slc
logo
Home   |    News
ජූනි 27, 2024
එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අවසන් මහ සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට එන්.සී.සී, සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමත්වී සිටිති.

අවසන් පූර්ව තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී බී.ආර්.සී, සහ එන්. සී. සී. අතර තරගය කාසියේ වාසිය මත අවසන් මහ තරග අවස්ථාව තීරණය කෙරිණි. එහිදී කාසියේ වාසිය තමන් සතු කරගත් එන්.සී. සී. කණ්ඩායම ජුනි 28 වැනිදා පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව උදාකරගත්තේය.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය, මුවර්ස් පිලට එරෙහිව පැවැති තරගය කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරග වරම දිනා ගත්තේය.

පෙරවරුවේ පැවැති එන්.සී.සී. සහ බී.ආර්.සී, අතර තරගය පන්දුවාර 9 ක තරගයක් ලෙසින් ආරම්භ කෙරුණු නමුත්, ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 6.2 ක්  පමණි. ඒ වනවිටත් පන්දුවට පහර දෙින් සිටි බී.ආර්.සී. කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 61 ක් ලබා සිටියේය.

මේ අතර පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හරස්වීම නිසා පන්දුවාර 8 කට සීමා වෙමින් පැවැති අතර එහිදී පළමුව පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 70 ක් ලබා ගත් අතර එය හඹා යෑමේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පන්දුවාර 7.3 කදී කඩුලු 6 ක් පමණක් දැවී ඉලක්කය සපුරා යෑමට සමත්විය. එහ හඹා යෑමේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 6 ම ලකුණු 31 කදී බිඳ වැටී තිබුණද 7 වැනි කඩුල්ලට එක් වූ ළහිරු මදුශංක පන්දු 12 කදී හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 26 ක්ද නිපුන් කරුණානායක පන්දු 8 කදී හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සමඟින් නොදැවී ලකුණු 21 ක්ද රැස් කරමින් බ්ලූම්ෆීල්ඩ් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

1 වැනි අවසන් පූර්ව තරගය

කාසියේ වාසිය මත ජයග්‍රහණය එන්.සී.සී. පිලට

බී.ආර්.සී. පන්දුවාර 6.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 61 යි – (රවිජ සදරුවන් 39, භානුක රාජපක්ෂ 19*, දුෂ්මන්ත චමීර 11.1)

 

දෙවැනි අවසන් පූර්ව තරගය

බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 7 ක ජයක්

මුවර්ස් පන්දුවාර 8 කදී කඩුලු 9 කට ලකුණු 70 යි – (සොහාන් ද ලිවේරා 21, ජනිශ්ක පෙරේරා 12, සහන් නානානයක්කාර 13/4, ජෙෆ්රි වැනඩර්ස්සේ 10/2)

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 7.3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 73 යි – (ළහිරු මදුශංක 26*, නිපුන් කරුණානායක් 21*, දිනුක ඩිල්ෂාන් 08/3, ශිරාන් ප්‍රනාන්දු 08/2)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar