slc
logo
Home   |    News
ජූලි 31, 2024
පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණය ජූලි 17 දා ‘ජනතා අයිතියට‘

sinhala editor

සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ඉදිකරන ලද පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියර විවෘත කිරීමේ උත්සවය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2024 වසරේ ජූලි මස 17 වැනි දින පෙ.ව. 10.00 ට පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුවේ ආරාධනයකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා එම අවස්ථාවට සහභාගිවනු ඇත.

උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයට මෙතෙක් අඩුවක්ව පැවැති ජාතික ක්‍රීඩාංගණයක අඩුව මකාලමින් අද දිනයේ ජනතා අයිතියට පැවරෙන පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැය කර ඇති මුලු මුදල රුපියල් මිලියන 170 කි. පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අක්කර 45 ක භූමි භාගයක ඉදිකර ඇති මෙම ක්‍රීඩාංගණය, මධ්‍ය තණතීරු 10 කින් සමන්විතය. මෙම ක්‍රීඩාංගණයේ ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ ප්‍රධාන තණතීරුවේ සිට ක්‍රීඩාංගණය වටාම මීටර 80 ක දුරින් හතරේ සීමාව එළීමේ හැකියාවෙන් යුක්ත වීමයි.

ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්වීමෙන් පසු උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමය යටතේ පවතින අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ක්‍රිකට් සංගම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත. ඒ හැරුණ කොට මධ්‍යම පළාත යටතේ පවතින ත්‍රිකුණාමලය මෙන්ම අම්පාර දිස්ත්‍රික්කවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මෙම ක්‍රීඩාංගණය භාවිතා කිරීමේ හැකියාව ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා ‘ඒ‘, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම්, වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට මෙන්ම දේශීය ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලියේ ටියර් ‘ඒ‘ සහ ‘බී‘ කොටසේ තරගද මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවේ. ජාතික මට්ටමේ තරග හැරුණු වයස් කාණ්ඩයන් යටතේ පැවැත්වෙන පළාත් සහ දිස්ත්‍රික් තරග මෙන්ම එම කාන්තා හා පිරිමි සංචිතවල පුහුණු කිරීමේ කටයුත්තද සිදු කිරීමේ හැකියාව පවතිනු ඇත.

මෙම ක්‍රීඩාංගණ විවෘත කිරීමට සමගාමීව යාපනයේ එම පළාතේ/දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතුව සිටින පාසල්/ක්‍රීඩා සමාජ/පළාත් සංචිත (කාන්තා සහ පිරිමි ක්‍රීඩා සමාජ වල ක්‍රිකට් උපකරණ කට්ටල තොගයක්ද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar