slc
logo
Home   |    News
මාර්තු 12, 2024
ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය සමඟ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

Sri Lanka Cricket

අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට්

ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා සහ එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකක් මේ මස (මාර්තු) 28 සිට අප්‍රේල් 09 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එක් කණ්ඩායමක් විස්සයි 20 තරග හතරක් බැගින් ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක් කණ්ඩායමක් එක්දින සීමිත ඕවර 50 තරග දෙකකට බැගින් ද සහභාගිවීමට නියමිතය.

මෙහි ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබන්නේ ජයග්‍රහණ සඳහා හිමි වන ලකුණු පදනම් කර ගනිමිනි. මේ තරගාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණ වී ඇත්තේ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩිකාවනට ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම් සහ පළපුරුද්ද ලබාදීමයි.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි ජාත්‍යන්තර කණ්ඩායම් සමඟ තරග කිරීමෙන් අපගේ අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවනට ජගත් මට්ටමෙන් තම දක්ෂතා පෙන්වීමටත් අත්දැකීම් ලබා ගැනීමටත් අවස්ථාව උදා වන අතරම මෙමඟින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනට ද මෙය සුබ පෙර නිමිත්තක් වනු ඇතැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

 

තරග වැඩසටහන

දිනය තරගය තරග වර්ගය ස්ථානය
2024 මාර්තු 28 ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව විස්සයි 20 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
2024 මාර්තු 29 ඔස්ට්‍රේලියාව – එංගලන්තය විස්සයි 20 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
2024 මාර්තු 30 ශ්‍රී ලංකාව – එංගලන්තය විස්සයි 20 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
2024 අප්‍රේල් 01 ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව විස්සයි 20 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
2024 අප්‍රේල් 02 එංගලන්තය – ඔස්ට්‍රේලියාව විස්සයි 20 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
2024 අප්‍රේල් 03 එංගලන්තය – ශ්‍රී ලංකාව විස්සයි 20 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

 

       
2024 අප්‍රේල් 05 ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව ඕවර 50 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
2024 අප්‍රේල් 07 ඔස්ට්‍රේලියාව – එංගලන්තය ඕවර 50 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
2024 අප්‍රේල් 09 එංගලන්තය – ශ්‍රී ලංකාව ඕවර 50 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

 

 

 

 

 

 

 

 

 

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee