slc
logo
Home   |    News
මැයි 15, 2024
විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන ‘වනිඳු හසරංග‘ට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරනු ලබන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරග අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක 1 ස්ථානයේ පසුවන බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් සමඟ සමතැන් ගැනීමට ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක වනිඳු හසරංග සමත්ව සිටියි.

හසරංග මීට පෙර එම තෙවැනි ස්ථානයේ රැදී සිටි නමුත්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ නවතම යාවත්කාලීනයට අනුව එම දෙවැනි ස්ථානයේ රැදී සිටි ඇෆ්ගනිස්තානු ක්‍රීඩක මොහොමඩ් නබී තෙවැනි ස්ථානය දක්වා පහත වැටීමත් සමග අල් හසන් සමඟ පළමු ස්ථානයේ සම තැන් ගැනීමට වනිඳුට අවස්ථාව උදාවී තිබේ. මේ වන විට අල් හසන් සහ වනිඳු දෙදෙනාම ප්‍රසාද ලකුණු 228 බැගින් ලබා සිටියි.

මීට අමතරව වනිඳු ලොව විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ එංගලන්ත පිලේ පා දඟ පන්දු යවන ක්‍රීඩක අදෙල් රශීඩ්ට පමණක් දෙවැනි වෙමිනි. රශීඩ් ප්‍රසාද ලකුණු 726 ක් ලබා එහි මුලසුනේ සිටින අතර වනිඳු ලකුණු 687 ක් ලබා දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේය.

වසර ගණනාවක් පුරා විස්සයි-20 ජාත්‍යන්තර තරග පිටියේ කැපී පෙනෙන දස්කම් රැසක් දැක්වීමට සමත්වූ දකුණතු පා දඟ පන්දු යවන්නා මීට පෙර අවස්තා කීපයකදීම දක්ෂතම පන්දු යවන්නා ලෙසින් අංක 1 ස්ථානයට පැමිණීමට සමත්වූවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 65 කට ක්‍රීඩා කර ඇති වනිඳු මේ දක්වා පිත්තෙන් ලකුණු 650 ක් සහ පන්දුවෙන් කඩුලු 104 ක් දවා ගැනීමට සමත්ව සිටියි.

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee