slc
logo
Home   |    News
පෙබරවාරි 3, 2024
ප්‍රථම දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (02) ආරම්භ වූ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ඓතිහාසික මංගල පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනයේ සියලුම ගෞරවයන් ශ්‍රී ලංකා කණ්ඩායම අත්කර ගත්තේ ඇෆ්ගනිස්තානය ප්‍රථම ඉනිමේදී ලකුණු 198කට දවා පිළිතුරු ලෙස තරගය නිම වන විට කිසිදු පිතිකරුවකු නොදැවී ලකුණු 80ක් රැස් කරමිනි.

 ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන් දෙදෙනා 32 හැවිරිදි විශ්ව ප්‍රනාන්දු (51/4යි) සහ 26 හැවිරිදි අසිත ප්‍රනාන්දු (24/3) ඇෆ්ගනිස්තාන ප්‍රථම ඉනිමේදී ලකුණු 75කට පිතිකරුවන් හත්දෙනකුම දවාලීම මත ඇෆ්ගනිස්තාන ප්‍රථම ඉනිම නිමාවට පත් වූයේ ලකුණු 198කටය. මොවුන් දෙදෙනාට නොමද සහයක් දුන් 32 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය වමතින් දඟපන්දු යවමින් ලකුණු 67කට කඩුලු තුනක් දවා විශ්වට සහ අසිතට ලබා දුන්නේ විශාල පිටිවහලකි.

 ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ පන්දුවාර 14ක් තුළ කිසිවකු නොදැවී ලකුණු 80ක් රැස් කළේ පන්දුවාරයකට සාමාන්‍ය ලකුණු 5.71ක් වන පරිදිය. එය සීමිත පන්දුවාර තරගයක මෙනි.

 ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ දිමුත් කරුණාරත්න පන්දු 37කට මුහුණ දී හතරේ හතක් සමඟ නොදැවී ලකුණු 42ක් ද අනෙක් ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 48කදී හතරේ හයක් සමඟ නොදැවී ලකුණු 36ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටිමිනි.

 මොවුන් දෙදෙනා ලකුණු 50ට ළඟා වුයේ පන්දුවාර 8.3කදී හතරේ පහර නවයක් සමඟය.

 වේග පන්දු යැවීමෙන් දස්කම් පැ විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු සාන්ත සෙබස්තියන් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි අතර ප්‍රභාත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ මාතලේ ක්‍රිස්තුදේව විදුහලෙනි.

 ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ඇෆ්ගනිස්තානයට පැවරීමෙන් පසු ඇෆ්ගනිස්තානය තරග ආරම්භයේ සිට දිවා ආහාරය තෙක් කඩුලු දෙකකට ලකුණු 90ක් (පන්දුවාර 25) ලබා පසුව දිවා ආහාරයේ සිට සවස තේ පානය තෙක් තවත් කඩුලු තුනක් දැවී රැස් කළේ ලකුණු 78කි.

 දකුණතින් වේග පන්දු යවන චාමික ගුණසේකර මෙදින සිය මංගල ටෙස්ට් තරගයට එක් වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගනිමිනි. 24 හැවිරිදි චාමික ගුණසේකර කොළඹ ආනන්දයේ ආදි සිසුවකු වන අතර එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ද වේ.

 ඇෆ්ගනිස්තානය මේ තරගයේදී මුහුණ දුන් ප්‍රථම පන්දු වාරයේදී අසිත ප්‍රනාන්දු එවු දෙවන පන්දුවට ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සඩ්රන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමට පෙර ලකුණු නොලබාමය. අනෙක් ආරම්භක පිතිකරු නූර් අලි සඩ්රන් සහ රහ්මට් ෂා දෙවන කඩුල්ලට ලකුණු 51ක් රැස් කළ අවස්ථාවේ නූර් අලි සඩ්රන් ලකුණු 31කට දැවී ගියේ (පන්දු 46යි හතරේ පහයි) විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට එල්ල කළ පහරක් කඩුල්ල ආසන්නයේම උඩු ගුවනට යද්දී විශ්වම දුවවිත් රැක ගැනීමෙනි. දිවා ආහාරය වන විට ඇෆ්ගනිස්තානය ලබා සිටි ලකුණු සංඛ්‍යාව කඩුලු 2කට ලකුණු 90කි.

 දිවා ආහාරයෙන් පසුව ඇෆ්ගනිස්තානයේ බිඳ වැටුණු තෙවන කඩුල්ල වූයේ මුළු ලකුණු 109දී නායක හෂ්මතුල්ලා ෂහිඩි විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට දුන් උඩපන්දුව කඩුලු රකින සධීර සමරවික්‍රම දර්ශනීය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙනි. ඇෆ්ගනිස්තාන නායකයා ලකුණු 17ක් ලබා ගත්තේ පන්දු 45කට මුහුණ දී හතරේ පහරක් ද සමඟිනි. මුළු ලකුණු 110දී නසීර් ජමාල් ලකුණු නොලබාම හතර වන කඩුල්ල ලෙස දැවී ගියේ ජයසූරිය එවු පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

 ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම කඩුල්ල වූ අංක තුන පිතිකරු රහ්මට් ෂා ලකුණු 91ක් ලබා සිටියදී මුළු ලකුණු 155දී පස්වන කඩුල්ල ලෙසින් ප්‍රභාත් ජයසූරිය දවාලුවේ කඩුලු රකින සමරවික්‍රම සිය දෙවන උඩ පන්දුව රැක ගැනීමෙනි. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂා ලකුණු 91ක් රැස් කළේ පන්දු 139කට මුහුණ දී හතරේ පහර 13ක් ද එල්ල කරමිනි. ඔහු තෙවන කඩුල්ලට නායක ෂහිඩි සමඟ ලකුණු 52ක් ද (පන්දු 107යි) පස්වන කඩුල්ලට ඉක්රම් අලිකිල් සමඟ ලකුණු 45ක් ද (පන්දු 72යි) එක් කළහ.

 ඉක්රම් අලිකිල් හයවන කඩුල්ල ලෙස මුළු ලකුණු 169දී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට නිශාන් මධුෂ්ක උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලකුණු 21කට දැවී ගියේ පන්දු 50කට මුහුණ දී හතරේ පහර තුනක් ද එල්ල කරමිනි.

 විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට සියා උර් රෙහ්මන් (04) ලකුණු 182දී හත්වන කඩුල්ල ලෙසත් ක්වයිස් අහ්මඩ් මුළු ලකුණු 196දී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට ලකුණු 21කටත් (පන්දු 44යි හතරේ පහරයි හයේ පහරයි) දැවී ගියහ. අංක දහය සහ එකොළහ පිතිකරුවන් වූ නවීඩ් සඩ්රන් (නොදැවී 00) සහ මොහමඩ් සලිම් (00) ලකුණු අතරට නොපිවිසියහ.

 අවසාන පිතිකරු පස්දෙනාම දැවී ගියේ ලකුණු 29ක් පමණක් එක් වද්දීය. විශ්ව ප්‍රනාන්දු කඩුලු හතරක් ද අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු තුන බැගින්  ද දවාලුහ.

 ලකුණු පුවරුව

 ඇෆ්ගනිස්තානය මුල් ඉනිම පන්දුවාර 62.4කදී සියල්ල දැවී 198යි – (රහ්මට් ෂා 91, නූර් අලි සඩ්රන් 31, ඉක්රම් අලිකිල් 21, ක්වයිස් අහමඩ් 21, හස්මතුල්ලා ෂහිඩි 17, විශ්ව ප්‍රනාන්දු 51/4, අසිත ප්‍රනාන්දු 24/3, ප්‍රභාත් ජයසූරිය 67/3)

 ශ්‍රී ලංකාව මුල් ඉනිම කිසිවකු නොදැවී 80 (පන්දුවාර 14) – (දිමුත් කරුණාරත්න නොදැවී 42, නිශාන් මධුෂ්ක නොදැවී 36)

(බන්දුල මොල්ලිගොඩ)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සන්නාම සම්මානයෙන් පිදුම් ලබයි
    ලෝක මානව සම්පත් කොංග්‍රසය (World HRD Congress) විසින් වාර්ෂිකව පවත්වනු ලබන සේවා යෝජක 2024 සම්මාන ප්‍රධානයේදී මෙරට හොඳම සේවා යෝජකයා සන්නාම සම්මානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිදුම් ලැබීය. […]
  • ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
  • එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
  • කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි
    ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee