slc
logo
Home   |    News
පෙබරවාරි 5, 2024
ඇෆ්ගනිස්තානය දක්ෂතම කණ්ඩායමක් – දිනේෂ් චන්දිමාල් කියයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ප්‍රථම ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා මුල් ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස් සමඟ තමා නිතර එකිනෙකාට සහයෝගය දක්වා ගනිමින් සාකච්ඡා කළේ පළමුව ඇෆ්ගනිස්තාන මුල් ඉනිමේ ලකුණු 198 දක්වා ගොස් ඉන්පසුව ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් කරා යාමට බවත් ලකුණු 232ක සබඳතාවයක් තබා ගැනීමට ලැබීම පිළිබඳව අප දෙදෙනාම සතුටු වන බවත් ලකුණු 107ක් ලබා ගත් දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කරයි.

මුළු ලකුණු 380 දී සිව්වන කඩුල්ල ලෙස තමා දැවී යාම පිළිබඳව කණගාටු වන බව පැවසු චන්දිමාල් අප දෙදෙනාටම අවශ්‍යව තිබුණේ තෙවන දිනත් පන්දුවට පහරදීම බව ද සඳහන් කළේය.

“අප දෙදෙනාගේම ක්‍රිකට් ක්‍රීඩාවේ පළපුරුද්ද සහ අත්දැකීම් මෙවැනි ඉනිම ගොඩ නැගීම සඳහා බෙහෙවින්ම ඉවහල් වනවා. ඒ වගේම පන්දුවට පහරදෙන පිතිකරුවන් දෙදෙනා අතර හොඳ අවබෝධයක් සහ එකිනෙකාට සහයෝගය දිම සහ උපදෙස් දීමත් වැදගත්. අපගේ ලකුණු 232ක සබඳතාවයට මේ සහයෝගය බලපෑවා.“

“ඇෆ්ගනිස්තානයේ ප්‍රධානම පන්දු යවන්නන් සිව්දෙනා ඉතාමත් දක්ෂයි. ඔවුනගේ ශාරීරික යෝග්‍යතාවත් උසස්ම මට්ටමක පවතිනවා. උදේ පන්දු යැවීම ආරම්භ කරන අවස්ථාවේ සිට සවස නිම වන තුරුම එක වගේ යෝග්‍යතාවයකින් ඔවුන් පසුවනවා. ඔවුනගේ ශක්තියත් ඒ වගේමයි. අප දෙදෙනාම එකම අවස්ථාවකවත් කෙළින් පන්දුවට පහරදී හතරේ පහරක් එල්ල කිරීමට ඔවුන් ඉඩ දුන්නේ නෑ.“

ඔබ ශතකය රැස් කළ අවස්ථාවේ එය සැමරීමට වෙනදා මෙන් පිත්ත ඔසවා ආචාර නොකර පිත්ත දෙපසට පද්දමින් ශතකය සැමරුවේ ඇයි දැයි විමසු විට චන්දිමාල් කීවේ හැමදාම එක විදිහට එය සමරණවාට වඩා මෙවර වෙනසක් කිරීමට තමා සිතූ බවය.

තරගයේ සිව්වන දිනයේ උදයවරුවේදී කඩුලු තුනක් පමණ ඉක්මනින් දවා ගැනීමට හැකි වුවහොත් මේ තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට අපට අවස්ථාව ඇති බව කී දිනේෂ් චන්දිමාල් මේ වන විට පන්දුවට පහරදෙන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවන් දෙදෙනා බව ද පැවසීය.

ඇෆ්ගනිස්තාන ටෙස්ට් කණ්ඩායම පිළිබඳව අදහස් දැක් වූ දිනේෂ් චන්දිමාල් ඔවුන් ටෙස්ට් තත්ත්වය ලබා වසර හතක් ගතවීත් තවමත් ටෙස්ට් තරග හතක් පමණක් ක්‍රීඩා කර තිබීම අඩුපාඩුවක් බවත් මේ කණ්ඩායමට ඉදිරියට ඒමට අනෙක් ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතහිත දීම අත්‍යවශ්‍ය කරුණක් බවත්ය.

තමා මෙවර ටෙස්ට් තරගයකට සහභාගි වුයේ දීර්ඝ කාලයකට පසුව බව කී දිනේෂ් චන්දිමාල් නැවත ලකුණු අතරට ඒමට ක්‍රිකට් ආයතනය මෙහෙය වූ නැෂනල් සුපර් ලීග් තරගාවලිය ඉවහල් වූ අතර ඉදිරියේදී තවත් හොඳින් දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන බව ද කීවේය.

බන්දුල

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee