slc
logo
Home   |    News
ජූනි 8, 2024
ඇමෙරිකාවේ තණතීරුවල පිතිකරුවන්ට පහරදෙන්න අමාරුයි – නුවන් තුෂාර

sinhala editor

අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන් පන්දුව පහළින් එන අතර, ඇතැම් විට නොසිත පරිදි ඉපිලීමක් ඇතැයි ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර පැවැසීය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නුවන් තුෂාර මේ බව පැවැසීය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහි තරගයේදී කඩුලු 2කින් පරාජයට පත් වුවද, නුවන් තුෂාර බංග්ලාදේශ පිතිකරුවයන්ට අවසන් මොහොත දක්වාම පීඩනය එල්ල කරමින් කඩුලු 4ක් බිදහෙලීමට සමත් වූවේය.

“ අමෙරිකාවේ අපි මුහුණ දුන් තණතිලි වෙනස්. ඇත්තටම අපිට තවත් ලකුණු 20ක් 30ක් අඩු වුණා. මා අවසන් වරට ක්‍රීඩා කළ ඉන්දියාවේ තණතීරුවලට වඩා ගොඩක් වෙනස්. ඉන්දියාවේ තණතිලිවල ලකුණු තියෙනවා. පන්දු යවන්න අමාරුයි. මා අයිපීඑල්වලින් ඉගෙන ගත් දෙයින් මේ වගේ ලෝක මට්ටමේ තරගවලදී පීඩනය හසුරුවා ගන්න පහසු වුණා“ නුවන් තුෂාර පැවැසීය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා ද සහභාගි විය. මාධ්‍යවේදීහූ හලංගොඩ මහතාගෙන් ද ප්‍රශ්න විමසූහ.

“පරාජයට හේතුව තව ලකුණු 20ක් 30ක් විතර අපේ පිතිකරුවන් එක් නොකිරීම බව පිළිගන්නවා. හැබැයි මේ පිතිකරුවන් බංග්ලාදේශ සංචාරයේදී හොදින් කළා. මේ තණතීරුවල පැහැදිලි වෙනසක් තියෙනවා. නමුත් ඒක නිදහසට කරුණක් නොවෙයි. අපේ පිතිකරුවන් ඒකට හුරුවන්න ඕනේ. ලකුණු මදි බව මා පිළිගන්නවා“ හලංගොඩ මහතා පැවැසීය.

“අමෙරිකාවේ දේශගුණය හා තණතිලි සම්පූර්ණයෙන් වෙනස් නිසා අපි අමෙරිකාවට කලින් ආවා. නමුත් අවාසනාවට අපට නිසි පරිදි පුහුණුවීම් කරන්න බැරි වුණා. වැස්ස ආවා. ඒ වගේම තණතිලි හොද තත්ත්වයේ තිබුණේ නෑ. අපිට හොද තත්ත්වයේ කණතිලි සොයන්න වුණා. ඒ නිසා මෙහෙම වුණා කියන්නේ නෑ. හැබැයි අමෙරිකාවේ වාර්තා අරන් බැලුවාම පේනවා මේ තණතිලිවල ලකුණු නෑ කියලා. පිතිකරුවන් උපරිම තත්ත්වයට අනුගත විය යුතුයි. ලකුණු පුවරුවේ අපට හොද ලකුණු එකතුවක් නැතිනම් පන්දු යවන්නන්ට අපහසුයි“

“ පුහුණුවීම සඳහා හොද තණතිලි හොයා ගන්න බැරි වුණා. අපි ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සම්බන්ධ කර ගත්තා. ඇත්ත වශයෙන්ම සියලු ක්‍රීඩා පිටි සම්පූර්ණයෙන් වෙන්කර තිබුණා. අපි එක්සත් ජනපද කණ්ඩායම සමඟ පුහුණු තරග කිහිපයක් පවත්වන්න උත්සාහ කළා. අවාසනාවකට එයත් අපහසු වුණා“

“ අපේ නරඹන්නන්ට කියන්න තියෙන්නේ අපේ ක්‍රීඩකයින් පැහැදිලිවම ඉතා කලකිරීමට පත් වී ඇති බව මට පෙනුණා. නමුත් මට විශ්වාසයි අපේ පුහුණුකරුවන් සියලු දෙනාම ඔවුන් සමඟ කතා කරයි. මේ පරාජය පිළීබඳව අපි ඉතා කණගාටු වෙනවා. නමුත් අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා අඩුම තරමින් මීළඟ තරග දෙකේදීවත් අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කරයි කියලා“ මහින්ද හලංගොඩ මහතා පැවැසීය.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee