slc
logo
Home   |    News
ජූනි 28, 2024
කොළඹ දකුණ ‍පිල පිට පිට තෙවැනි ජයත් ලබයි

sinhala editor

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ අද (28) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ දකුණු කණ්ඩායම හා ගාල්ල අතර තරගයෙන් කඩුලු 6ක ලබා තරගාවලියේ පිට පිට තෙවැනි ජයග්‍රහණය සටහන් කළේය.

කොළඹ දකුණ පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ගාල්ලට ආරාධනා කළ අතර, ගාල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 248ක් රැස් කළේය. පිළීතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ දකුණ කණ්ඩායම කඩුලු 4කට ලකුණු ලකුණු 249ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

කොළඹ දකුණ කණ්ඩායමේ දෙනෙත් ප්‍රියංග පෙරේරා මෙවර තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීම කැපී පෙණුනි. ඔහු පන්දු 98කදී හයේ පහර 2ක් හා හතරේ පහර 11ක් සමඟ නොදැවී ලකුණු 109ක් ලබා ජයග්‍රහණයේ නියමුවා විය. ගාල්ල පිලේ ආරම්භක පිතිකරු රන්දුල් සමරහේවා බන්දු 99කදී හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් සමඟ ලකුණු 98ක් වාර්තා කළද ඔහුගේ උත්සහය අපතේ ගියේය.

ගාල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 248 (ඕවර් 43.1)
චාර්යා පරණවිතාන 18, රන්දුල් සමරහේවා 98, දර්ශික සන්දීප් 34, තෙමිඳු ප්‍රදීප්ත 23, විශ්ව සුපුන් 11, විරාන් චමුදිත 37, අතිරේක 18 ( සහන් කෞෂල්‍ය 40/3, හිරුධ ප්‍රනාන්දු 47/4)

කොළඹ දකුණ කණ්ඩායම කඩුලු 4කට ලකුණු 249 (ඕවර් 40.4)
ගවිරු සංකෙත් 50, රිවිත් ජයසූරිය 28, රෙහාන් පීරිස් 29, දෙනෙත් ප්‍රියංග පෙරේරා නොදැවී 109, දිනෙත් සිතුමිණ නොදැවී 21, අතිරේක 10 (අරෝෂ උදයංග 38/2)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee