slc
logo
Home   |    News
මැයි 21, 2024
ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම මිල මතීෂ පතිරණට

sinhala editor

By Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත්විය. පස්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ අද (21 වැනිදා) කොළඹදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී මතීෂව ඇමරිකානු ඩොලර් 120,000 ක මුදලකට හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි හැටදහසකට අසන්න මුදලකට මිලදී ගනු ලැබුවේ කලම්බු ස්ට්‍රයිකසර් කණ්ඩායම විසිනි.

මීට පෙර එල්.පී.එල්. වෙන්දේසියකදී වැඩිම මුදලකට අළෙවි වූ ක්‍රීඩකයා බවට පත්ව සිටියේ වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක වේ. 2023 තරග වාරය වෙනුවෙන් පැවැති පළමු වෙන්දේසියේදී මධුශංකව ඩොලර් 92,000 ක මුදලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

ඩොලර් 50,000 ලංසුව යටතේ වෙන්දේසියට ඉදිරි පත් වුණු මතීෂ පතිරණගේ පළමු ඉල්ලුම ආරම්භ වූයේ ඩොලර් 70,000 නි. දඹුල්ල කණ්ඩායම විසින් එම ලංසුව ඉදිරිපත් කරද්දී ගෝල් මාවල්ස් පිල ඊළඟ ලංසුව ලෙස ඩොලර් 100,000 ක මුදලක් මතීෂ වෙනුවෙන් ලබාදීමට කැමැත්ත පළ කළේය. කෙසේ වෙතත් ගාල්ල මාවල්ස් පිල මතීෂ වෙනුවෙන් ඩොලර් 120,000 ක ඉහළ ලංසුවක් ඉදිරිපත් කරමින් ලංසුව තමන් සතු කර ගැනීමට සමත්වූවේය. එහෙත් ඉකුත් වර ක්‍රීඩකයකු තම කණ්ඩායමට ක්‍රීඩා කිරීමේදී ඔහුව රඳවා ගැනීමට ඇති හැකියාව හෙවත් ‘සුදු පන්දුව‘ පෙන්වීමේ වාසිය උපයෝගී කර ගත් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම මතීෂව තමන් සතු කර ගත්තේ ගෝල් මාවල්ස් කණ්ඩායම මතීෂ වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වුණු ඩොලර් 120,000 ක මුදලටමය. (වෙන්දේසියේ නීති රෙගුලාසිවලට සුදු පන්දුව පෙන්විය හැක්කේ අවසන් වරට තම කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයකු වෙනුවෙන් වෙනත් කණ්ඩායමක් අවසන් ලංසුව ඉදිරිපත් කොට තිබියදී පමණි.)

කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය් පැවැති මෙම ක්‍රීඩක වෙන්දේසියේදී දේශීය ක්‍රීඩකයින් 154 ක් සහ විදේශීය ක්‍රීඩකයින 266  දෙනෙක් වශයෙන් මුලු ක්‍රීඩකයන් 420 දෙනෙකු ඉදිරිපත් කළ නමුත් ඉන් 114 ක් පමණක් කණ්ඩායම් 5 නිලධාරීන් විසින් තෝරා ගනු ලැබූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභිමානවත්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පළමුවෙන්ම කොවිඩ් වසංගතය උත්සන්නව තිබූ 2020 වසරේදී ආරම්භ කරන ලදී. වසරින් වසර දියුණුවෙන් දියුණුවට පත් එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියක් හරහා ක්‍රීඩකයින් තෝරා ගන්නා ලද දෙවැනි අවස්ථාව වශයෙන්ද මෙම තරගාවලිය ඉතිහාස ගත වුන ඇත.

කණ්ඩායම්වල හිමිකරුවන් සහ ඒ ඒ කණ්ඩායම් වල පුහුණුකරුවන් විසින් මෙම වෙන්දේසියදී තමන්ට අවශ්‍ය සංයුතිය තැරැව් කරමින් ක්‍රීඩකයින්ගේ අයිතිය තහවුරු කර ගත්හ. ඒ අතර මතීෂට පසුව වැඩිම මුදලකට අළෙවි වූු ක්‍රීඩකයා බවට පත්වූයේ ඉසුරු උදාන වේ. ඩොලර් 30,000 ක ලංසුව යටතේ උදාන ඉදිරිපත් වුවද ඔහුව ඩොලර් ලක්ෂයක මුදලකට මිලදී ගැනීමට ගෝල් මාවල්ස් කණ්ඩායම ඉදිරිපත් වූයේය.

මීට අමතරව අද පැවැති වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා බවට පත්වූයේ ඇෆ්ගනිස්තානයේ කරීම් ජැනට් වන අතර ඔහුව ඩොලර් 80,000 ක මුදලකට දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම විසින් අත්පත් කර ගනු ලැබීය.

මතීෂ සහ උදානට පසු වැඩිම මුදලකට මිලදී ගනු ලැබූ අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ හිටපු විස්සයි-20 සහ එක්දින පිලේ නායක දසුන් ශානකය. ඩොලර් 50,000 ක ලංසුව යටතේ ඉදිරිපත් වුණු දසුන්ව මිලදී ගැනීම සඳහා බී – ලව් කැන්ඩි කණ්ඩායම විසින් වැය කරන ලද මුදල ඩොලර් 85,000 කි.

තරගාවලියේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහසතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව පස්වැනි එල්.පී.එල්. තරගාවලියේ ලංසු තැබීම ප්‍රකට විචාරකයකු වන ඉන්දීය ජාතික චාරු ශර්මා විසින් මෙහෙයවනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි සභාපති ශම්මි සිල්වා මහතා, විසින් ක්‍රීඩක වෙන්දේසිය සදහා වූ පළමු ක්‍රීඩකයින් තෝරා දීම සිදු කළ අතර අනතුරුව, උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් විසින් එම කර්තව්‍යයට දායකත්වය දැක්වූහ. අනතුරුව වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන මහත්වරුන් ඇතුළු ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයින්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන ප්‍රධානී අරුණ ද සිල්වා මහතා ඇතුළු අංශ ප්‍රධානීන්ද මෙම කර්තව්‍ය වෙනුවෙන් සිය නොමඳ දායකත්වය ලබා දුන්හ.

ක්‍රිකට් සභාපතිවරයා විසින් පළමුවෙන්ම ඩොලර් 20,000 ලංසුව යටතේ වූ ඉදිරිපත්ව සිටි අෂේන් බණ්ඩාරගේ නම තෝරා ගනු ලැබූ අතර ඔහුව ඩොලර් 28,000 ක මුදලකට බිලදී ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම ඉදිරිපත් විය.

දිනයේ තෙවැනි ක්‍රීඩකයා ලෙස වෙන්දේසියට ඉදිරිපත් වුණු පැතුම් නිස්සංකව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය. ඩොලර් 40,000 ලංසුව යටතේ පැතුම් ඉදිරිපත් වුවද ඔහු වෙනුවෙන් කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග අංශයේ එකම ද්විත්ව ශතක ලාභියා වන්නේද පැතුම් නිස්සංක වන නමුත් ඔහුට මූලික වටය යටතේ වටිනාකමක් හිමි නොවීම පුදුමය දනවන සිදුවීමක් ලෙසින් සැලකිය හැක. කෙසේ වෙතත් දෙවැනි වටය යටතේදී පැතුම්ව ඇමරිකානු ඩොලර් 40,000 ක මුදලකට මිලදී ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් විය.

ඊට අමතරව අද වෙන්දේසියේදී සිදුවූ අනෙක් සුවිශේෂීතම සිදුවීම වන්නේ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරාද පැතුම් නිස්සංකම මෙන්ම මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීමයි.

අද දින වෙන්දේසියේ අළෙවි වූ ක්‍රීඩකයින් මෙසේය. (සියලුම මුදල් ඇමරිකානු ඩොලර් ($) වලිනි)

කලම්බු ස්ට්‍රයිකර්ස්

  1. චාමික කරුණාරත්න
  2. තිසර පෙරේරා
  3. සධීර සමරවික්‍රම
  4. නිපුන් ධනංජය
  5. ෂදාබ් ඛාන්
  6. ග්ලෙන් පිලිප්ස්
  7. චාමික ගුණසේකර (10,000)
  8. දුනිත් වෙල්ලාලගේ (50,000)
  9. රාමනුල්ලා ගුර්බාස් (50,000)
  10. ටස්කින් අහමඩ් (50,000)
  11. ඇන්ජලෝ පෙරේරා (20,000)
  12. ෂෙවෝන් ඩැනියල් (15,000)
  13. බිනුර ප්‍රනාන්දු (55,000)
  14. ගරුක සංකෙත් (20,000)
  15. මතීෂ පතිරණ (120,000)
  16. ෂෙහාන් ප්‍රනාන්දු (5,000)
  17. කෙවින් බණ්ඩාර (5,000)
  18. ඉසිත විජේසුන්දර (5,000)
  19. මුහමද් වසීම් (20,000)
  20. අලා ගසාන්ෆාර් (10,000)

 

දඹුල්ල තන්ඩර්ස්

  1. ඩිල්ෂාන් මදුශංක
  2. නුවන් තුෂාර
  3. දුෂාන් හේමන්ත
  4. ප්‍රවීන් ජයවික්‍රම
  5. මුතසෆිසූර් රහ්මාන්
  6. ඊබ්‍රහිම් සද්‍රාන්
  7. ළහිරු උදාර (14,000)
  8. අකිල ධනංජය (20,000)
  9. ධනුෂ්ක ගුණතිලක (22,000)
  10. ඉෆ්තිකාර් අහමඩ් (50,000)
  11. නුවනිඳු ප්‍රනාන්දු (34,000)
  12. නුවන් ප්‍රදීප් (36,000)
  13. රනේෂ් සිල්වා (5,000)
  14. සොහාන් ඩි ලිවේරා (5,000)
  15. හස්රාටුල්ලා සසායි (50,000)
  16. කරීම් ජැනට් (80,000)
  17. අසේල ගුණරත්න (10,000)
  18. ළහිරු මදුශංක (20,000)
  19. රුසඳ ගමගේ (5,000)
  20. මිතුන් ජයවික්‍රම (5,000)
  21. අයන සිරිවර්ධන (5,000)
  22. සොනාල් දිනූෂ (6,000)
  23. හයිදර් අලී (25,000)
  24. සංතුෂ් ගුණතිලක (6,000)

 

ගෝල් මාවල්ස්

  1. භානුක රාජපක්ෂ
  2. ලසිත් කෘෘස්පුල්ලේ
  3. නිරෝෂන් දික්වැල්ල
  4. මහීීෂ් තීක්ෂණ,
  5. ටිම් සීෆර්ට්
  6. ඇලෙක්ස් හේල්ස්
  7. ජනිත් ලියනගේ (36,000)
  8. ඩ්වයින් ප්‍රිෙටා්රියස් (40,000)
  9. සහන් ආරච්චිගේ (20,000)
  10. ළහිරු කුමාර (30,000)
  11. ප්‍රභාත් ජයසූරිය (10,000)
  12. ෂෝන් විලියම්ස් (20,000)
  13. සහීර් ඛාන් (10,000)
  14. මල්ෂ තරුපති (25,000)
  15. සදීෂ රාජපක්ෂ (5,000)
  16. මොහොමඩ් ශිරාස් (10,000)
  17. ඉසුරු උදාන (100,000)
  18. ධනංජය ලක්ෂාන් (10,000)
  19. පසිඳු සූරියබණ්ඩාර (5,000)
  20. කවිඳු නදීෂාන් (5,000)
  21. මුජීබ් උර් රාහ්මාන් (50,000)
  22. චමිඳු විජේසිංහ (5,000)
  23. ජෙෆ්රි වැන්ඩර්සි (30,000)
  24. යූරි කොත්තිගොඩ

 බී – ලව් කැන්ඩි

  1. වනිඳු හසරංග
  2. ඇන්ජලෝ මැතිව්ස්
  3. දුෂ්මන්ත චමීර
  4. කමිඳු මෙන්ඩිස්
  5. ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්
  6. මොහොමඩ් හැරිස්
  7. 7. කසුන් රජිත (26,000)
  8. අෂේන් බණ්ඩාර (28,000)
  9. දිනේෂ් චන්දිමාල් (40,000)
  10. දසුන් ශානක (85,000)
  11. රමේෂ් මෙන්ඩිස් (10,000)
  12. දිමුත් කරුණාරත්න (10,000)
  13. මොහොමඩ් හස්නේයින් (30,000)
  14. පවන් රත්නායක (5000)
  15. චමත් ගෝමස් (5000)
  16. චතුරංග ද සිල්වා (30,000)
  17. කවිඳු පතිරත්න (5,000)
  18. ලක්ෂාන් සඳකැන් (20,000)
  19. සම්මු අශාන් (5000)
  20. (අසාම් ඛාන් (50,000)
  21. අඝා සල්මාන් (10,000)
  22. මොහොමඩ් අලී (10,000)

ජැෆ්නා කිංග්ස්

  1. කුසල් මෙන්ඩිස්
  2. අවිශ්ක ප්‍රනාන්දු
  3. චරිත් අසලංක

4.විජයකාන්ත් වියස්කාන්ත්

  1. අස්මාටුල්ලා ඔමර්සායි
  2. නූර් අහමඩ්
  3. රිලී රොසෝව් (60,000)
  4. ෆේබියන් ඇලන් (32,000)
  5. ධනංජය ද සිල්වා (50,000)
  6. ප්‍රොෙමා්ද් මදුෂාන් (20,000)
  7. ජේසන් බෙයර්නඩ්‍රෆ් (50,000)
  8. අසිත ප්‍රනාන්දු (40,000)
  9. විෂාද් රන්දික (5,000)
  10. ළහිරු සමරකෝන් (13,000)
  11. එෂාන් මාලිංග (5,000)
  12. අලෙක්ස් රොස් (20,000)
  13. අහන් වික්‍රමසිංහ (5,000)
  14. වනුජ සහන් (10,000)
  15. මුර්වින් අබිනාෂ් (5,000)
  16. අරුල් ප්‍රගාසම් (5,000)
  17. පැතුම් නිස්සංක (40,000)
  18. (නිශාන් මදුශ්ක 10,000)
  19. තීෂන් විතූෂාන් (5,000)
  20. නිසල තාරක (5,000)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar