slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2024
චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ

Sri Lanka Cricket

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම ස්ථානයට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

චමරි අතපත්තු මෙවර කාන්තා ක්‍රිකට් එක්දින තරගාවලියන්හි ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම ස්ථානයට පැමිණියේ මෙතෙක් එම ස්ථානය හිමිකර ගෙන සිටි එංගලන්තයේ නැටලි සිවර් බ්‍රන්ට් දෙවන ස්ථානයට පත් කරමිනි.

මෙයට සති දෙකකට පෙර දකුණු අප්‍රිකාවේ පැවැති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා කාන්තා එක්දින තරගාවලියේ තෙවැනි තරගයේදී චමරි අතපත්තු පන්දු 139කදී නොදැවී ලකුණු 195ක් රැස් කරමින් ලෝක වාර්තා කිහිපයක් ද පිහිටුවමින් දැක් වු දස්කම් මත ඇයට පිතිකාරිණියන් අතුරින් ලොව ප්‍රථම ස්ථානයට ශ්‍රේණිගත වීමට අවස්ථාව උදා විණි.

චමරි දැක් වූ එම දස්කම් මත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු තුන්සියය අභිබවා ගොස් පහසුවෙන් කඩුලු හයකින් එම තරගය ජයගෙන එක්දින තරගාවලිය 1 – 1ක් ලෙස සම කිරීමට ද ලැබිණි.

එම අගනා ඉනිමත් සමඟ චමරි අතපත්තු කාන්තා එක්දින ශ්‍රේණිගත කිරිම අනුව ලකුණු 773ක් ලබා ප්‍රථම ස්ථානයට පත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමට අනුව වැඩිම ලකුණු (Points) ලැබු පිතිකාරිණියන් දසදෙනා මෙසේය.

  1. චමරි අතපත්තු (ශ්‍රී ලංකාව ලකුණු 773) 2. නැටලි සිවර් බ්‍රන්ට් (එංගලන්තය ලකුණු 764) 3. ලෝරා වොල්වාඩ් (දකුණු අප්‍රිකාව ලකුණු 718) 4. බ්‍රෙත් මුනි (ඔස්ට්‍රේලියාව ලකුණු 704) 5. ස්මිරිටි මන්දාරා (ඉන්දියාව ලකුණු 696) 6. එලිස් පෙරී (ඔස්ට්‍රේලියාව ලකුණු 689) 7. ඇලිස් හීලි (ඔස්ට්‍රේලියාව ලකුණු 663) 8. මරිසෙන් කැප් (දකුණු අප්‍රිකාව ලකුණු 660) 9. හමන්ප්‍රිට් කොවුර් (ඉන්දියාව ලකුණු 639) 10. සොෆී ඩෙවින් (නවසීලන්තය ලකුණු 637)

මේ අතර කාන්තා ක්‍රිකට් විස්සයි 20 තරගාවලියේ පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේදී ද චමරි අතපත්තු ලකුණු 676ක් ලබා හත්වන ස්ථානයට පත්ව සිටී. කාන්තා එක්දින තරග ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ නිලක්ෂි ද සිල්වා ලකුණු 407ක් ලබා 45 වන ස්ථානයට පත්ව සිටී.

පිරිමි විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ද සිල්වා ලකුණු 228ක් ලබා දෙවන ස්ථානයට පත්ව ඇත. මෙහි ප්‍රථම ස්ථානයේ පසුවන්නේ ලකුණු 240ක් ලැබු බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන්ය. ඇෆ්ගනිස්තානයේ මොහමඩ් නබී ලකුණු 218ක් ලබා තෙවන ස්ථානයේ පසු වේ.

පිරිමි එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතුරින් පාකිස්තානයේ බාබර් අසාම් ලකුණු 824ක් ලබා ප්‍රථම ස්ථානයේත් ඉන්දියාවේ ෂුබුමන් ගිල් ලකුණු 801ක් ලබා දෙවන ස්ථානයේත් ඉන්දියාවේ විරාට් කෝලි ලකුණු 768ක් ලබා තෙවන ස්ථානයේත් පසු වේ.

බන්දුල මොල්ලිගොඩ

 

 

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee