slc
logo
Home   |    News
මැයි 9, 2024
දසුන් සහ බිනුරගේ දක්ෂතා නිසා රෙඩ්ස් පිලට ජය

sinhala editor

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියේ මැයි 08 වැනිදා පැවැති රෙඩ් සහ යෙලෝ කණ්ඩායම් අතර තරගයේදී එස්.එල්.සී. රෙඩ්ස් කණ්ඩායමේ දසුන් ශානක (ලකුණු 63) සහ බිනුර ප්‍රනාන්දු (22/3යි) දැක් වූ විශේෂ දක්ෂතා මත රෙඩ්ස් කණ්ඩායමට ලකුණු 40ක ජයක් අත්විය.

එස්.එල්.සී. යෙලෝ කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම එස්.එල්.සී. රෙඩ්ස් කණ්ඩායමට පැවරූ අතර රෙඩ්ස් ඕවර 20 අවසානයේ කඩුලු 8කට රැස් කළ ලකුණු 192ට පිළිතුරු ලෙස යෙලෝ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9කට රැස් කළේ ලකුණු 152කි.

රෙඩ්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහරදෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිරෝෂන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු ඕවර 4.1කදී (පන්දු 25කදී) එක් කළ ලකුණු සංඛ්‍යාව 51කි. මේ අවස්ථාවේදී දුනිත් වෙල්ලාලගේ යැවු තෙවන ඕවරයේ (තරගයේ පස්වන ඕවරය) ප්‍රථම පන්දුවට අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 25කටත් (පන්දු 12යි හතරේ හතරයි හයේ පහරයි) තෙවන පන්දුවට දික්වැල්ල මුළු ලකුණු 52දී ලකුණු 17කටත් (පන්දු 14යි හතරේ දෙකයි හයේ පහරයි) දැවී ගියහ.

පසුව තෙවන කඩුල්ලට තවත් වේගවත් ප්‍රහාරයක් දියත් කළ නායක චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් ඕවර 4.2කදී (පන්දු 26) එක් කළ ලකුණු සංඛ්‍යාව 41කි.

නායක චරිත් අසලංක ලකුණු 12කට මුළු ලකුණු 93දී තෙවන කඩුල්ල ලෙස දැවී යාමෙන් පසු අංක තුන පිතිකරු කමිඳු මෙන්ඩිස් සමඟ අංක පහ පිතිකරු දසුන් ශානක මැදපෙළ පිතිහරඹය සාර්ථකව ඉදිරියට ගෙන ගියහ.

මුළු ලකුණු 106දී කමිඳු මෙන්ඩිස් ලකුණු තිහකට (පන්දු 20යි හතරේ තුනයි හයේ පහරයි) දැවී ගියේ ජෙෆ්රි වැන්ඩසේ එවු පන්දුවකට පැතුම් නිශ්ශංක උඩපන්දුවක් රැක ගැනීමෙනි. මෙතැන් සිට හිටපු නායක දසුන් ශානක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සීඝ්‍රයෙන් ලකුණු කරා ගියේ පන්දු 38කට පමණක් මුහුණදී හතරේ පහර හතරක් සහ හයේ පහර පහක් සමඟ ලකුණු 63ක් රැස් කරමිනි.

යෙලෝ කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ලකුණු 35කට කඩුලු තුනක් දැවී යද්දී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට හුදකලා සටනක නිරතවීමට සිදු විණි. පසුව පැතුම් නිශ්ශංක සහ නායක වනිඳු හසරංග ඕවර 4.5කදී (පන්දු 29කදී) ලකුණු 48ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම යම් ස්ථාවර තත්ත්වයකට ගෙන ආහ.

පැතුම් නිශ්ශංක හතරේ පහක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 41ක් ද වනිඳු හසරංග පන්දු 20කදී හතරේ පහරක් සහ හයේ දෙකක් සමඟ ලකුණු 28ක් ද එක් කළහ.

මුළු ලකුණු 83දී සහ 85දී පැතුම් නිශ්ශංක සහ වනිඳු හසරංග දැවී යාමෙන් පසු හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයට ප්‍රවිශ්ට වීමට උත්සාහ දැරුවත් එය සාර්ථක නොවුයේ ඔහුට සහය පිතිකරුවකු අනෙක් කෙළවරේ නොසිටි හෙයිනි. මැතිව්ස් පන්දු 21කදී හතරේ පහරක් හයේ පහරක් සමඟ ලකුණු 25ක් ලැබීය.

 ලකුණු පුවරුව

 එස්.එල්.සී. රෙඩ්ස් ඕවර 20කදී කඩුලු 8ට 192යි  – (දසුන් ශානක 63, කමිඳු මෙන්ඩිස් 30, අවිශ්ක ප්‍රනාන්දු 25, නිරෝෂන් දික්වැල්ල 17, ළහිරු කුමාර 56/3, දුනිත් වෙල්ලාලගේ 21/2, ජෙෆ්රි වැන්ඩසේ 21/2)

 එස්.එල්.සී. යෙලෝ ඕවර 20දී කඩුලු 9ට 152යි – (පැතුම් නිශ්ශංක 41, වනිඳු හසරංග 28, ඇන්ජලෝ මැතිව්ස් 25, ධනංජය ලක්ෂාන් නොදැවී 12, ළහිරු මධුශංක 11, බිනුර ප්‍රනාන්දු 22/3, නිමේෂ් විමුක්ති 34/3, ළහිරු සමරකෝන් 20/2යි)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee