slc
logo
Home   |    News
මැයි 12, 2024
සහන් ආරච්චිගේ තුන් ඉරියව් දක්ෂතා ග්‍රීන්ස් පිල⁣ට ජය ගෙන එයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන් කණ්ඩායමේ සහන් ආරච්චිගේ අද (11) ශ්‍රී ලංකා ක්‍රිකට් යෙලෝ කණ්ඩායම සමඟ පැවැති තරගයේදී පන්දුවට පහරදීමේදී ලකුණු 21ක් ලබා පසුව පන්දු යැවීමේදී ලකුණු අටකට කඩුලු හතරක් දවා දැක් වූ තුන් ඉරියව්වේ විශිෂ්ට දක්ෂතා මත එස්.එල්.සී. ග්‍රීන් කණ්ඩායමට ලකුණු 82ක පහසු ජයක් අත්කර ගැනීමට අවස්ථාව උදා විණි.
ග්‍රීන් කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී රැස් කළ කඩුලු 8ට ලකුණු 183ට පිළිතුරු ලෙස යෙලෝ කණ්ඩායම ඕවර 15.1කදී සියලු පිතිකරුවන් දැවී රැස් කළේ ලකුණු 101කි.
එස්.එල්.සී. ග්‍රීන් මුලින් පන්දුවට පහරදෙද්දී ආරම්භක පිතිකරු ලෙස පැමිණි කමිල් මිෂාර පන්දු 23කදී හතරේ හතරක් හයේ දෙකක් සමඟ ලකුණු 42ක් ද රවිඳු ප්‍රනාන්දු පන්දු 31කදී හතරේ පහක් හයේ දෙකක් සමඟ ලකුණු 47ක් ද රැස් කරමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ආහ.
මොවුනගේ හොඳම සබඳතා දෙකක් වුයේ දෙවන කඩුල්ලට කමිල් මිෂාර සහ භානුක රාජපක්ෂ (ලකුණු 19යි පන්දු 8යි හතරේ තුනයි හයේ පහරයි) එක්ව දෙවන කඩුල්ලට පන්දු 16කදී එක් කළ ලකුණු 29ත් සිව්වන කඩුල්ලට කමිල් මිෂාර සහ සහන් ආරච්චි පන්දු 29කදී එක් කළ ලකුණු 43ත් ය.
යෙලෝ කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ලකුණු අතරට පිවිසියේ කුසල් මෙන්ඩිස් පමණකි. මෙන්ඩිස් පන්දු 22කදී හතරේ පහක් හයේ පහරක් සමඟ ලකුණු 38ක් ලැබීය.
දුනිත් වෙල්ලාලගේ පන්දු 17කදී හතරේ දෙකක් සමඟ ලකුණු 18ක් රැස් කළ අතර සෙසු පිතිකරුවනට ලකුණු දහයේ සීමාව ඉක්මවීමට අවස්ථාව නොලැබිණි.
2 / 2
ලකුණු පුවරුව
එස්.එල්.සී. ග්‍රීන් කඩුලු 8ට 183යි (ඕවර 20) –
(රවිඳු ප්‍රනාන්දු 47, කමිල් මිෂාර 42, සහන් ආරච්චිගේ 21, රමේෂ් මෙන්ඩිස් 16, භානුක රාජපක්ෂ 19, දිල්ෂාන් මධුශංක 37/2, වනිඳු හසරංග 31/2)
එස්.එල්.සී. යෙලෝ ඕවර 15.1කදී 101යි –
(කුසල් මෙන්ඩිස් 38, දුනිත් වෙල්ලාලගේ 18, ධනංජය ලක්ෂාන් 10, සහන් ආරච්චිගේ 8/4, කසුන් රාජිත 20/2යි)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar