slc
logo
Home   |    News
ජූනි 22, 2024
එස්එස්සී පිල ලකුණු 8කින් රාගම පරදවයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද එස්එස්සී පිටියේදී නිමාවූ තරගයෙන් එස්එස්සී පිල ලකුණු 8ක ජයක් හිමිකර ගත්තේය.

රාගම ක්‍රිකට් සමාජය සමඟ එස්එස්සී ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහරදුන් එස්එස්සී පිල කඩුලු 8කට ලකුණු 286ක් ලබාගත් අතර, රාගම ක්‍රිකට් සමාජය ලකුණු 278කට දැවී ගියේය.

අද නිමාවූ තරගවලදී අර්ධ ශතක 11ක් වාර්තා වූ අතර, එස්එස්සී පිලේ අවිශ්ක ප්‍රනාන්දු, රාගම ක්‍රිකට් සමාජයේ සන්තුෂ් ගුණතිලක, රන්මිත් ජයසේන, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ සුපුන් වඩුගේ, ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයේ මොහොමඩ් සමාස්, පානදුර ක්‍රීඩා සමාජයේ ඔෂධ ප්‍රනාන්දු, සීසීසී පිලේ නිශාන් මධුෂ්ක, එන්සීසී පිලේ කමිල් මිෂාර, සහන් ආරච්චිගේ, බ්ලුම්ෆීල්ඩ් පිලේ රොන් චන්ද්‍රගුප්ත හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ තනුක දාබරේ අර්ධ ශතක ලබා ගත්හ.

එස්එස්සී පිල කඩුලු 8කට ලකුණු 286 (ඕවර් 50)
ෂෙවෝන් ඩැනියෙල් 28, අවිශ්ක ප්‍රනාන්දු 53, ක්‍රිෂාන් සන්ජුල 48, නුවනිඳු ප්‍රනාන්දු 33, දසුන් ශානක 48, නිසල තාරක 40 අතිරේක 16 ( ඒෂාන් මාලිංග 76/3, කල්හාර සේනාරත්න 33/2, රවිෂ්ක විජේසිරි 38/3)

රාගම ක්‍රිකට් සමාජය සමාජය සියලු දෙනා දැවී ලකුණු 278 (ඕවර් 49.1)
චමත් ගෝමස් 18, සන්තුෂ් ගුණතිලක 57, රවිඳු සෙම්බුකුට්ටි 26, රන්මිත් ජයසේන නොදැවී 79, පුලින තරංග 27, කල්හාර සේනාරත්න 41, අතිරේක 16(ෂෙහාන් හසරංග37/2, දසුන් ශානක 47/2, නුවනිඳු ප්‍රනාන්දු 43/2, කවිඳු නදීෂාන් 27/2 )

ටැමිල් යූනියන් කඩුලු 4කින් ජය ලබයි

පී සරා ඕවල් ක්‍රීඩා පිටියේදී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය අතර තරගයේ තවත් පන්දු 102ක් ඉතිරිව තිබියදී ටැමිල් යූනියන් කඩුලු 4ක ජයක් වාර්තා කළේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 168 (ඕවර් 47.2)
අභීෂේක් ලායනාරච්චි 19, ඔදිල් පෙරේරා 17, අයොන් ප්‍රනාන්දු 19, සුපුන් වඩුගේ නොදැවී 51, රචින්ද පුංචිහේවා 18, අතිරේක 13 ( තරිඳු රත්නායක 28/2, අයන සිරිවර්ධන 19/3)

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 172 (ඕවර් 33)
සිනෙත් ජයවර්ධන 19, මොහොමඩ් සමාස් නොදැවී 54, ළහිරු සමරකෝන් 18, අතිරේක 19 (අමිත පෙරේරා 34/2, ඉරුෂ්ක තිමිර 47/2)

එන්සීසී පිලට කඩුලු 6ක ජයක්

එන්සීසී පිල හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය එන්සීසී පිටියේදී පැවැති තරගයෙන් එන්සීසී පිල තවත් පන්දු 103ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

පානදුර ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 161 (ඕවර් 40.5)
විෂාන් හැළඹගේ 28, ඔෂධ ප්‍රනාන්දු 50, රමේෂ් නිමන්ත 29, අතිරේක 16 (චාමික කරුණාරත්න 27/2, චාමික ගුණසේකර 26/3, ලසිත් ඇඹුල්දෙනිය 27/3)

එන්සීසී පිල කඩුලු 4ක් දැවී ලකුණු 183 (ඕවර් 32.5)
ළහිරු උදාර 17, කමිල් මිෂාර නොදැවී 61, සහන් ආරච්චිගේ 50, අතිරේක 19 (ඉම්තියාස් සලාසා 33/2)

ඒස් කැපිටල් කඩුලු 6කින් ජය ලබයි

බ්ලුම්ෆීල්ඩ් හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ඒස් කැපිටල් කඩුලු 6කින් ජයක් ලබා ගත්තේය. තරගය පැවැති බ්ලුම්ෆීල්ඩ් පිටිය තෙතබරිත වීමෙන් තරගයේ එක් ඉනිමක් ඕවර් 27කට සීමා විය.

බ්ලුම්ෆීල්ඩ් පිල කඩුලු 7කට ලකුණු 159 (ඕවර් 27)
රොන් චන්ද්‍රගුප්ත 53, මිනෙත් ප්‍රේමරත්න 32, නිපුන් කරුණානායක 15, සචිත ජයතිලක නොදැවී 19, අතිරේක 19 (රවීන් ද සිල්වා 31/3)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය කඩුලු 5කට ලකුණු 161 (ඕවර් 23.4)
තනුක දාබරේ 73, පවන්ත වීරසිංහ 14, සම්මු අෂාන් 14, සකුන ලියනගේ නොදැවී 26, අතිරේක 19 ( ජෙෆ්රි වැන්ඩර්සේ 43/2)

කෝල්ට්ස් පිල කඩුලු 6කින් ජය ලබයි

පොලිස් ක්‍රීඩා සමාජය හා කොල්ට්ස් ක්‍රිකට් සමාජය අතර දොඹගොඩ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පන්දු 136ක් ඉතිරිව තිබියදී කෝල්ට්ස් පිල කඩුලු 6ක ජයක් වාර්තා කළේය. පිටිය තෙතබරිත වීමෙන් මෙම තරගය ඕවර් 45කට සීමා විය.

පොලිස් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 138 (ඕවර් 44.4)
හේෂාන් ධනුෂ්ක 20, විෂාද් රන්දික 31, රෂ්මික හිරුෂාන් 28, දිලුම් සුධීර නොදැවී 24 (හර්ෂණ වික්‍රමසිංහ 11/2, අකිල ධනංජය 24/3, සනෝජ් දර්ෂික 34/2)

කොල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 139 (ඕවර් 22.2)
යශෝධ ලංකා 34, ෂෙරාන් ෆොන්සේකා 27, රවිඳු රසාන්ත නොදැවී 34, ධනංජය ලක්ෂාන් 38 ( නලීන් ප්‍රියදර්ශන 18/2)

මුවර්ස් පිලට කඩුලු 7ක ජයක්

බීආර්සී – මුවර්ස් ක්‍රීඩා සමාජ අතර කටුනායක නිදහස් වෙළඳ කළාප ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පන්දු 26ක් ඉතිරිව තිබියදී ඩක්වර්ත් ලුවිස් න්‍යායෙන් මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 7ක ජයක් හිමි කර ගත්තේය. මුවමර්ස් පිලට ඕවර් 31කදී එල්ල වූ ඉලක්කය ලකුණු 136කි.

බීආර්සී ක්‍රීඩා සමාජය කඩුලු 9කට ලකුණු 177 (ඕවර් 50)
රිසිර විජේසූරිය 18, ලිනාල් සුබසිංහ 20, දුලාජ් අශේන් 35, අතිරේක 19 (තිලංග උදේශන 30/2, රමේෂ් මෙන්ඩිස් 32/3, ප්‍රවීන් ජයවික්‍රම 31/2)

මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 3කට ලකුණු 139 (ඕවර් 26.4)
ජනිෂ්ක පෙරේරා 39, දිනුක දිල්ෂාන් 20, සධීර සමරවික්‍රම නොදැවී 40, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 31 ( දුෂාන් හේමන්ත 22/1, මහේන්දිරන් කවිලාන් 20/1, ඇන්ටන් සාරාන් 27/1)

සීසීසී පිලට කඩුලු 7ක ජයක්

කුරුණෑගල යූත් ක්‍රිකට් පිල හා සීසීසී අතර කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් සීසීසී පිල පන්දු 217ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් අත්කර ගත්තේය.

කුරුණෑගල යූත් පිල සියලු දෙනා දැවී ලකුණු 103 (ඕවර් 29)
කමේෂ් නිර්මාල් 32, රශ්මික මධුසංඛ 30, අතිරේක 11 ( අසිත ප්‍රනාන්දු 11/2, චතුරංග ද සිල්වා 17/3, වනිඳු හසරංග 15/3)

සීසීසී පිල කඩුලු 3ක් දැවී ලකුණු 104 (ඕවර් 12.5)
නිශාන් මධුෂ්ක නොදැවී 81, පවන් රත්නායක නොදැවී 15 ( විකුම් සනංජය 16/1, කවික දිල්ෂාන් 29/1, තරිඳු කෞෂාල් 20/1)

කැන්ඩි – නුගේගොඩ තරගය විසඳුමක් නෑ

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය හා නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය අතර මොරටුව ද සොයිසා පිටියේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය. පිටියේ තෙත බරිත තත්ත්වය අනුව ඉනිමක් ඕවර් 27කට සීමා කෙරුණද දෙවැනි ඉනිමට පන්දුවට පහරදුන් නුගේගොඩ පිල ඕවර් 9ක් ක්‍රීඩා කරද්දී වර්ෂාව ඇඳ හැලුනේය.

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 106 (ඕවර් 25.1)
තෙවිඳු දික්වැල්ල 35, නාලක තේනුවර 12 (තිලකරත්න සම්පත් 17/3, ඩිලාන් ජයලත් 16/2, ඉන්සක සිරිවර්ධන 16/2 )

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය කඩුලු2කට ලකුණු 47 (ඕවර් 9)
දිලාන් ජයලත් නොදැවී 30 (කකෞමාල් නානායක්කාර 18/1, යොහාන් මැද්දගේ 8/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවේ තණතිලි විශිෂ්ටයි – ඔමාර්සායි
    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී ප්‍රථම වතාවට තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීම පිළිබඳව තමා දැඩි සතුටට පත්ව සිටින බව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අංක හත පිතිකරු අස්මතුල්ලා ඔමාර්සායි ගෝල් […]
  • කණ්ඩායමේ සාමුහිකත්වය අපට ජය ගෙන ආවා – මතීෂ පතිරණ
    කළම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර ජූලි 06 වැනිදා දඹුල්ලේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගය කණ්ඩායම් දෙකම ලකුණු දෙසීයයේ සීමාව අසළටම පැමිණ තියුණුම මුහුණුවරක් ඉසිලුවත් එම තරගය කළම්බු […]
  • තණතීරු ගැන පැතුම්ගේ අදහස
    මේ වන විට ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ තණතිලි ක්‍රිකට් ක්‍රීඩකයනට සැපයෙන හෙයින් ඉදිරියේදී දැනටත් වඩා ලකුණු රැස් කිරීමට පිතිකරුවනට අවස්ථාව උදා වනු ඇතැයි ජැෆ්නා කින්ග්ස් – දඹුල්ල සික්සර්ස් […]
  • අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම අපේ අභිප්‍රායයි – රොසොව්
    දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ ප්‍රථම සහ දෙවන ස්ථානයන් අතර පසු වන තම කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අපේක්ෂාව බව ජැෆ්නා කින්ග්ස් සහ කළම්බු ස්ට්‍රයිකර්ස් […]
  • පළමු තරගයේම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වීම ගැන සතුටුයි – ප්‍රභාත් ජයසූරිය
    කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වන ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ දිනේෂ් චන්දිමාල් යන ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය බිඳ දැමීමේ වැදගත්කම දැන සිටි අපගේ කණ්ඩායම (ගෝල් මාවල්ස්) එය ඉටු කර […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee
logo