බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නුවර අදියරයෙහි ප්‍රවේෂපත්‍ර අලෙවිය අද (24 දා) පස්වරුවේදී ආරම්භ කෙරිණ. ප.ව. 3.00 සිට ආරම්භ කෙරුණු මෙම ප්‍රවේෂපත්‍ර අළෙවිය Bookmyshow.com වෙබ් අඩෙවියට පිවිසීමෙන් මිලදී ගත හැක.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පස්වැනි වතාවටත් ක්‍රියාත්මක වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි මස 01 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඉකුත්වර ශූරයින් වන කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල සික්සර්ස් අතර තරගයෙන් ආරම්භ වේ.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන මෙවර තරගාවලියේ අවසන් අදියර වන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග වලට පෙර මෑතකදී ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණු රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරග 5 ක් පැවැත්වෙනු ඇත.
තණ බිස්සේ සිට තරග නැරඹිය හැකි ප්‍රවේෂපත්‍රවල සිට ඉහළම මිල ගණන් වන ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ප්‍රේක්ෂකාගාරවල ප්‍රවේෂපත්‍ර මාර්ගගත වෙබ් අඩෙවිය ඔස්සේ මිලදී ගත හැක. එහිදී අවම ප්‍රවේෂපත්‍රය වන්නේ රුපියල් 200 ක් වන අතර ඉහළම මිල ගණන් වන්නේ රු. 3000 වේ.
ප්‍රවේෂපත්‍ර මිළ ගණන් | |
ප්‍රේක්ෂකාගාරය | මිල |
තණ බිස්ස (ලකුණු පුවරුව පෙදෙස) | රු. 200 |
තණ බිස්ස (බටහිර පෙදෙස) | රු. 200 |
A ලෝවර් | රු. 750 |
B ලෝවර් | රු. 750 |
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල් A | රු. 1500 |
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල් බොක්ස් 1 | රු. 3000 |
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල් බොක්ස් 2 | රු. 3000 |
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල් බොක්ස් 3 | රු. 3000 |
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල් බොක්ස් 4 | රු. 3000 |
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් ටොප් ලෙවල් බොක්ස් 5 | රු. 3000 |