slc
logo
Home   |    News
ජනවාරි 16, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති තැනට අපි සියලු දෙනා වගකිව යුතුයි – මැතිව්ස්

Sri Lanka Cricket

“ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් වැටී ඇති තැනට අපි සියලු දෙනා වගකිව යුතුයි. ඒක එක් පාර්ශවයක් පැත්තට එල්ල කරන එක වැරදියි. තමන්ගේ යටි අරමුණු නැත්නම් තමන් කණ්ඩායම වෙනුවෙන් හා කණ්ඩායමේ දියුණුව වෙනුවෙන් වැඩ කරනවා නම්, එය තේරීම් කමිටු සාමාජිකයෙකු හෝ වේවා ක්‍රීඩකයෙකු හෝ වේවා සාර්ථක ගමනක් වෙනවා. අපේ කෙටි කාලීන ඉලක්කය වන්නේ විස්සයි 20 ලෝක කුසලානයයි. දැන් ගිය දේ ගියා. ගොඩ එන්නේ කොහොමද කියා සැලසුම් කළ යුතුයි. අපේ නැතිව ගිය අභිමානය නැවැත ගෙන එන්නේ කොහොමද කියන එකයි දැන් වැදගත් වන්නේ“ ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඊයේ (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.

වසර 3කට පසු ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, පන්දු 38කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 46ක් ලබා ගැනීමට සමත් විය.

“ අපිට තියෙන හොදම තරගාවලිය ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියයි. ඒ අන්තිම තරගාවලි දෙකේදීම පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වීමට මට හැකියාව ලැබුණා. නමුත් අවාසනාවකට ලෝක කුසලාන තරගාවලි දෙකටම මාව තෝරා ගත්තේ නෑ. ඒකට හේතුවක් මට කියලා තිබුණෙත් නෑ. සමහර දෙනා පෞද්ගලික න්‍යාය පත්‍ර එක්ක තීරණ ගත්තොත් මෙහෙම දේවල් වෙනවා. චැම්පියන් ලීග් තරගාවලියත් අහිමි වුණා. අවුරුදු 2ක් තිබුණා ඒක සැලසුම් කරන්න. කොරෝනා හෝ වෙනත් දෙයක් නිසා නිදහසට කරුණු කියන්න බෑ. අනෙක් කණ්ඩායම් වගේ තරග 24ක් අපි ක්‍රීඩා කළා. දැන් මෙතැන ඉදන් ඉදිරියට බලන්න තියෙන්නේ. මා හැම වේලාවෙම හිතන දෙයක් තමයි හිතට එකඟව ක්‍රීඩා කරනවා නම් පුහුණු වෙනවා නම් අපට දක්ෂතා දක්වන්න වාතාවරණයක් හදා ගන්න පුලුවන්. ඉදිරියේදීත් මගේ උපරිමය මා යොදනවා. මොකද මට තව ටික කාලයක් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා“ මැතිව්ස් පැවැසීය.

“සිම්බාබ්වේ සමඟ තරගයේදී දසුන් සමඟ කතා කළේ අපි දෙන්නාගෙන් කෙනෙක් අවුට් වුනොත් තරගය ජය ගන්න අමාරු වෙනවා. ඕවර් 16ක් 17ක් වෙද්දී ඕවරයකට ලකුණු 10ක් වගේ පරතරයකින් තියාගෙන යමු කියලා කතා වුණා. එයට වැඩි වුනොත් අවසන් ඕවර් දෙකේ අල්ලගන්න අමාරු වෙනවා. දසුන් හොදින් ක්‍රීඩා කළා. ඒ වගේම වටිනාම ඉනිම දුෂ්මන්ත චමීර අවසානයේ ඇවිත් ක්‍රීඩා කළා. අපි කරපු ඔක්කොම දේවල්වලින් වැඩක් වුණේ දුෂ්මන්ත ගත්ත ලකුණු 6 නිසා. ඒ වගේම සිම්බාබ්වේ පිල ඉතා හොදින් ක්‍රීඩා කළා. සිකන්ද රාසා පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූවා. ඒවගේම වේග පන්දු යවන්නන් දෙදෙනාම හොදින් පන්දු යැව්වා. තණතිල්ල ටිකක් මන්දගාමී වුණා. ඒ නිසා දඟ පන්දු යවන්නන්ට ලෙහෙසියෙන් ගහන්න බෑ. විකට් නොදී ප්‍රහාර එල්ල කිරීමේ අභියෝගය අපට තිබුණා. නමුත් අවසානයේ අපට හොද ප්‍රතිළුලයක් ගන්න පුලුවන් වුණා“

“ මේ නව තේරීම් කමිටුවට පෞද්ගලික න්‍යාය පත්‍ර නෑ. ඔවුන් සියලු දෙනා සමඟ කතා කරලා තීරණ ගන්නවා. ඒ සන්නිවේදනය හොදයි. මෑතකදී ක්‍රීඩා කළ අයත් ඉන්නවා. ක්‍රීඩකයෝ ගැනත් දන්නවා. ඒ වගේ වෙන්න ඕනේ. අපි කවුරුත් එක විදිහට හිතාගෙන යන්න හොද නෑ. නිතරම ඇහුම්කම් දිය යුතුයි. නායකයෝ දෙන්නයි නව තේරීම් කමිටුවයි හොදින් කරනවා. සනත් අයියා ඛෙත්තාරාමයේ බැහැලා වැඩ කරනවා ඉස්සර වගේම. නව බලාපොරොත්තුවක් තියෙනවා. උත්සහය තමයි වැදගත්. බය නැතිව ක්‍රීඩා කරන්න හොද වාතාවරණයක් අවශ්‍යයි. බය කියනදේ ආවොත් හොදට ක්‍රීඩා කරන්න බෑ. ඒ වගේම කණ්ඩායම තුල හොද වාතාවරණයක් තියෙන්න ඕනේ ක්‍රීඩකයින්ට හොදින් ක්‍රීඩා කරන්න. ඒ දේවල් තමයි ජ්‍යෙෂ්ඨයින් හැටියට අපි කළ යුත්තේ“ මැතිව්ස් පැවැසීය.

“ලෝක කුසලානයක් යද්දී පරිනත ක්‍රීඩකයින් ඉන්න ඕනේ. අපිට කරන්න පුළුවන් උපරිම දේ කරන්න. ක්‍රීඩා කරද්දී තමයි අපි පරිනත වෙන්නේ. ඊළඟ තරගයේදී වැරදි නොකර ඉන්න. ඒ අත්දැකීම් ලැබෙන්නේ තරග ක්‍රීඩා කරන එකේදී තමයි. හොද සමබරතාවකින් ක්‍රීඩා කරනකොට අපේ අත්දැකීම් බෙදා ගන්න පුළුවන. ඒ වගේම කණ්ඩායමේ රැදී සිටින්න නම් හොදින් ක්‍රීඩා කළ යුතුයි“ මැතිව්ස් පැවැසීය.

 

 

 

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee