slc
logo
Home   |    News
මැයි 13, 2024
වනුජ සහන් ඇෆ්ගන් බලාපොරොත්තු සුණු විසුණු කරයි

sinhala editor

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 435ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන ‘ඒ’ ක්‍රීඩකයෝ පළමු ඉනිම ලකුණු 198කට සීමාවූ හෙයින් ඔවුන්ට යළි දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදු විය.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමේ ලකුණු 237ක් ඉදිරියෙන් සිටි අතර, ඇෆ්ගන් ක්‍රීඩකයෝ අද (13) තෙවැනි දිනය නිමාවෙද්දී දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 108ක් රැස්කර සිටියහ. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ‘ පිල තවත් කඩුලු 8ක් ලබාගත යුතුව තිබියදී ලකුණු 129ක් ඉදිරියෙන් සිටී.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමේ පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 75ක් ලබාගත් වනුජ සහන් ඇෆ්ගන් ‘ඒ‘ ඉනිමේ කඩුලු 5ක් බිඳහෙලා පන්දුවෙන් දස්කම් දැක්වීය. ඇෆ්ගනිස්තාන දෙවැනි ඉනිමේදීද වනුජ සහන් කඩුල්ලක් බිදහෙලා ගත්තේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මැද පෙළ හා පසුපෙළ ඉතා හොදින් ක්‍රියාත්මක වූ අතර, අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි සොනාල් දිනූෂ පන්දු 193කදී හතරේ පහර 16ක් සමඟ ලකුණු 145ක් ලබා ගත්තේය. සොනාල් සමඟ 6 වැනි කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් ගොඩනැගූ විෂාද් රන්දික පන්දු 111කදී හතරේ පහර 8ක් එල්ල කරමින් ලකුණු 63ක් ලබා ගත්තේය.

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරු ළහිරු උදාර ලකුණු 65ක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ‘එ්‘ පිලේ පළමු කඩුල්ල ලකුණු 84දී දැවීගිය අතර, අනතුරුව පළමු කඩුලු 4ක් 104කට දවා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.ඇෆ්ගනිස්තාන ටෙස්ට් පිලේ තරග දෙකකට සහභාගීවී ඇති වමත් දඟ පන්දු යවන සියා උර් රහ්මාන් ලකුණු 127කට කඩුලු 6ක් බිඳහෙලීමට සමත් විය.

හෙට (14) තරගයේ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 435 (ඕවර් 101.3)
ඔෂධ ප්‍රනාන්දු 32, ළහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 27, සොනාල් දිනූෂ 145, විෂාද් රන්දික 63, වනුජ සහන් 75, අතිරේක 18 ( නවීඩ් සද්‍රාන් 94/2, මොහොමඩ් ඉබ්‍රාහිම් 76/1, සියා සූ උර් රහ්මාන් 127/6, කලීල් ගුරුබාස් 59/1)

ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමසියලු දෙනා දැවී ලකුණු 198 (ඕවර් 67.5)
ඉම්රාන් 62, බහීර් ෂා 23, රහ්මනුල්ලා 17, ඉජාස් අහමඩ් 28, අබ්දුල් හාඩි 45, ( මිලාන් රත්නායක 46/1, වනුජ සහන් 58/5, නිශාන් පීරිස් 37/3, සොනාල් දිනූෂ 13/1)

ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 108 (ඕවර් 37)
ඉසානුල්ලා 27, ඉම්රාන් නොදැවී 51, ඉජාස් අහමඩ් නොදැවී 23 ( වනුජ සහන් 30/1, සොනාල් දිනූෂ 23/1)

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee