slc
logo
Home   |    News
ජූනි 30, 2024
යූත් ලීග් අවසන් සටනට කොළඹ උතුරු සහ දකුණ වරම් ලබති

sinhala editor

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා කොළඹ දකුණු කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වීමට කොළඹ උතුරු කණ්ඩායම අද (30 දා) පස්වරුවේදී සමත්විය.

මෙම අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීම වෙනුවෙන් අද දිනයේදී කොළඹ උතුරු කණ්ඩායමට සහ කැන්ඩි කණ්ඩායමට ජයග්‍රහණය වාර්තා කිරීම තීරණාත්මක නමුත්, මෙහිදී දඹුලු කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් උතුරු පිල ජූලි 01 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

අද තරග ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියේ කැන්ඩි කණ්ඩායම වන අතර කොළඹ උතුරු කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවිය. කෙසේ වෙතත් ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කැන්ඩි කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 242 ක් රැස් කළද එය හඹා ගිය ගාලු පිතිකරුවෝ පන්දුවාර 33.2 කදී කඩුලු 2 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ.

කොළඹ උතුර හා දඹුල්ල අතර තරගයේදී කොළඹ උතුර පන්දු යවන්නෝ මෙවර තරගාවලියේ අඩුම ලකුණු ගණනකට දඹුල්ල පිල දවා ගැනීමට සමත්වීම කැපී පෙණුනි. කොළඹ උතුර පිලේ විශ්ව ධනංජය කඩුලු 5ක් හා කිත්ම විදානපතිරණ කඩුලු 3ක් බිදහෙලීමෙන් පීඩනයට ලක්වූ දඹුල්ල පිල ලකුණු 85කට දැවී ගියේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ උතුර පිල ඕවර් 5.5කදී කඩුලු 2කට ලකුණු 87ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල කණ්ඩායම හා මහනුවර අතර තරගයෙන් කඩුලු 8ක ලබා ගැනීමට ගාල්ල පිල සමත් විය. ගාල්ල කණ්ඩායමේ දර්ශික සන්දීප් පන්දු 75කදී හයේ පහර 3ක් හා හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 93ක් රැස්කළ අතර, රන්දුල් සමරහේවා පන්දු 66කදී හයේ 2ක් හා හතරේ 11ක් සමඟ ලකුණු 80ක් වාර්තා කළේය.

දඹුල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 85 (ඕවර් 30.1)
ජනිඳු රණසිංහ 10, දිමිත් අබේසිංහ 29, අතිරේක 22 (විශ්ව ධනංජය 25/5, කිත්ම විදානපතිරණ 14/3)

කොළඹ උතුර පිල කඩුලු 2ක් දැවී ලකුණු 87 (ඕවර් 5.5)
තනූජ රාපක්ෂ 31, කිත්ම විදානපතිරණ නොදැවි 41, අතිරේක 8 (භාග්‍ය ඉෂාන් 35/1, දිමන්ත අරූෂ 49/1)

ගාල්ල පිලට කඩුලු 8ක ජයක්

මහනුවර කණ්ඩායම කඩලු 8කට ලකුණු 242 (ඕවර් 50)
ජනුක රත්නායක 70, ලක්වින් අබේසිංහ 24, විදුක ධම්මගේ 25, කවීජ ගමගේ නොදැවී 46, ඉසුරු පන්නල 21, විතිල උදාර 21, අතිරේක 18 (විරාන් චමුදිත 52/2, අරෝෂ උදයංග 55/2)

ගාල්ල කණ්ඩායම කඩලු 2කට ලකුණු 243 (ඕවර් 33.2)
රන්දුල් සමරහේවා 80, දර්ශික සන්දීප් නොදැවී 93, චාර්යා පරණවිතාන 13, අතිරේක 10 (බිමාෂ සමරසිංහ 47/1, ලක්වින් අබේසිංහ 55/1)

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee