slc
logo
Home   |    News
මැයි 17, 2024
චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති

sinhala editor

 අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර මුවර්ස් කඩුලු තුනකින් බී.ආර්.සී. පරාජයට පත් කළේය.  එස්.එස්.සී. සහ නිගම්බු අතර තරගයත් ඒස් කැපිටල් සහ ටැමිල් යුනියන් අතර තරගයත් තීරණ නොමැතිව නතර කැරිණි.

  • චිලව් මේරියන්ස් කඩුලු 4කින් ජය ගනී.

සරවනමුත්තුපිටියේ පැවැති ‘බී‘ කොටසට අයත් වූ මේ තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ කවිඳු නිර්මාල් පන්දු 16කදී හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 24ක් රැස්කර පන්දු යැවීමේදී ලකුණු 29කට කඩුලු දෙකක් දවා තුන් ඉරියව්වේම දස්කම් දැක්වීය.

බදුරලිය කණ්ඩායම මේ තරගයේ මුලින් පන්දුවට පහරදෙද්දී වරක් ලකුණු පහකට කඩුලු තුනක් දැවී අවදානම් තත්ත්වයක සිටියදී දුනිත් ජයතුංග පන්දු 42කදී හතරේ පහක් හයේ දෙකක් සමඟ ලකුණු 56ක් ද නිලක්ෂ කසුන් පන්දු 21කදී හතරේ තුනක් සමඟ ලකුණු 18ක් ද රැස්කර පස්වන කඩුල්ලට ලකුණු 30ක සබඳතාවයක් තැබුවත් චිලව් මේරියන්ස් පිතිකරුවන් කිහිපදෙනකුම ලකුණු අතරට පිවිසීමෙන් මේරියන්ස්ට ජය අත්විය.

බදුරලිය ඕවර 20දී කඩුලු 9ට 110යි – (දුනිත් ජයතුංග 56, නිලක්ෂ කසුන් 18, රුචිර කෝසිත 07, රජිඳ පුංචිහේවා 14/3, කවිඳු නිර්මාල් 29/2යි)

 චිලව් මේරියන්ස් ඕවර 18.3කදී කඩුලු 6ට 114යි – (ලසිත් ලක්ෂාන් 35, චමෝද් සඳරු 18, අයෝන් ප්‍රනාන්දු 17, කවිඳු නිර්මාල් නොදැවී 24, නිර්මල රත්නායක 21/3, අලංකාර අසලංක 20/2යි)

  • මුවර්ස් කඩුලු තුනකින් බී.ආර්.සී. පරාජය කරයි.

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘බී‘ කොටසට අයත් වූ මේ තරගයේදී මුවර්ස් කණ්ඩායමේ සොහාන් ඩි ලිවේරා පන්දු 21කදී හතරේ පහක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 45ක් රැස් කළ අතර එම කණ්ඩායමේ මිලාන් රත්නායක ලකුණු 12කට කඩුලු තුනක් බිඳ දැමීය. බී.ආර්.සී. කණ්ඩායමේ දුෂාන් හේමන්ත තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

බී.ආර්.සී. ඕවර 20දී කඩුලු 7ට 131යි – (දුලාජ් අෂේන් නොදැවී 19, දුෂාන් හේමන්ත 21, සචිත් දල්පදාදු 15, ලිනාල් සුබසිංහ 15, දිල්ෂාන් ද සොයිසා 14, රවිජ සඳරුවන් 13, මිලාන් රත්නායක 12/3, ප්‍රවීන් ජයවික්‍රම 24/1, රමේෂ් මෙන්ඩිස් 26/1යි)

 මුවර්ස් ඕවර 18.5කදී කඩුලු 7ට 132යි – (සොහාන් ඩි ලිවේරා 45, රමේෂ් මෙන්ඩිස් 22, දිනුක දිල්ෂාන් 13, රොහාන් සංජය නොදැවී 29, මිලාන් රත්නායක නොදැවී 11, දුෂාන්ත හේමන්ත 19/4)

  • එස්.එස්.සී. – නිගම්බු තීරණයක් නෑ.

ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වූ එස්.එස්.සී. – නිගම්බු තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම ඕවර 1.3ක් පන්දුවට මුහුණ දෙද්දී අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කැරිණි.

එස්.එස්.සී. ඕවර 1.3කදී කිසිවකු නොදැවී 12යි

  • ඒස් කැපිටල් – ටැමිල් යුනියන් තරගයේ තීරණයක් නෑ.

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ ආරම්භ වූ ‘සී‘ කොටසට අයත් මේ තරගයේදී ඒස් කැපිටල් ඕවරයක් පමණක් යවා තිබියදී අයහපත් කාලගුණය මත තරගය නතර කැරිණි.

 ඒස් කැපිටල් ඕවර 1කදී කිසිවකු නොදැවී 07යි

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar