slc
logo
Home   |    News
ජූලි 31, 2024
ආසියානු ශූරියෝ අගෝස්තු මසදී අයර්ලන්ත සංචාරයක

sinhala editor

අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු ක්‍රිකට් කිරුළේ ශූරියන් බවට පත් වුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 06 වැනි දින අයර්ලන්තය බලා පිටත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියට පන්දුවාර විස්සයි-20 තරග 2 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් වේ.

මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එක්දින තරගාවලිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් තරගාවලිය ලෙසින් පැවැත්වෙන බැවින් මෙය ශ්‍රී ලංකා පිලට තීරණාත්මක තරගාවලියකි. විස්සයි-20 තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 අගෝස්තු 11 වැනිදා සහ 13 වැනිදා ඩබ්ලින්හිදී පැවැත්වෙන අතර අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වනු ඇත. අගෝස්තු 16 වැනිදා පළමු එක්දින තරගයත්, අගෝස්තු 18 වැනිදා දෙවැනි එක්දින තරගයත් අගෝස්තු 20 වැනිදා තෙවැනි එක්දින තරගයත් බෙල්ෆාස්ට්හිදී පැවැත්වේ.

දිනය     තරගය   ක්‍රීඩාංගණය

අගෝස්තු 11      පළමු විස්සයි-20 තරගය   ඩබ්ලින්

අගෝස්තු 13      දෙවැනි විස්සයි-20 තරගය ඩබ්ලින්

අගෝස්තු 16      පළමු එක්දින තරගය – බෙල්ෆාස්ට්

අගෝස්තු 18      දෙවැනි එක්දින තරගය – බෙල්ෆාස්ට්

අගෝස්තු 20      තෙවැනි එක්දින තරගය – බෙල්ෆාස්ට්

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee