slc
logo
Home   |    News
මැයි 26, 2024
කොළඹ ආධිපත්‍ය බිඳ දමමින් 23 න් පහළ ශූරතාව දඹුලු ක්‍රීඩිකාවෝ දිනා ගනිති

sinhala editor

තරගාවලියේ වැඩි තරග සංඛ්‍යාවකට වර්ෂාවෙන් බාධා පැමිණිනු වයස අවුරුදු 23 න් පහළ කාන්තා සුපිරි ලීග් ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම අද (26 දා) පෙරවරුවේ සමත්විය. ඒ ප්‍රබල කොළඹ ක්‍රීඩිකාවන් කඩුලු 4 ක පරාජයකට ඇද දමමිනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම අවසන් මහ තරයේදී කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනයට අනුව පළමුව පන්දුවට පහර දීමට පිවිසි කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 98 ක් රැස් කරගත් නමුදු ඊට පිිළිතුරු ලෙස දඹුලු පිතිකාරිණියෝ පන්දුවාර 18 කුත් පන්දු 2 කදී ඉලක්කය සපුරා ගියේ කඩුුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි’

පළමුව පන්දුවට පහර දීමට පැමිණි කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් වුණු ශිකාරි ද සිල්වා අශානි කෞෂල්‍යා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක සාර්ථක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් වුවද ඒ අතර පිවිසි හරිනි පෙරේරා එම කඩුලු දවා ගනිමින් තරගයේ වාසිය දඹුල්ල කණ්ඩායම වෙත නතු කර දුන්නාය. අනතුරුව ක්‍රියාතම්ක වුණු වමත් දඟ පන්දු යවන්නිය වන කණ්ඩායමේ නායිකා විදුෂිකා පෙරේරා පන්දුවාර 4 දී ලකුණු 24 ක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගනිමින් කොළඹ කණ්ඩායම අසරණත්වයට ඇද දැම්මාය. කොළඹ කණ්ඩාම වෙනුවෙන් ශිකාරි රැස් කරන ලද ලකුණ් 25 හැරුණු කොට ගෙන අනෙක් එක් පිතිකාරිණියක හෝ ලකුණු 20 සීමාව ඉක්මවාලීමට සමත් නොවුණාය.

ඉලක්කය හඹා යෑමේදී දඹුලු ආරම්භක පිතිකාරිණි හෂිනි ඉන්ද්‍රජිත් ලකුණු නොලබාම දවා ගැනීමට හෂිණි ලියනගේ සමත් වුවද අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ විමොෂ්කා බාලසූරිය (27) කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ අඩිතාලම එක් කළාය. මැද පෙළ පිතිකාරිනියන් එචරම් සාර්ථක නොවුනද අංක 6 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ලිමී තිලකරත්න පන්දු 25 කදී නොදැවී ලකුණු 21 ක් ලබා දඹුලු පිලේ ජයග්‍රහණය සනාථ වන තෙක්ම පන්දුවට පහර දුන්නාය. ඇයගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වද්දී විමෝක්ෂා තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් වර්ණවත් කර ගත්තාය. මෙම පිතිකාරිණියන්ට අමතරව නායිකා විදුෂිකා පෙරේරා පන්දු යැවීමට අමතරව පන්දු 15 ක් ඇතුළත ලකුණු 14 ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියාය.

පන්දු යැවීමේදී හෂිනි ලියනගේ ලකුණු 20 ක් ඇතුළත කඩුලු 3 ක්ද තරුෂි තත්සරණි ලකුණු 20 කට කඩුලු 2 ක් දවා ගත්තද එම දක්ෂතා දඹුලු කණ්ඩායමේ ජයග්‍රහණය අඩපණ කරළීමට තරම් බලපෑමක් එක් නොකළහ.

කොළඹ පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 98 යි – (ශිකාරි ද සිල්වා 25, නිකේෂා විජේසේකර 19, විදුෂිකා පෙරේරා 24/3, හරිනි පෙරේරා 12/2)

දඹුල්ල පන්දුවාර 18.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 99 යි – (විමෝක්ෂා බාලසූරිය 27, ලිමී තිලකරත්න 21*, විදුෂිකා පෙරේරා 14*, හෂිනි ලියනගේ 20/3, තරූෂි තත්සරණි 20/2)

 

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee