ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ රශ්මිකා සෙව්වන්දි ලකුණු 59ක් රැස් කිරීමෙන් සහ 14 හැවිරිදි චමෝදි මුණසිංහ ලකුණු 42කට කඩුලු පහක් දවාලමින් දැක් වූ විශිෂ්ට දක්ෂතා මත ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 108කින් එංගලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායම පරාජයට පත් කිරීමට අවස්ථාව උදා විණි.
ශ්‍රී ලංකා – එංගලන්ත සහ ඔස්ට්‍රේලියා කාන්තා අවුරුදු 19න් පහළ කණ්ඩායම් තුනෙහි සහභාගිත්වයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලියේ අද (09) පැවැති මේ තරගාවලියේ අවසාන දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඕවර 48.4කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු 226ට පිළිතුරු ලෙස එංගලන්ත අවුරුදු 19න් පහළ කණ්ඩායම ඕවර 23.3කදී සියලු පිතිකාරිණියන් දැවී රැස් කළේ ලකුණු 118ක් පමණකි.
මේ තරගයේ ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ ජයග්‍රහණයට දෙව්මි විජේරත්න ලකුණු 25ක් රැස් කර පසුව ලකුණු 43කට කඩුලු හතරක් දවා තුන් ඉරියව්වේම පෙන් වූ දක්ෂතා ද බෙහෙවින් බලපෑවේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙද්දී මෙදින සාර්ථක සබඳතා හතරක්ම දක්නට ලැබිණි.
මෙහි ප්‍රධානම සබඳතා වූයේ ප්‍රථම කඩුල්ලට සංජානි කවිඳි සහ සුමුදු නිසංසලා ඕවර 16.2කදී රැස් කළ ලකුණු 63ත් සිව්වන කඩුල්ලට නායිකාව මනුදි නානායක්කාර සහ දෙව්මි විජේරත්න එක් කළ ලකුණු 54ත් ය.
ලංකා කණ්ඩායමේ පිතිකාරිණියන් අතුරින් කැපී පෙනුණු අංක හය පිතිකාරිණිය රශ්මිකා සෙව්වන්දි පන්දු 58කදී හතරේ නවයක් සමඟ නොදැවී ලකුණු 59ක් ලබා තරගයේ වැඩිම ලකුණු ලාභිනිය වූවාය.
මීට අමතරව ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා සංජානා කවිඳි ලකුණු 27ක් ද (පන්දු 50යි හතරේ හතරයි) සහ සුමුදු නිසංසලා ලකුණු 27ක් ද (පන්දු 50යි හතරේ තුනයි) දස්කම් පෑහ. නායිකාව මනුදි නානායක්කාර ලකුණු 25ක් ද (පන්දු 33යි හතරේ පහයි) සහ දෙව්මි විජේරත්න ලකුණු 25ක් ද (පන්දු 37යි හතරේ හතරයි හයේ පහරයි) මැදපෙළ පිතිකාරිණියන් ලෙස වේගවත් පිතිහරඹයන්හි නිරත වූහ.
එංගලන්ත ක්‍රීඩිකාවන් අතුරින් කැපී පෙනුණු අරුන් සුරේන්ද්‍ර කුමාර් ලකුණු 21කට කඩුලු දෙකක් දවා පසුව පන්දු 26කදී හතරේ තුනක් සහ හයේ පහරක් සමඟ ලකුණු 25ක් රැස් කරමින් තුන් ඉරියව්වේම දක්ෂතා පෙන් වූහ.
එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදෙද්දී 14 හැවිරිදි චමෝදි මුණසිංහ (42/5යි) සහ දෙව්මි විජේරත්න (43/4) පන්දු යැවීමේදී දක්ෂතා මත කණ්ඩායමම ඕවර 23.3කදී දැවී ගියේ ලකුණු 118කටය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තරග දෙක බැගින් සහභාගි වූ අතර ඔස්ට්‍රේලියාව තරග දෙකක් ද ශ්‍රී ලංකාව තරගයක් ද ජය ගනු ලැබීය. එංගලන්තය ඔවුන් සහභාගි වූ තරග දෙකම පරාජයට පත් විය.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම ඕවර 48.3කදී සියල්ලන්ම දැවී 226යි
(රශ්මිකා සෙව්වන්දි 59, සංජානා කවිඳි 27, සුමුදු නිසංසලා 27, මනුදි නානායක්කාර 25, දෙව්මි විජේරත්න 25, රශ්මි නේත්‍රාංජලී 17, අරුන් සුරේන්ද්‍ර කුමාර් 21/2, සොෆියා ස්මේල් 34/2, චරිස් පෙව්ලි 16/2යි)
එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ඕවර 23.3කදී 118යි
(ජොසි ග්‍රිව්කොක් 26, අරුන් සුරේන්ද්‍ර කුමාර් 25, අබි නොග්‍රෙවෙක් 14, ඇලෙක්සා ස්ට්‍රොන් හවුස් 10, චමෝදි මුණසිංහ 42/5, දෙව්මි විජේරත්න 43/4)