slc
logo
Home   |    News
මාර්තු 15, 2024
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතහිත

Sri Lanka Cricket

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතා හුවමාරු සහ ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ සැපයීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය නොබෝදා අත්සන් තැබුහ.

මේ අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ජපාන ක්‍රිකට් සංවර්ධනයට සහය ලබා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්, කණ්ඩායම්, පුහුණුකරුවන් සහ තණතිලි සකස් කරන්නන් එරටට යැවීමෙනි.

මෙරට විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම් ජපානයට යැවීමටත් එරට ක්‍රිකට් කණ්ඩායම් මෙහි ගෙන්වා ගැනීමටත් පියවර ගන්නා අතරම ජපාන ක්‍රිකට් ක්‍රීඩකයනට ලංකා ප්‍රිමියර් ලීග් සංචිතයන්හි ක්‍රීඩකයන් සමඟ පුහුණුව ලැබීමට ද අවස්ථාව සැළසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නෙඔකි ඇලෙක්ස් මියාජි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී බදාදා (13) අත්සන් තැබුහ.

දෙරට අතර සහයෝගිතා ගිවිසුමට එළැඹෙන මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ජපාන තානාපති කොටාරො කැට්සුකි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ජපානයේ ක්‍රිකට් සංවර්ධන මිත්‍රත්ව සංගමයේ තානාපති ලෙස ජපාන ක්‍රිකට් සංගමය මඟින් පත් කළ ප්‍රියන්ත කාරියප්පෙරුම යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්විය.

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ සාමාජික රටවලට පූර්ණ සහයෝගය සැපයීමේ වැඩසටහන යටතේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ගනු ලැබු නවතම පියවරක් ලෙස මේ ශ්‍රී ලංකා ජපාන ක්‍රිකට් සහයෝගිතා වැඩසටහන හැඳින්විය හැකිය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest