slc
logo
Home   |    News
ජූනි 11, 2024
පළමු ශතකය නිශාන් මධුශ්කගෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 137ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බඳුරලිය ක්‍රීඩා සමාජය සමත් වෙයි. කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සමඟ මග්ගොනදී පැවැති තරගයේදී බඳුරලිය පිල ඕවර් 50කදී කඩුලු 8කට ලකුණු 178ක් ලබාගත් අතර, කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය ලකුණු 41කට සියලු දෙනා දැවී ගියේය.

බඳුරලිය පිලේ අලංකාර අසංක සිල්වා ලකුණු 14කට කඩුලු 4ක් බිඳ හෙලා දස්කම් දැක්විය. නිර්මාල් රත්නායක, රුචිර කෝස්තා හා ෂෙහාන් විජේසිංහ කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

බඳුරලිය පිල කඩුලු 8කට ලකුණු 178 (ඕවර් 50)
සදීප් කවිෂ්ක 70, සසංක නිර්මාල් 42, සෙනුර දේශප්‍රිය නොදැවී 15, නිර්මාල් රත්නායක නොදැවී 15, අතිරේක 17 ( විකුම් සන්ජය 40/3, කසුන් ඒකනායක 33/3)

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 41 (ඕවර් 18.2)
විකුම් සන්ජය 14 ( අලංකාර අසංක සිල්වා 14/4, නිර්මාල් රත්නායක 13/2, රුචිර කෝස්තා 9/2, ෂෙහාන් විජේසිංහ 5/2)

සීසීසී පිලට කඩුලු 9ක ජයක්

බීආර්සී හා සීසීසී අතර කොළඹ එස්එස්සී පිටියේ පැවැති තරගයෙන්
සීසීසී පිලට කඩුලු 9ක ජයක් අත්විය. මෙම තරගවාරයේදී පළමු ශතකය වාර්තා කිරීමට නිශාන් මධුශ්ක සමත් වූවේය. ඔහු පන්දු 63කදී හයේ 5ක් හා හතරේ පහර 15ක් සමඟ නොදැවී ලකුණු 122ක් ලබා ගත්තේය.

බීආර්සී පිල කඩුලු 9ක් දැවී ලකුණු 182 ( ඕවර් 50)
ඩිල්ශාන් ද සොයිසා 29, දුශාන් හේමන්ත 29, ලිනාල් සුබසිංහ 32, මොවින් සුබසිංහ 17, කේශාන් විජේරත්න 24 (චතුරංග ද සිල්වා 27/2, සොනාල් දිනූෂ 31/3)

සීසීසී පිල කඩුල්ලක් දැවී ලකුණු 183 (ඕවර් 18.4)
නිශාන් මධුශ්ක නොදැවී 122, ලසිත් කෲස්පුල්ලේ 23, පවන් රත්නායක නොදැවී 34 (දුශාන් හේමන්ත 44/1)

ඒස් කැපිටල් පිලට ලකුණු 22ක ජයක්

මීගමුව ක්‍රිකට් සමාජය හා ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය අතර ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 22කින් ජය ගැනීමට ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය සමත් විය. කාසියේ වාසිය දිනාගත් මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 115ක් රැස්කළ අතර, ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය කඩුලු 6කට ලකුණු 105ක් ලබා සිටියදී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය නවතා දැමුණි.

ඒස් කැපිටල් ක්‍රීකට් සමාජයේ තනුක දාබරේ ලකුණු 28කට කඩුලු 6ක් බිදහෙලීමට සමත් විය.

මීගමුව ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 115 (ඕවර් 35.2)
කේෂාන් වන්නිආරච්චි 39, හිමාෂ ලියනගේ 18, උමේෂ් ලක්ෂාන් 15 (තනුක දාබරේ 28/6, වනුජ සහන් 22/2)

ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය කඩුලු 6කට ලකුණු 105 (ඕවර් 33.3)
තනුක දාබරේ 32, ෂම්මු අශාන් නොදැවී 30 (පසිඳු උස්හෙට්ටිගේ 18/2)

රාගමට කඩුලු 5ක ජයක්

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රීකට් සමාජය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් රාගම ක්‍රීකට් සමාජයට කඩුලු 5ක ජයක් අත්විය. කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය කඩුලු 5කට ලකුණු
141ක් ලබාගත් අතර, රාගම ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ජයග්‍රහාහී ඉලක්කය පසු කළහ.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 141 (ඕවර් 35.4)
සුපුන් වඬුගේ 46, හේෂාන් හෙට්ටිආරච්චි නොදැවී 22, ඉරුෂ්ක තිමිර 25, අතිරේක 15 ( සන්තුෂ් ගුණතිලක 20/4, නිපුන් මාලිංග 20/2, කල්හාර සේනාරත්න 29/2, පුලින තරංග 15/2)

රාගම ක්‍රීකට් සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 142 (ඕවර් 25.4)
ගවිරු සෙනහස් 33, සන්තුෂ් ගුණතිලක 25, දුලාජ් බණ්ඩාර 16, රවිඳු සෙම්බුකුට්ටි නොදැවී 27 ( කවිඳු නිර්මාන 19/1, හේෂාන් හෙට්ටිආරච්චි 20/1, චමෝද් සඳරු 27/1, අමිත් පෙරේරා 24/1)

මුවර්ස් පිලට ලකුණු 66ක ජයක්

මුවර්ස් ක්‍රීඩා සමාජය හා කැන්ඩි කස්ටම්ස් අතර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ පැවැති තරගයෙන් මුවර්ස් පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 66ක ජයක් අත්විය.

මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 262 ((ඕවර් 34)
ජනිශ්ක පෙරේරා 45, සොහාන් ද ලිවේරා 79, පසිඳු සූරියබණ්ඩාර 66, මල්ෂ තරුපති නොදැවී 32, රමේෂ් මෙන්ඩිස් 18, අතිරේක 22 (යොහාන් මද්දගේ 47/2)

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 103 (ඕවර් 21.3)
තෙවිඳු දික්වැල්ල 32, සසිත් මනුරංග 18, සහන් කෝසල නොදැවී 29 (රොහාන් සංජය 29/2, ගරුක සංකේත් 12/2)

පොලිස් පිලට ලකුණු 75ක ජයක්

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැති පොලිස් ක්‍රීඩා සමාජය හා නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය අතර පැවැති තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පොලිස් පිලට ලකුණු 75ක ජයක් හිමි විය.

පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 250 (ඕවර් 49)
ධනුජ ඉඳුවර 40, හේෂාන් ධනුශ්ක 53, විශාද් රන්දික 36, අශේන් බණ්ඩාර 32, නදීර බාලසූරිය 31, රශිමික හිරුෂාන් 16, අතිරේක 24 (රුවින් සෙනෙවිරත්න 38/2)

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය සියලු දෙනා දැවී ලකුණු 157 (ඕවර් 37) තිලකරත්න සම්පත් 30, සුපුන් කාවින්ද 61, කෙවින් පෙරේරා 15 (දිලුම් සුධීර 25/3, රශ්මික හිරුශාන් 13/2)

බ්ලුම්ෆීල්ඩ් – පානදුර විසදුමක් නෑ

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර පානදුර ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේ පැවැත.ි තරගය විසඳුමකින් තොරව නිමාවට පත් වූවේය.

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 83 (ඕවර් 11.2)
රොන් චන්ද්‍රගුප්ත 43, හසිත බෝයගොඩ නොදැවී 25 (අසේල සම්පත් 23/1, විශ්ව ළහිරු 1/1)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee