slc
logo
Home   |    News
ජූනි 8, 2024
ඇමෙරිකාවේ තණතීරුවල පිතිකරුවන්ට පහරදෙන්න අමාරුයි – නුවන් තුෂාර

sinhala editor

අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන් පන්දුව පහළින් එන අතර, ඇතැම් විට නොසිත පරිදි ඉපිලීමක් ඇතැයි ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර පැවැසීය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නුවන් තුෂාර මේ බව පැවැසීය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහි තරගයේදී කඩුලු 2කින් පරාජයට පත් වුවද, නුවන් තුෂාර බංග්ලාදේශ පිතිකරුවයන්ට අවසන් මොහොත දක්වාම පීඩනය එල්ල කරමින් කඩුලු 4ක් බිදහෙලීමට සමත් වූවේය.

“ අමෙරිකාවේ අපි මුහුණ දුන් තණතිලි වෙනස්. ඇත්තටම අපිට තවත් ලකුණු 20ක් 30ක් අඩු වුණා. මා අවසන් වරට ක්‍රීඩා කළ ඉන්දියාවේ තණතීරුවලට වඩා ගොඩක් වෙනස්. ඉන්දියාවේ තණතිලිවල ලකුණු තියෙනවා. පන්දු යවන්න අමාරුයි. මා අයිපීඑල්වලින් ඉගෙන ගත් දෙයින් මේ වගේ ලෝක මට්ටමේ තරගවලදී පීඩනය හසුරුවා ගන්න පහසු වුණා“ නුවන් තුෂාර පැවැසීය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා ද සහභාගි විය. මාධ්‍යවේදීහූ හලංගොඩ මහතාගෙන් ද ප්‍රශ්න විමසූහ.

“පරාජයට හේතුව තව ලකුණු 20ක් 30ක් විතර අපේ පිතිකරුවන් එක් නොකිරීම බව පිළිගන්නවා. හැබැයි මේ පිතිකරුවන් බංග්ලාදේශ සංචාරයේදී හොදින් කළා. මේ තණතීරුවල පැහැදිලි වෙනසක් තියෙනවා. නමුත් ඒක නිදහසට කරුණක් නොවෙයි. අපේ පිතිකරුවන් ඒකට හුරුවන්න ඕනේ. ලකුණු මදි බව මා පිළිගන්නවා“ හලංගොඩ මහතා පැවැසීය.

“අමෙරිකාවේ දේශගුණය හා තණතිලි සම්පූර්ණයෙන් වෙනස් නිසා අපි අමෙරිකාවට කලින් ආවා. නමුත් අවාසනාවට අපට නිසි පරිදි පුහුණුවීම් කරන්න බැරි වුණා. වැස්ස ආවා. ඒ වගේම තණතිලි හොද තත්ත්වයේ තිබුණේ නෑ. අපිට හොද තත්ත්වයේ කණතිලි සොයන්න වුණා. ඒ නිසා මෙහෙම වුණා කියන්නේ නෑ. හැබැයි අමෙරිකාවේ වාර්තා අරන් බැලුවාම පේනවා මේ තණතිලිවල ලකුණු නෑ කියලා. පිතිකරුවන් උපරිම තත්ත්වයට අනුගත විය යුතුයි. ලකුණු පුවරුවේ අපට හොද ලකුණු එකතුවක් නැතිනම් පන්දු යවන්නන්ට අපහසුයි“

“ පුහුණුවීම සඳහා හොද තණතිලි හොයා ගන්න බැරි වුණා. අපි ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සම්බන්ධ කර ගත්තා. ඇත්ත වශයෙන්ම සියලු ක්‍රීඩා පිටි සම්පූර්ණයෙන් වෙන්කර තිබුණා. අපි එක්සත් ජනපද කණ්ඩායම සමඟ පුහුණු තරග කිහිපයක් පවත්වන්න උත්සාහ කළා. අවාසනාවකට එයත් අපහසු වුණා“

“ අපේ නරඹන්නන්ට කියන්න තියෙන්නේ අපේ ක්‍රීඩකයින් පැහැදිලිවම ඉතා කලකිරීමට පත් වී ඇති බව මට පෙනුණා. නමුත් මට විශ්වාසයි අපේ පුහුණුකරුවන් සියලු දෙනාම ඔවුන් සමඟ කතා කරයි. මේ පරාජය පිළීබඳව අපි ඉතා කණගාටු වෙනවා. නමුත් අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා අඩුම තරමින් මීළඟ තරග දෙකේදීවත් අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කරයි කියලා“ මහින්ද හලංගොඩ මහතා පැවැසීය.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee