍රභාත් ජයසූරිය සමත්වීමෙන් ඔවුහූ අසීරුතාවට පත්විය. ඉසිවර දිසානායක ලකුණු 19ක් ලබාගත් අතර, තෙවිඳු සේනාරත්න ආබාධ තත්ත්වයක් හේතුවෙන් ලකුණු 15ක් ලබා සිටියදී පිටියෙන් ඉවතට ගියේය. සටන්කාමී ලෙස පිත්ත හැසරවූ චාමිකර එදිරිසිංහ 37 අවසන් කඩුල්ල ලෙස ක්‍රීඩාගාරයට ගියේය.

ජයග්‍රාහී එස්එස්සී පිලේ මුල් කඩුලු 2 ලකුණු 46කට බිඳ වැටී තිබියදී පිටියේ එක් වූ ක්‍රිෂාන් සංජුල තෙවැනි කඩුල්ලට ෂෙවෝන් ඩැනියෙල් සමඟ එක්ව ලකුණු 46ක සබඳතාවක් ගොඩනඟා සිටියදී ඩැනියෙල් ලකුණු 35කට දැවීගිය අතර, තවත් ලකුණු 2ක් ලකුණු පුවරුවට එක්වෙද්දී නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 2කට දවා ගැනීමට චාමිකර එදිරිසිංහ සමත් වුවේය. ඒ සමඟම එස්එස්සී පිලේ කඩුලු 3ක් ලකුණු 27ක් තුල දැවී යද්දී ක්‍රිෂාන් සංජුල හා චමිඳු වික්‍රමසිංහ 7 වැනි කඩුල්ලට ලකුණු 68ක් එක් කළ අතර, ක්‍රිෂාන් සංජුල ඉනිම නිමාවීමට තවත් පන්දු 10ක් පමණ තිබියදී  ලකුණු වේගය වැඩි කිරීමට ගොස් ලකුණු 84කට දැවී ගියේය. 

ක්‍රිෂාන් සංජුල පන්දු 125කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් මෙම ලකුණු ගණනට අන්තර්ගත කළේය. එස්එස්සී ඉනිම නිමා වෙද්දී චමිඳු වික්‍රමසිංහ දැවැන්ත හයේ පහරක් හා හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුවේය.

මෙම තරගාවලියට ‘ඒ‘ හා ‘බී‘ කාණ්ඩ ලෙස ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩා සමාජ 22ක් එක්ව සිටි අතර, මූලික වටය ලීග් ක්‍රමයට පැවැත්වුණි. එයින් මුල් තැන ගත් ක්‍රීඩා සමාජ 4 අතරේ අවසන් පූර්ව වටය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබිණි. එහිදී සෙබස්තියනයිට්ස් හා බඳුරලිය ක්‍රීඩා සමාජ අතර පළමු අවසන් පූර්ව තරගයෙන් සෙබස්තියනයිට්ස් පිල කඩුලු 10ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි අවසන් පුර්ව තරගයේදී එස්එස්සී පිල කඩුලු 6කින් කෝල්ට්ස් පිල පරාජය කොට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

එස්එස්සී පිල කඩුලු 8ක් දැවී ලකුණු 201 (ඕවර් 50)

ධනුෂ්ක ගුණතිලක 23, ධෙවෝන් ඩැනියෙල් 35, ක්‍රිෂාන් සංජුල 84, රනිඳු සෝමරත්න 10, චමිඳු වික්‍රමසිංහ නොදැවී 36 ( ඉසිත වජේසුන්දර 39/2, දුසාන් විමුක්ති 39/2, තරිඳු රත්නායක 30/1, චාමිකර එදිරිසිංහ 40/2, ප්‍රමෝද් මධුවන්ත 28/1)

සෙබස්තියනයිට්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 130 (ඕවර් 42)

ඉසිවර දිසානායක 19, තෙවිඳු සේනාරත්න 16,  ප්‍රමෝද් මධුවන්ත 21, චාමිකර එදිරිසිංහ 37, තරිඳු රත්නායක 10, ඉසිත වජේසුන්දර 17 (ප්‍රභාත් ජයසූරිය 25/3, නිසල තාරක 14/1, ධනුෂ්ක ගුණතිලක 32/1, ගිෂාන් බාලසූරිය 21/2, නුවනිඳු ප්‍රනාන්දු 31/2)

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

USD United States (US) dollar