slc
logo
Home   |    News
ජනවාරි 10, 2024
පාසල් 22කට සහ දිසා සංගම් හතරකට නොමිලේ පන්දු යැවීමේ උපකරණ ප්‍රදානය කරයි

Sri Lanka Cricket

පාසල් 22කට සහ දිස්ත්‍රික්ක හතරකට රුපියල් මිලියන 1.3 බැගින් වටිනා පන්දු යැවීමේ උපකරණ (Bowling Machine) 26ක් බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (09) සිදු කැරිණි.

රුපියල් මිලියන 33.8ක වටිනාකමකින් යුත් මේ පන්දු යැවීමේ උපකරණ බාලක පාසල් 21කටත් බාලිකා පාසලකටත් (ගම්පහ රත්නාවලී) මාතර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලටත් බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේත් පාසල් විදුහල්පති, විදුහල්පතිනියන්ගේ සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් මුලස්ථානයේදී සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සිදු කැරිණි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීමෙන් වසර පහකට වරක් සිදු කරන මෙම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීම 2018 වසරේදී යන්ත්‍ර 18ක් බෙදා දීමෙන් මුලින්ම සිදු කැරිණි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයේ ඉල්ලීම පරිදි මේ උපකරණ ක්‍රිකට් ආයතනය මඟින් අදාළ පාසල්වලට සහ දිස්ත්‍රික්කවලට නොමිලේ සපයනු ලබයි.

ක්‍රිකට් උපකරණ බෙදා දීම ක්‍රිකට් ආයතනයේ සභාපති ෂමිමි සිල්වා, උපසභාපති ජයන්ත ධර්මදාස, ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් අතින් සිදු කැරිණි.

පන්දු යැවීමේ උපකරණ මෙවර (2024) හිමි වූ පාසල් වුයේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ රාජකීය, ඩී.එස්.සේනානායක, ලුම්බිණි, මොරටු විදුහල සහ පන්නිපිටිය ධර්මපාලත් ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන ද මැසිනඩ්, වත්තල සාන්ත අන්තෝනි, කැලණිය ගුරුකුල, වෙන්නප්පුව ජෝශප් වාස් සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන්, ගම්පහ රත්නාවලී බාලිකා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මලියදේව, සාන්ත ආනා, මහනුවර දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි, ධර්මරාජ, ශාන්ත සිල්වෙස්තර, මාතර සාන්ත තෝමස්, රත්ගම දේව පතිරාජ, අම්බලන්ගොඩ ධර්මාශෝක, ගාල්ල සාන්ත ඇලෝසියස් සහ කළුතර හෝලික්‍රොස් (සිරිකුරුස) ය.

මීට අමතරව මාතර, රත්නපුර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සංගම්වලට දිසා මට්ටමෙන් මේ උපකරණ ලබා දෙන ලදී.

ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා මෙහිදී උත්සව සභාව අමතමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පුහුණුකරුවනට සේවය සඳහා මුදල් ලබාදීමටත් පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගණයන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමටත් විධායක කමිටුව නොබෝදා තීරණය කළ බව ප්‍රකාශ කළේය.

පාසල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අප ආයතනය ගම්මට්ටමෙන් පියවර ගෙන නොමැති බව ඇතැමුන් බොරු චෝදනා නගන බව කී ෂම්මි සිල්වා මහතා පාසල් විශාල සංඛ්‍යාවකට ක්‍රිකට් උපකරණ ගැනීමටත් ක්‍රීඩාංගණ පහසුකම් ලබා ගැනීමටත් ආයතනය මේ වන විටත් පියවර රැසක්ම ගෙන ඇතැයි ද තවත් පාසල්වලට පහසුකම් අවශ්‍ය නම් ඒ සඳහා සාකච්ඡා කිරීමටත් උපකරණ ආදිය නොමිලේ ලබාදීමටත් සූදානම් බව ද කීය.

මීළඟ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සියල්ල සැළසුම් කර තිබියදී දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් එය වැළකී ගිය බවත් එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත් වුවා නම් මිලියන තිහක ආදායමක් මෙරටට ලැබීමට නියමිතව තිබු අතර රටට එය නොලැබීයාමේ වගකීම එම දේශපාලනඥයා භාරගත යුතුව ඇතැයි ද කීය.

බාලිකා ක්‍රිකට් ක්‍රීඩාව ද මේ වන විට ඉමහත් ජනප්‍රිය තත්ත්වයකට පත්ව ඇතැයි කී ක්‍රිකට් සභාපතිවරයා රත්ගම දේවපතිරාජ වැනි පාසල් මේ වන විට ඉහළම මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන බව ද කීය.

පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා අදහස් දක්වමින් තම සංගමයට 2018 වසරේ සිට මේ දක්වා ක්‍රිකට් ආයතනයෙන් අනුග්‍රහයෙන් පන්දු යැවීමේ උපකරණ 40ක් (2018දී 18 2024දී 22යි) නොමිලේ සැපයීමටත් වෙනත් පහසුකම් රැසක්ම ලබාදීමටත් අවස්ථාව උදා වු බව කීවේය.

2020 -21 වසරේ ව්‍යාපෘති ඉටු කිරීමට නොහැකි අවස්ථාවකදී පාසල් ක්‍රිකට් සංගමය අවුුරුදු 13න් පහළ තරගාවලිය හැර අන් සියලු වයස් සීමා තරගාවලි පැවැත් වූ බව කී පාසල් ක්‍රිකට් සභාපතිවරයා බාලක පාසල් 800 සිට 875 දක්වාත් බාලිකා පාසල් 28 සිට 90 දක්වාත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට යොමුව ඇතැයි ද ඔවුන් සියල්ලටම තම සංගමය පහසුකම් සපයන බව ද කීය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

USD United States (US) dollar