slc
logo
Home   |    News
ජූලි 30, 2024
එක්දින නායකත්වයත් චරිත් අසලංකට – මතීෂ සහ මදුෂ්ක එක්දින කණ්ඩායමට

sinhala editor

ඉන්දීය කණ්ඩායමට එරෙහිව අගෝස්තු මස 2 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදීද ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වතාවට සහභාගිවූ බංග්ලාදේශයට එරෙහිව වන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවන ලද්දේ කුසල් මෙන්ඩිස් වන නමුත්, ඔහු වෙනුවට ඉකුත්දා විස්සයි-20 තරග අංශයේ නායකත්වයෙන් පිදුම් ලද අසලංකවම පත් කිරීම කැපී පෙනෙයි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග අංශයේ නායකත්වය දරනු ලබන 27 වැනි නායකයා ලෙසින් ඉතිහාස ගත වීමට නියමිතය.

අසලංකට පෙර කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද කුසල් මෙන්ඩිස් තරග 16 කදී ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති අතර කුසල්ගේ නායකත්වය යටතේ තරග 8 ක ජයග්‍රහණය ද තරග 7 ක් පරාජයට ද පත්ව තිබේ.  

ඊට අමතරව බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේදී ඇතුළත් කර සිටි සහන් ආරච්චිගේ, නුවන් තුෂාර සහ ළහිරු කුමාර වෙනුවට අසිත ප්‍රනාන්දු, මතීෂ පතිරණ සහ නිශාන් මදුශ්කව කැදවීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 02 වැනිදා 04 වැනිදා සහ 07 වැනිදා යන තෙදිනදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මදුශංක, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, මතීෂ පතිරණ, නිශාන් මදුශ්ක

ඇතුළට – අසිත ප්‍රනාන්දු, මතීෂ පතිරණ, නිශාන් මදුශ්ක

ඉවතට – සහන් ආරච්චිගේ, නුවන් තුෂාර, ළහිරු කුමාර

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee