slc
logo
Home   |    News
මැයි 4, 2024
LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා

sinhala editor

ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස 21 වැනිදා මධ්‍යාහ්නයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.

කොළඹ ෂංග්‍රිලා හොටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසිය අඛණ්ඩවම පවත්වනු ලබන දෙවැනි අවස්ථාව වේ. 2020 වසරේදී පළමු වතාවට ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගාවලිය ත්‍රිත්වයම ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් හරහා තෝරා ගැනීම සිදුකරන ලද නමුත් ගෙවුණු වසරේදී පළමු වතාවට ක්‍රීඩක වෙන්දිසියකින් ක්‍රීඩකයින්ගේ තේරීම සිදුකෙරිණ.

සෑම කණ්ඩායමකටම උපරිම වහයෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකු සංචිතයේ රඳවා ගැනීමේ අවස්ථාව උදාවන අතර එහි අවමය ක්‍රීඩකයින් 20 දෙනෙකුවේ. ඒ අතරට විදේශීය ක්‍රීඩකයින් හය දෙනෙකු අනිවාර්ය වී තිබේ.

මීට අමතරව ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් 11 දෙනා අතර වයස අවුරුද 23 න් පහළ ක්‍රීඩකයකු ක්‍රීඩා කරවීම අනිවාර්ය කරුණක් බවට පත්ව තිබීමද කැපී පෙනෙයි.

මෙම ක්‍රීඩක වෙන්දේසීය රූපවාහිනිය ඞඔස්සේ සජීවීව විකාශනය කරනු ලබන අතර ඊට අමතරව ඩිජිටල් වේදිකා හරහාද සජීවීව විකාශනය කෙරෙනු ඇත.

මෙවර එල්.පී.එල්. තරගාවලිය ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා පැවැත්වෙන අතර එහි පළමු අදියර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීත්, දෙවැන්න රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙන අතර අවසන් අදියර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ෆ්ලෙචර් – ශකීබ් ගෝල් මාවල්ස්ට පළමු ජය රැගෙන එති
    පන්දු 25 කදී ලකුණු 66 ක වේගවත් ඉනිමක් දියත් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුවත් සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සහයෝගය නොමැතිවීම නිසා ලංකා ටී-10 තරගාවලිය යටතේ අද (11 දා) පැවැති දෙවැනි […]
  • ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවට ටී-10 ක්‍රිකට් එක්වූ වගයි…
    වසර දෙදහස් හයසියයකට ඈත අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් අද (11) දිනයේ නැවත වරක් ජගත් ප්‍රජාවගේ විශේෂ අවධානයට යොමු වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙය වීමෙන් සහ ක්‍රිකට් […]
  • ටී-10 පළමු තරගයෙන් ජැෆ්නා ටයිටෑන්ස්ට ජය
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම […]
  • ටී-10 පළමු අර්ධ ශතකය දසුන් ශානකගෙන්
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ඇරැඹි අභිනව ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය තමන් සතු කර ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වූවේය. ජැෆ්නා ටයිටෑන්ස් […]
  • ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස අගදී නවසීලන්තයට
    එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම දෙසැම්බර් මස අගදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය ලබන ජනවාරි මස මැද දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියට එක්දින තරග […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee