slc
logo
Home   |    News
මැයි 15, 2024
විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන ‘වනිඳු හසරංග‘ට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරනු ලබන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරග අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක 1 ස්ථානයේ පසුවන බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් සමඟ සමතැන් ගැනීමට ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක වනිඳු හසරංග සමත්ව සිටියි.

හසරංග මීට පෙර එම තෙවැනි ස්ථානයේ රැදී සිටි නමුත්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ නවතම යාවත්කාලීනයට අනුව එම දෙවැනි ස්ථානයේ රැදී සිටි ඇෆ්ගනිස්තානු ක්‍රීඩක මොහොමඩ් නබී තෙවැනි ස්ථානය දක්වා පහත වැටීමත් සමග අල් හසන් සමඟ පළමු ස්ථානයේ සම තැන් ගැනීමට වනිඳුට අවස්ථාව උදාවී තිබේ. මේ වන විට අල් හසන් සහ වනිඳු දෙදෙනාම ප්‍රසාද ලකුණු 228 බැගින් ලබා සිටියි.

මීට අමතරව වනිඳු ලොව විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ එංගලන්ත පිලේ පා දඟ පන්දු යවන ක්‍රීඩක අදෙල් රශීඩ්ට පමණක් දෙවැනි වෙමිනි. රශීඩ් ප්‍රසාද ලකුණු 726 ක් ලබා එහි මුලසුනේ සිටින අතර වනිඳු ලකුණු 687 ක් ලබා දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේය.

වසර ගණනාවක් පුරා විස්සයි-20 ජාත්‍යන්තර තරග පිටියේ කැපී පෙනෙන දස්කම් රැසක් දැක්වීමට සමත්වූ දකුණතු පා දඟ පන්දු යවන්නා මීට පෙර අවස්තා කීපයකදීම දක්ෂතම පන්දු යවන්නා ලෙසින් අංක 1 ස්ථානයට පැමිණීමට සමත්වූවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 65 කට ක්‍රීඩා කර ඇති වනිඳු මේ දක්වා පිත්තෙන් ලකුණු 650 ක් සහ පන්දුවෙන් කඩුලු 104 ක් දවා ගැනීමට සමත්ව සිටියි.

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar