slc
logo
Home   |    News
මැයි 9, 2024
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

sinhala editor

තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති වුවද එළැඹෙන ජුනි මසදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වමතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව එක් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. විස්සයි-20 තරගයකට ක්‍රීඩා නොකළ ද වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින ජාත්‍යන්තර තරග 21 කට ක්‍රීඩා කර තිබේ.

වෙල්ලාලගේට අමතරව නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමට කමිදු මෙන්ිස් සහ නුවන් තුෂාර යන දෙදෙනාද ඇතුළත්ව සිටිති. කණ්ඩායමේ පළපුරුදුතම ක්‍රීඩකයා බවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය ස්ථානය වෙන් කරගනිද්දී ධනංජය ද සිල්වා සහ දසුන් ශානක සෙසු තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් කණ්ඩායමට පැමිණ සිටිති. ලොව අංක 1 විස්සයි-20 පන්දු යවන්නා බවට පත්ව සිටින වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.

අවසන් වරට ක්‍රීඩා කරන ලද විස්සයි-20 තරග වලදී අවිශ්ක ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු සහ කුසල් පෙරේරා විටින් විට කණ්ඩායම නියෝජනය කළද ලෝක කුසලාන කර්තව්‍යෙය්දී ඔවුනට රට නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව තිබේ.

සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සහ සධීර සමරවික්‍රම පිතිකරණයෙන් පළමු පිතිකරුවන් 6 දෙනා අතර ඉට පහස විවර කරගනිද්දී මහීෂ් තීක්ෂණ වනිඳුගේ ප්‍රධාන දඟ පන්දු සහායකයා වී සිටියි. නුවන් තුෂාරට අමතරව දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුහංක වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට එක්ව සිටිති.

ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයන්හි පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඩී‘ කාණ්ඩය යටතේ තරග වදින අතර එහි මුල් සටන දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ජුනි 03 වැනිදා නිව්යෝක්හිදී තරග වදිනු ඇත. බංග්ලාදේශය අතර ජුනි 08 වැනිදා ඩලස්හිදී තරග වදින ශ්‍රී ලංකාව ජුනි 12 වැනිදා සහ ජුනි 17 වැනිදා යන දෙදින නේපාලනය සහ නෙදර්ලන්තය සමග පිළිවෙළින් ෆ්ලොරිඩා සහ ශාන්ත ලුසියාහිදී තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, ඩිල්ෂාන් මදුශංක.

අතිරේක – අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ.

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee