slc
logo
Home   |    News
අප්‍රේල් 8, 2024
ඔස්ට්‍රේලියා 19න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු දෙකකින් එංගලන්තය පරාජය කරයි.

Sri Lanka Cricket

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා –  ඔස්ට්‍රේලියා – එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවැති ඔස්ට්‍රේලියා – එංගලන්ත කාන්තා තරගය තියුණු මුහුණුවරකින් පසුව ඔස්ට්‍රේලියාව කඩුලු දෙකකින් ජය ලැබීය.

මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 48ක් අවසානයේ සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු 239ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ඕවර 45.3කදී කඩුලු අටකට ලකුණු 240ක් රැස් කරමින් මේ ජයග්‍රහණය අත්කර ගත්තේය.

ඔස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ කේට් පෙලී ලකුණු 56ක් (පන්දු 76යි හතරේ හතයි හයේ පහරයි) සහ එලීනා ලාරෝසා ලකුණු 52ක් (පන්දු 77යි හතරේ හතයි) ලකුණු 109ක සබඳතාවයක් තබා ගනිමින් ඔස්ට්‍රේලියා ජයග්‍රහණයට මුල් විණි.

එලීනා ලාරෝසා පන්දු යැවීමේදී ද දක්ෂතා දක්වමින් ලකුණු 31කට කඩුලු තුනක් දවා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කැටී ජෝන්ස් පන්දු 46කදී හතරේ හතක් සමඟ ලකුණු 57ක් ලබා ගැනීමට මෙදින සමත් විය.

ලකුණු පුවරුව

එංගලන්ත අවුරුදු19න් පහළ කාන්තා කණ්ඩායම 239යි (ඕවර 48යි)

කැටී ජෝන්ස් 57, මේරි ටේලර් නොදැවී 33, ජේඩි ග්‍රිව් කොක් 33, එලීනා ලාරෝසා 31/3, ලුසි හැමිල්ටන් 37/2,

 ඔස්ට්‍රේලියා 19න් පහළ කාන්තා කණ්ඩායම ඕවර 45.3කදී කඩුලු 8ට 240

කේට් පේලි 56, එලීනා ලාරෝසා 52, ඉනෝස් මැකොන් 31, ටිලී කොටීන් 237/2, සොෆියා ස්මේල් 32/1

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar