slc
logo
Home   |    News
ජූනි 14, 2024
චමෝද් සඳරුගේ තුන් ඉරියව් දදක්ෂතා මේරියන්ස් පිලට ජය ගෙනෙයි

sinhala editor

මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද (14) පැවැති මේජර් අන්තර් සමාජ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. සහ චිලව් මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරු ලකුණු 66ක් රැස් කර පසුව ලකුණු 34කට කඩුලු 4ක් දවාලමින් දැක් වූ තුන් ඉරියව්වේ විශිෂ්ට දස්කම් මත චිලව් මේරියන්ස්ට ලකුණු 29කින් ප්‍රබල එන්.සී.සී. පරාජය කිරීමට අවස්ථාව උදා විණි.

චිලව් මේරියන්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙන අවස්ථාවේ චමෝද් සඳරු පන්දු 86කට මුහුණදී හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 66ක් රැස් කර තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විණි.
මේරියන්ස් කණ්ඩායම පන්දු යවන අවස්ථාවේදී ද චමෝද් සඳරු පන්දු ඕවර 9.2ක් යවා ලකුණු 34කට එන්.සී.සී. පිතිකරුවන් සිව්දෙනකුම දවාලුවේ තරගයේ වැඩිම කඩුලු දවාලු පන්දු යවන්නා ලෙසටය.
මේ තරගයේදී චිලව් මේරියන්ස් සියලු පිතිකරුවන් ඕවර 45.2කදී දැවී රැස් කළ ලකුණු 172ට පිළිතුරු ලෙස එන්.සී.සී. කණ්ඩායමට ඕවර 33.2කදී කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 143කි.
චිලව් මේරියන්ස් කණ්ඩායමේ පිතිකරුවන් අතර දක්ෂතා දැක් වු සෙසු පිතිකරුවන් වූ අභිෂේක් ලියනආරච්චි ලකුණු 39ක් ද (පන්දු 48යි හතරේ හතරයි හයේ දෙකයි) හෙෂාන් හෙට්ටිආරච්චි ලකුණු 17ක් ද රැස් කළහ.
එන්.සී.සී. පිතිකරුවන් අතුරින් කැපී පෙනුණු සහන් ආරච්චිගේ පන්දු 57කදී හතරේ තුනක් සමඟ ලකුණු 35ක් ද කමිල් මිෂාර පන්දු 31කදී හතරේ පහක් සමඟ ලකුණු 28ක් ද චාමික ගුණසේකර පන්දු 44කදී හතරේ පහරක් සමඟ ලකුණු 20ක් ද ලැබුහ.
එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය (40/3) සහ ළහිරු කුමාර (13/3) පන්දු යැවීමේදී කැපී පෙනුණි.
ලකුණු පුවරුව
චිලව් මේරියන්ස් ඕවර 45.2කදී සියල්ල දැවී 172යි – (චමෝද් සඳරු 66, අභිෂේක් ලියනආරච්චි 39, හෙෂාන් හෙට්ටිආරච්චි 17, අයන් ප්‍රනාන්දු 15, ලසිත් ඇඹුල්දෙණිය 40/3, ළහිරු කුමාර 13/3, චාමික කරුණාරත්න 30/2යි)
එන්.සී.සී. ඕවර 33.2කදී සියල්ල දැවී 143යි – (සහන් ආරච්චිගේ 35, කමිල් මිෂාර 28, ළහිරු උදාර 22, චාමික ගුණසේකර 20, චමෝද් සඳරු 34/4, රජිඳ පුංචිහේවා 36/2, අමිත සංදීප් පෙරේරා 36/2යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee