slc
logo
Home   |    News
ජූනි 13, 2024
ඒස් කැපිටල් පිට පිට දෙවැනි ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය හා එස්එස්සී අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඒස් කැපිටල් පිල කඩුලු 5ක ජයක් හිමිකර ගත්තේය. ඒස් කැපිටල් පිල සහභාගී වූ පළමු තරගයේදී මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 22කින් පරාජය කළ හෙයින් මෙය පිට පිට ලබාගත් දෙවැනි ජයග්‍රහණය වේ.

අද නිමාවූ තරගවලදී අර්ධ ශතක 9ක් වාර්තා වූ අතර, එස්එස්සී පිලේ දිමුත් කරුණාරත්න, ඒස් කැපිටල් ක්‍රීකට් සමාජයේ පවන්ත වීරසිංහ, බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ළහිරු මධුසංඛ, රාගම ක්‍රිකට් සමාජයේ රවිඳු සෙම්බුකුට්ටි හා පුලින තරංග, කොල්ට්ස් ක්‍රිකට් සමාජයේ රවිඳු රෂාන්ත, මුවර්ස් ක්‍රීඩා සමාජයේ ජනිශ්ක පෙරේරා හා පසිඳු සූරියබණ්ඩාර, නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජයේ කවීන් පෙරේරා එම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුහ.

එස්එස්සී පිල සියලු දෙනා දැවී ලකුණු 157 (ඕවර් 42.3)
දිමුත් කරුණාරත්න 78, රනිඳු සෝමරත්න 19, අතිරේක 12 ( රවිඳු රත්නායක 16/2, ෂම්මු අෂාන් 31/2, තනුක දාබරේ 31/3)

ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය කඩුලු 5කට ලකුණු 162 (ඕවර් 38.2)
පවන්ත වීරසිංහ නොදැවී 79, සකුන ලියනගේ 15, ෂම්මු අශාන් 39, අතිරේක 14 (ප්‍රමෝද් මධුෂාන් 24/2)

ටැමිල් යුනියන් පිලට ලකුණු 45ක ජයක්

කටුනායකදී පැවැති ටැමිල් යූනියන් – මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ලකුණු 45ක ජයක් ටැමිල් යූනියන් පිලට හිමි විය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 184 (ඕවර් 37)
සඳුන් වීරක්කොඩි 39, මොහොමඩ් ෂමාස් 36, සිතාර හපුහින්න 36, අයන සිරිවර්ධන 21, මිරංග වික්‍රමගේ 16 ( චනුර ප්‍රනාන්දු 35/2, දිල්ෂාන් මුණවීර 37/2, පසිඳු උස්හෙට්ටිගේ 30/2)

මීගමුව ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 139 (ඕවර් 33.2)
හිමාෂ ලියනගේ 17, දිල්ෂාන් මුණවීර 14, නිශාන් පීරිස් 19, ෂෙහාන් ප්‍රනාන්දු 34, පසිඳු උස්හෙට්ටිගේ 17 (තේෂාන් විතූෂාන් 22/3, තරිඳු රත්නායක 33/3, මිරංග වික්‍රමගේ 32/2)

බ්ලුම්ෆීල්ඩ් ලකුණු 14කින් ජය ලබයි

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අතර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 14ක ජයක් හිමිකර ගැනීමට බ්ලුම්ෆීල්ඩ් පිල සමත් වූවේය.

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 218 (ඕවර් 26)
හසිත බෝයගොඩ 14, නිපුන් කරුණානායක 34, ළහිරු මධුසංඛ 66, සචිත ජයතිලක නොදැවී 41, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 23, අතිරේක 14 (සන්තුෂ් ගුණතිලක 23/2, නිපුන් මාලිංග 32/2)

රාගම ක්‍රිකට් සමාජය කඩුලු 9ක් දැවී ලකුණු 204 (ඕවර් 26)
කවිරු සෙනහස් 24, රවිඳු සෙම්බුකුට්ටි නොදැවී 68, පුලින තරංග 69 (ඉසිත විජේසුන්දර 38/2, ට්‍රෙවීන් මැතිව් 27/3)

කොල්ට්ස් පිලට කඩුලු 4ක ජයක්

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී නිමාවූ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය හා කෝල්ට්ස් අතර තරගයෙන් කෝල්ට්ස් පිලට කඩුලු 4ක ජයක් හිමි විය.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය කඩුලු 8කට ලකුණු 178 (ඕවර් 50)
හසිත පෙරේරා 21, කමේෂ් සිර්මාල් 25, රෂ්මික මධුසංඛ 42, තරිඳු විජේසිංහ 20, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 16, චතුර බණ්ඩාර නොදැවී 18, අතිරේක 21(අකිල ධනංජය 28/2)

කොල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 6කට ලකුණු 177 (ඕවර් 29.5)
යශෝධ ලංකා 31, ෂෙරාන් ෆොන්සේකා 14, දිනේෂ් චන්දිමාල් 45, රවිඳු රෂාන්ත 57, හිරුන ගාල්ලගේ 15, අතිරේක 13 (තරිඳු විජේසිංහ 13/2)

කැන්ඩි කස්ටම්ස් පිලට කඩුලු 2ක ජයක්

බඳුරලිය පිල හා කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 2ක ජයක් හිමිකර ගැනීමට කැන්ඩි පිල සමත් වූවේය.

බඳුරලිය පිල සියලු දෙනා දැවී ලකුණු 141 (ඕවර් 43.1)
සසංක නිර්මාල් 45, දුනිත් ජයතුංග 25 රනේෂ් සිල්වා 31, ( උෂාන් ඉෂාක් 16/4, අකිල දිල්ෂාන් 21/2, කෞමාල් නානායක්කාර 17/2)

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය කඩුලු 8කට ලකුණු 142 (ඕවර් 40.5)
තෙවිඳු දික්වැල්ල 21, නඳුන් දිල්ෂාන් 32, සහන් කෝසල 19, කළණ විජේසිරි 21, නාලක තේනුවර 25 (අලංකාර අසංක 39/2, සදීප් කවිෂ්ක 24/3, සසංක නිර්මාල් 16/2)

සීසීසී පිලට ලකුණු 66ක ජයක්

සීසීසී හා පොලිස් ක්‍රීඩා සමාජය අතර පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී සීසීසී පිලට ලකුණු 66ක ජයක් අත්විය.

සීසීසී පිල සියලු දෙනා දැවී ලකුණු 196 (ඕවර් 33.5)
නිශාන් මධුශ්ක 19, ලසිත් කෲස්පුල්ලේ 19, සොනාල් දිනූෂ 36, අශාන් ප්‍රියංජන 47, චතුරංග ද සිල්වා 14, අතිරේක 13 (චාරුක ප්‍රෙමා්ද් 39/3, දමුත් කප්පගොඩ 24/3, දිලුම් සුධීර 32/2)

පොලිස් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 130 (ඕවර් 30)
ධනුජ ඉඳුවර 43, විශාද් රන්දික 15, අශේන් බණ්ඩාර 17, රශිමික හිරුෂාන් 23, හිමේෂ් රාමනායක 16 (චමිඳු විජේසිංහ 15/2, චතුරංග ද සිල්වා 26/4, දුවිඳු රත්නායක 20/2)

මුවර්ස් පිලට ලකුණු 51ක ජයක්

මුවර්ස් ක්‍රීඩා සමාජය හා නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය අතර මොරටුව ද සොයිසා පිටියේ පැවැති තරගයෙන් මුවර්ස් පිල ලකුණු 51ක ජයක් වාර්තා කළේය.

මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 9ක් දැවී ලකුණු 229 (ඕවර් 49)
ජනිශ්ක පෙරේරා 97, පසිඳු සූරියබණ්ඩාර 75, රමේෂ් මෙන්ඩිස් 19, (තිලකරත්න සම්පත් 34/3, දිල්ෂාන් අබේසිංහ 39/5)

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 178 (ඕවර් 49)
තිලකරත්න සම්පත් 29, කවීන් පෙරේරා 58, පසිඳු පැතුම් 15 අතිරේක 12 (මිලාන් රත්නායක 26/3, රමේෂ් මෙන්ඩිස් 21/2)

Active filters

Recent Posts

  • බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්
    ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු […]
  • කොළඹ – ජැෆ්නා ජය ලබද්දී ෂමාස්ගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල ලකුණු 127කින් හා ජැෆ්නා පිල ලකුණු 70කින් ජය තහවුරු කර ගත්හ. […]
  • තුන්කොන් තරගාවලියට යන බාළිකා පිලේ නායිකාව මනුදි
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑම නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්සු කුමරි විදුහලේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ජයක්
    වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරගයෙන් කඩුලු @ ක ජයක් වාර්තා කිරීමට […]
  • පැතුම්ගේ පිතිහරඹය විශිෂ්ඨයි – සනත් ජයසූරිය
    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවට පහර දුන් ආකාරය තමා ඉහළින්ම අගය කරන බවත් ඔහු පහරවල් එල්ල කරන විලාශය නැරැඹීම ද මහත් සතුටක් ගෙන දෙන්නක් බවත් ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee