slc
logo
Home   |    News
ජූනි 6, 2024
ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා සටනේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල වෙනසක්

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම තරගාවලියේ මූලික කාලසටහනට අනුව පළමු එක්දින තරග 3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණ පිළිසකර කිරීම එම කාර්යය මණ්ඩලයට අසීරු කරුණක් වී ඇති බැවින් එම තරග 3 ද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට දෙරටේ කලමනාකාරීත්වය එකඟතාවයකට පැමිණ තිබේ.

ජුනි මස 15 වැනිදා, 18 සහ 21 යන තෙදින එක්දින තරග 3 පැවැත්වෙද්දී ජුනි 24, 26 සහ 28 යන දිනවල පන්දුවාර විස්සයි-20 තරග පැවැත්වෙන අතර සියලුම තරග පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත.

දිනය තරගය ක්‍රීඩාංගණය
ජුනි 15 පළමු එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 18 දෙවැනි එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 21 තෙවැනි එක්දින තරගය හම්බන්තොටා මහින්ද රාජපක්ෂ
ජුනි 24 පළමු විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 26 දෙවැනි විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 28 තෙවැනි විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ

 

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee