slc
logo
Home   |    News
මැයි 9, 2024
පස්වන එක්දින තරගයේ ජයත් ඇෆ්ගනිස්තානයට

sinhala editor

 

ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පස්වන සහ අවසාන එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් අත්කර ගැනීමට අද (07) ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම සමත් විය.

එක්දින තරග පහකින් සමන්විත වූ මේ තරගාවලිය අද නිමාවට පත් වුයේ ශ්‍රී ලංකාවට 3 – 2ක ජයක් අත්වෙමිනි. තරගාවලියේ ප්‍රථම තරග තුන ශ්‍රී ලංකා ‘ඒ‘ ජයගත් අතර අවසාන එක්දින තරග දෙක ජය ගත්තේ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායමය.

අද පැවැති අවසාන එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට පැවරීය. ශ්‍රී ලංකා ‘ඒ‘ ඕවර 43කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු 197ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම ඕවර 45කදී කඩුලු 5කට ලකුණු 198ක් රැස් කරමින් පහසුවෙන් ජය ගත්තේ කඩුලු පහකිනි.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම රැස් කළ ලකුණු 197 හඹායාමට ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නා මොහමඩ් ශිරාෂ් ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු සුබයිඩ් අක්බාරි ලකුණකටත් අංක තුන පිතිකරු අබ්දුල් මලික්ට (00) ලකුණක්වත් නොදීත් දවාලීමෙන් ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුවෙහි මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 2කට ලකුණු පහක් ලෙස සඳහන් විය.

අනෙක් ආරම්භක පිතිකරු රියාස් හසන් තෙවන සහ සිව්වන කඩුලුවලට සාර්ථක සබඳතා පත්වාගෙන යාමෙන් කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් කරායාමට අවස්ථාව උදා විණි.

රියාස් හසන් නොදැවී ලකුණු 70ක් ද (පන්දු 117යි හතරේ පහයි) ඩාවිෂ් රසුල් ලකුණු 36ක් ද (පන්දු 43යි  හතරේ හතරයි) නායක ෂාහිඩුල්ලා ලකුණු 47ක් ද (පන්දු 68යි හතරේ පහයි හයේ පහරයි) ඇෆ්ගනිස්තාන ‘ඒ‘ වෙනුවෙන් දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දුවට පහරදෙන අවස්ථාවේ ලකුණු අතර සිටින පිතිකරුවකු වන අංක හතර පිතිකරු පසිඳු සූරියබණ්ඩාර මෙදින ද ලකුණු 70ක් (පන්දු 92යි හතරේ අටයි) රැස් කරමින් දස්කම් දැක්වුවත් ශ්‍රී ලංකා ඉනිමට විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට ඔහුගේ සහයට අනෙක් කෙළවරේ පිතිකරුවකුගේ සහය නොලැබීමෙන් ශ්‍රී ලංකා ඉනිම 197කට සීමා විණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දස්කම් දැක් වූ සෙසු පිතිකරුවන් වුයේ ලකුණු 24ක් රැස් කළ ආරම්භක පිතිකරු විනෝද් භානුක (පන්දු 26යි හතරේ පහයි) සොනාල් දිනුෂ ලකුණු 21ක් ද (පන්දු 27යි හතරේ දෙකයි) නිපුන් කරුණානායක ලකුණු 19ක් ද (පන්දු 37යි හතරේ පහරයි) ලකුණු 16ක් රැස් කළ දුෂාන් හේමන්තය (පන්දු 23යි හතරේ පහරයි).

ශ්‍රී ලංකා සිව්වන කඩුල්ලට පසිඳු සූරියබණ්ඩාර සහ නිපුන් කරුණානායක පන්දු 76කදී ලකුණු 50ක් ද පස්වන කඩුල්ලට පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනුෂ පන්දු 51කදී ලකුණු 49ක් ද රැස් කළහ.

 ලකුණු පුවරුව

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ඕවර 43කදී සියල්ල දැවී 197යි  – (පසිඳු සූරියබණ්ඩාර 70, මිනෝද් භානුක 24, සොනාල් දිනුෂ 21, නිපුන් කරුණානායක 19, දුෂාන් හේමන්ත 16, නවීඩ් සඩ්රන් 45/4, නන්ගෙයලියා කරොටෙ 31/3යි)

 ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම ඕවර 45දී කඩුලු 5ට 198යි – (රියාස් හසන් නොදැවී 74, ඩාවිෂ් රසුල් 36, ෂාහිඩුල්ලා 47, මොහමඩ් ශිරාෂ් 23/2, දුෂාන් හේමන්ත 46/2, සොනාල් දිනුෂ 41/1යි)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar