slc
logo
Home   |    News
ජූනි 24, 2024
LPL පස්වැන්නේ පල්ලෙකැලේ තරග සඳහා ප්‍රවේෂපත්‍ර අළෙවිය ඇරඹෙයි

sinhala editor

බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නුවර අදියරයෙහි ප්‍රවේෂපත්‍ර අලෙවිය අද (24 දා) පස්වරුවේදී ආරම්භ කෙරිණ. ප.ව. 3.00 සිට ආරම්භ කෙරුණු මෙම ප්‍රවේෂපත්‍ර අළෙවිය Bookmyshow.com වෙබ් අඩෙවියට පිවිසීමෙන් මිලදී ගත හැක.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පස්වැනි වතාවටත් ක්‍රියාත්මක වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි මස 01 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඉකුත්වර ශූරයින් වන කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල සික්සර්ස් අතර තරගයෙන් ආරම්භ වේ.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන මෙවර තරගාවලියේ අවසන් අදියර වන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග වලට පෙර මෑතකදී ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණු රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරග 5 ක් පැවැත්වෙනු ඇත.

තණ බිස්සේ සිට තරග නැරඹිය හැකි ප්‍රවේෂපත්‍රවල සිට ඉහළම මිල ගණන් වන ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ප්‍රේක්ෂකාගාරවල ප්‍රවේෂපත්‍ර මාර්ගගත වෙබ් අඩෙවිය ඔස්සේ මිලදී ගත හැක. එහිදී අවම ප්‍රවේෂපත්‍රය වන්නේ රුපියල් 200 ක් වන අතර ඉහළම මිල ගණන් වන්නේ රු. 3000 වේ.

ප්‍රවේෂපත්‍ර මිළ ගණන්
ප්‍රේක්ෂකාගාරය මිල
තණ බිස්ස (ලකුණු පුවරුව පෙදෙස) රු. 200
තණ බිස්ස (බටහිර පෙදෙස) රු. 200
A ලෝවර් රු. 750
B ලෝවර් රු. 750
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල් A රු. 1500
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල්  බොක්ස් 1 රු. 3000
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල් බොක්ස් 2 රු. 3000
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල් බොක්ස් 3 රු. 3000
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල් බොක්ස් 4 රු. 3000
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල් බොක්ස් 5 රු. 3000

 

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee