slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2024
චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ

Sri Lanka Cricket

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම ස්ථානයට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

චමරි අතපත්තු මෙවර කාන්තා ක්‍රිකට් එක්දින තරගාවලියන්හි ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම ස්ථානයට පැමිණියේ මෙතෙක් එම ස්ථානය හිමිකර ගෙන සිටි එංගලන්තයේ නැටලි සිවර් බ්‍රන්ට් දෙවන ස්ථානයට පත් කරමිනි.

මෙයට සති දෙකකට පෙර දකුණු අප්‍රිකාවේ පැවැති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා කාන්තා එක්දින තරගාවලියේ තෙවැනි තරගයේදී චමරි අතපත්තු පන්දු 139කදී නොදැවී ලකුණු 195ක් රැස් කරමින් ලෝක වාර්තා කිහිපයක් ද පිහිටුවමින් දැක් වු දස්කම් මත ඇයට පිතිකාරිණියන් අතුරින් ලොව ප්‍රථම ස්ථානයට ශ්‍රේණිගත වීමට අවස්ථාව උදා විණි.

චමරි දැක් වූ එම දස්කම් මත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු තුන්සියය අභිබවා ගොස් පහසුවෙන් කඩුලු හයකින් එම තරගය ජයගෙන එක්දින තරගාවලිය 1 – 1ක් ලෙස සම කිරීමට ද ලැබිණි.

එම අගනා ඉනිමත් සමඟ චමරි අතපත්තු කාන්තා එක්දින ශ්‍රේණිගත කිරිම අනුව ලකුණු 773ක් ලබා ප්‍රථම ස්ථානයට පත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමට අනුව වැඩිම ලකුණු (Points) ලැබු පිතිකාරිණියන් දසදෙනා මෙසේය.

  1. චමරි අතපත්තු (ශ්‍රී ලංකාව ලකුණු 773) 2. නැටලි සිවර් බ්‍රන්ට් (එංගලන්තය ලකුණු 764) 3. ලෝරා වොල්වාඩ් (දකුණු අප්‍රිකාව ලකුණු 718) 4. බ්‍රෙත් මුනි (ඔස්ට්‍රේලියාව ලකුණු 704) 5. ස්මිරිටි මන්දාරා (ඉන්දියාව ලකුණු 696) 6. එලිස් පෙරී (ඔස්ට්‍රේලියාව ලකුණු 689) 7. ඇලිස් හීලි (ඔස්ට්‍රේලියාව ලකුණු 663) 8. මරිසෙන් කැප් (දකුණු අප්‍රිකාව ලකුණු 660) 9. හමන්ප්‍රිට් කොවුර් (ඉන්දියාව ලකුණු 639) 10. සොෆී ඩෙවින් (නවසීලන්තය ලකුණු 637)

මේ අතර කාන්තා ක්‍රිකට් විස්සයි 20 තරගාවලියේ පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේදී ද චමරි අතපත්තු ලකුණු 676ක් ලබා හත්වන ස්ථානයට පත්ව සිටී. කාන්තා එක්දින තරග ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ නිලක්ෂි ද සිල්වා ලකුණු 407ක් ලබා 45 වන ස්ථානයට පත්ව සිටී.

පිරිමි විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ද සිල්වා ලකුණු 228ක් ලබා දෙවන ස්ථානයට පත්ව ඇත. මෙහි ප්‍රථම ස්ථානයේ පසුවන්නේ ලකුණු 240ක් ලැබු බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන්ය. ඇෆ්ගනිස්තානයේ මොහමඩ් නබී ලකුණු 218ක් ලබා තෙවන ස්ථානයේ පසු වේ.

පිරිමි එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතුරින් පාකිස්තානයේ බාබර් අසාම් ලකුණු 824ක් ලබා ප්‍රථම ස්ථානයේත් ඉන්දියාවේ ෂුබුමන් ගිල් ලකුණු 801ක් ලබා දෙවන ස්ථානයේත් ඉන්දියාවේ විරාට් කෝලි ලකුණු 768ක් ලබා තෙවන ස්ථානයේත් පසු වේ.

බන්දුල මොල්ලිගොඩ

 

 

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee