රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (17) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ප්‍රථම විස්සයි 20 තරගයේදී ඇෆ්ගනිස්තානය ලකුණු 160ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී ඔවුනගේ 19 වන පන්දු ඕවරය මා විසින් ඉතාමත් හොඳින් යැවීමෙන් එතෙක් පැවැති තරගයේ ස්වරූපය වෙනස් වී තරග වාසිය අප දෙසට පෙරළුණු බව තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු මතීෂ පතිරණ ප්‍රකාශ කරයි.
19 වන පන්දුවාරයේදී මා යැවු යෝකර් පන්දු හොඳින් ක්‍රියාත්මක වුවා. එම පන්දුවාරයේදී මා හට ලකුණු තුනකට කඩුලු දෙකක් දවාලීමට හැකිවීමෙන් තරගයේ වාසියත් අපේ පැත්තට යොමු වුවා යැයි ද මතීෂ පතිරණ කියයි. මතීෂ පතිරණ මේ තරගයේදී පන්දුවාර හතරක් යවා ලකුණු 24කට කඩුලු හතරක් දවාලීමට සමත් විය.
ආරම්භක පන්දු යවන බිනුර ප්‍රනාන්දුගේ ප්‍රථම ඕවර තුනෙන් ඇෆ්ගනිස්තාන පිතිකරුවන් වැඩි ලකුණු ලබා සිටියත් අවසාන පන්දුවාරය බිනුර ඉතා හොඳින් එම කාර්යය ඉටු කළා. ශ්‍රී ලංකාවට ජය ගන්නට ලැබුණේ බිනුරගේ එම පන්දු වාරයෙන් බව ද මතීෂ පතිරණ පවසයි.
“අප පන්දුවට පහර දෙනවිට අපගේ ඉලක්කය තිබුණේ ලකුණු 175ක් පමණ ලබා ගැනීමයි. ඒත් අපට ලකුණු 15ක් පමණ අඩු වුවා. මේ තරගය ජය ගන්නම ඕනෑ යැයි කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ තිබුණේ විශාල අධිෂ්ඨානයක්. එය ජයග්‍රහණයට මුල් වුවා යැයි මා සිතනවා.“
“මා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව විස්සයි 20 තරගයකදී නියෝජනය කිරීමෙන් පසුව වෙනත් රටවල ලීග් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට මා හට අවස්ථා රැසක්ම උදා වුවා. ශ්‍රී ලංකාවේදී මෙරට පුහුණුකරුවන් වෙතින් වේගපන්දු යැවීම පිළිබඳව මා හොඳ පුහුණුවක් ලබා සිටි හෙයින් ලීග් තරගවලදී මා සිදු කළේ සුළු වෙනස්කම් කිහිපයක් පමණයි.“
“මගේ පන්දු යැවීමේ වේගය 140 – 150 අතර තබා ගැනීමට මා සිදු කළේ හොඳින් පුහුණුව ලබා ගැනීමයි. නිතර පුහුණුවීමෙන් මට පන්දු යැවීමේ වේගය වැඩි කර ගැනීමටත් අවස්ථාව උදා වුවා. ඒ හැර වෙන කිසිවක් මා සිදු කළේ නෑ.“
“මා වේගපන්දු සිතා යවන්නේ නෑ. මගේ රිදම් එක අනුව හොඳින් පන්දු යවන විට ඉබේම වේගපන්දු වැටෙනවා. මා කරන්නේ පුහුණු වන වාර ගණන වැඩි කිරීම පමණයි.“
“පැයට කිලෝමීටර 140කට වැඩියෙන් පන්දු යවන්න කියා කිසිවකු මට උපදෙස් දෙන්නෙත් නැහැ. මා සිදු කරන්නේ පන්දු යැවීම තව දියුණු කර ගැනීම පමණකැයි මතීෂ පතිරණ ප්‍රකාශ කරයි.
බන්දුල