slc
logo
Home   |    News
ජූලි 11, 2024
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජූලි 22 වැනිදා ශ්‍රී ලංකාවට

sinhala editor

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙම ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එම තරගාවලියට පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් වේ.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජූලි මස 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර පළමු තරගය සඳහා ජූලි 26 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එක්දින තරගාවලිය ලබන අගෝස්තු 01 වැනිදා සිට කොළඹ ආර්.  ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දිනය තරගය වේලාව ක්‍රීඩාංගණය
ජූලි 26 පළමු විස්සයි-20 තරගය ප.ව. 7.00 පල්ලේකැලේ
ජූලි 27 දෙවැනි විස්සයි-20 තරගය ප.ව. 7.00 පල්ලේකැලේ
ජූලි 29 තෙවැනි විස්සයි-20 තරගය ප.ව. 7.00 පල්ලෙකැලේ
අගෝස්තු 01 පළමු එක්දින තරගය ප.ව. 2.30 ආර්. ප්‍රේමදාස
අගෝස්තු 04 දෙවැනි එක්දින තරගය ප.ව. 2.30 ආර්. ප්‍රේමදාස
අගෝස්තු 07 තෙවැනි එක්දින තරගය ප.ව. 2.30 ආර්. ප්‍රේමදාස

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee