slc
logo
Home   |    News
ජූලි 20, 2024
එංගලන්ත යෞවනයින්ට ඉනිමක හා ලකුණු 53ක ජයක්

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර, චෙල්ටන්හෑම් හි පැවැති දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියෙන් ඒංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ ඉනිමකින් හා ලකුණු 53කින් ජය ලැබූහ. මේ හේතුවෙන් තරග දෙකකින සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ඒංගලන්ත යෞවනයෝ ජය වාර්තා කළහ.

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු 153ට පිළිතුරු ලෙස එංගලන්ත යොවුන් පිල පළමු ඉනිමට ලකුණු 477ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 271කට සීමා විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ ගයන වීරසිංහ හා මලිත් පෙරේරා අර්ධ ශතක ලබි ගැනීමට සමත් වූහ.

එංගලන්ත යොවුන් පිලේ ආරම්භක පිතිකරු ජෙයඩන් ඩෙන්ලි ලකුණු 91ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා සම්බවයක් ඇති කේෂන ෆොන්සේකා ලකුණු 76කට දැවී ගියේය. හම්ෂා ෂායික් ලකුණු 107ක් එක්කළ අතර, හිටපු වේග පන්දු යැවූ ඇන්ඩෘ ෆ්ලින්ටෝෆ්ගේ පුතු රොකී ෆ්ලින්ටොෆ් ලකුණු 106ක්ක් ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් අතුරින් විහස් තෙව්මික හා ප්‍රවීන් මනීෂ කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී දිනුර කළුපහන ශතකයක් සමඟ ලකුණු 163ක් ලබාගත් අතර, ගයන වීරසිංහ අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 162ක්, ෂාරුජාන් ෂන්මුගනාදන් අර්ධ ශතකයක් සමඟ ලකුණු 109ක්, මලිත් පෙරේරා අර්ධ ශතකයක් සමඟ ලකුණු 103ක් ලබා ගත්හ.

තරග දෙකේදී ශ්‍රී ලංකා පන්දු යැවීම සැලකීමේදී ප්‍රවීන් මනීෂ ලකුණු 168කට කඩුලු 9ක් හා විහස් තෙව්මික ලකුණු 119කට කඩුලු 5ක් බිදහෙලීමට සමත් වූහ.

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමට ලකුණු 152 (ඕවර් 45.2)
ගයන වීරසිංහ 77, දිනුර කළුපහන 16, දිනුර අබේවික්‍රමසිංහ 12, අතිරේක 15 (එන්. ෂර්මා 44/5, හැරී මෝර් 38/2, චාලි බර්නාඩ් 35/2)

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමට ලකුණු 477 (ඕවර් 138.1)
ජෙයඩන් ඩෙන්ලි 91, කේෂණ ෆොන්සේකා 76, හම්ෂා ෂායික් 107, රොකී ෆ්ලින්ටොෆ් 106, ජැක් කර්නි 29, හැරී මෝර් 24, අතිරේක 19 ( දිනුර කළුපහන 98/1, විහස් තෙව්මික 82/3, මංජුල චන්තුක 75/2, ප්‍රවීන් මනීෂ 112/3)

ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි ඉනිමට ලකුණු 271 (ඕවර් 84.5)
තිසර ඒ්කනායක 39, ෂාරුජාන් ෂන්මුගනාදන් 16, ගයන වීරසිංහ 17, මලිත් පෙරේරා 61, දිනුර කළුපහන 40, විහස් තෙව්මික 18, ප්‍රවීන් මනීෂ නොදැවී 18, අතිරේක 33 (එන්. ෂර්මා 29/1, හැරී මෝර් 41/2, නොහා තායින් 57/1, ෆර්හාන් අහමඩ් 59/4, චාලි බර්නාඩ් 55/2)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee