slc
logo
Home   |    News
ජූලි 25, 2024
රට නියෝජනය කිරීමේදී හොඳ විනයක් තියෙන්න ඕනෑ – සනත් ජයසූරිය

sinhala editor

මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට සහභාගිව යුත්තේ නිසි පරිදි වූ විනයක් සහිතව බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙහිදී පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැඳ ක්‍රීඩා කිරීම අතහැරිය යුතු කාලය උදාවී තිබෙන බවද සඳහන් කර සිටියි.

පුහුණුකරු තනතුරට පැමිණීමේදී තමාගේ කාර්යය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පවතින තත්ත්වයට වඩා උසස් මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය උපදෙස් සහ ක්‍රියාකාරකම් සැපයීම බවද නව තාවකාලික පුහුණුකරු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

“අපි ලොකු වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් පොඩි පොඩි දේවල් වුණත් පිළවෙළකට කරන්න ඕන. දැනට අපි කියලා තියෙන්නේ ජාත්‍යන්තර තරග වලට එනකොට කොණ්ඩා මෝස්තර, කරාබු, පච්ච වගේ දේවල් ගෙදර තියලා එන්න කියලා“ යැයි ජයසූරිය සඳහන් කර සිටියි.

මේ වන විටත් ජාතික කණ්ඩායමේ සංචිතය පුහුණු කටයුතු භාරව පිතිකරුවන්ගේ පුහුණුකරු, පන්දු යවන්නන්ගේ පුහුණුකරු සහ පන්දු රකින්නන්ගේ පුහුණුකරු වශයෙන් පුහුණුකරුවන් කටයුතු කරගෙන යන හෙයින් තමාගේ අපේක්ෂාව වන්නේ එම ක්‍රියාකාරකම් වඩාත් ඵලදායි ලෙස දියුණුකර ක්‍රියාත්මක කිරීම යැයි ද සනත් ජයසූරිය පවසයි.

 ආක්‍රමණශීලී ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු වන සනත් ජයසූරිය මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා – ඉන්දියා විස්සයි 20 සහ එක්දින තරගාවලිය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදීය. තේරීම් කමිටු සභාපති උපුල් තරංග ද මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි විණි.

 මෙහිදී තවදුරටත් අදහස් දැක් වු සනත් ජයසූරිය තමා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කර ලබාගත් අත්දැකීම් සහ පළපුරුද්ද වත්මන් කණ්ඩායමේ දියුණුවට යෙදවීමට අපේක්ෂා කරන බවය.

 කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ පවතින විනය තරග ප්‍රතිඵලයන්ට මෙන්ම සෑම අංශයකටම ඍජුවම බලපාන හෙයින් ඒ පිළිබඳව ද අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද හිටපු නායක ජයසූරිය වැඩිදුරටත් පැවසීය.

 තමා පිළිගත් පුහුණුකරුවකු ලෙස ක්‍රියාකර නොමැති වුවත් දැනට සිටින පුහුණුකරුවන් සමඟ එක්ව ක්‍රීඩක දක්ෂතා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු කීවේය.

තේරීම් කමිටු සභාපති උපුල් තරංග අදහස් දක්වමින් ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු සහ නායකයකු වන කුසල් ජනිත් පෙරේරා මෑතක දී පැවැති තරගාවලි කිහිපයකදීම හොඳින් දක්ෂතා පෙන්වමින් ලකුණු අතර පැමිණ සිටින  එහෙයින් ඔහුගේ සේවය ජාතික කණ්ඩායමට ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජාතික සංචිතයට ඇතුළු කරගත් බවත් මේ වන විට 33 වියෙහි පසුවන කුසල් ජනිත්ට මීළඟ ලෝක කුසලාන තරගාවලියට පවා සහභාගිවීමට හැකි බව තමාගේ විශ්වාසය යැයි ද කීවේය.

 ඉන්දියාව සමඟ ඉදිරි විස්සයි 20 තරගාවලියේදී ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇතැයි පවසන උපුල් තරංග අංක තුන පිතිකරුගේ ස්ථානයට කුසල් ජනිත් පෙරේරා හෝ දිනේෂ් චන්දිමාල් පැමිණෙනු ඇතැයි ද කීවේය. දිනේෂ් චන්දිමාල් ද පසුගිය තරගාවලියන් කිහිපයකදීම දස්කම් දක්වා ඇතැයි ද උපුල් තරංග කියයි.

 ආබාධයට ලක්ව සිටින වේගපන්දු යවන දුෂ්මන්ත චමීර වෙනුවට අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇතැයි පැවසු තේරීම් කමිටු සභාපතිවරයා තවමත් කණ්ඩායමට උපනායකයකු නම් කර නැතත් එය ඉදිරියේදී සිදු වනු ඇතැයි ද කීය.

 හිටපු නායක වනිඳු හසරංග සමඟ දිගු ගමනක් යාමට තේරීම් කමිටුව අපේක්ෂාවෙන් පසුවුවා නොවේදැයි විමසු විට තරංග කීවේ වනිඳු සිය කැමැත්තෙන් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර දක්ෂතා අනුව ක්‍රීඩකයනට නිසි ස්ථාන ලැබෙනු ඇති බවත්ය.

 නවක තුන්ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහට ඉන්දීය තරගාවලියේ දී අවස්ථාවක් ලැබීමට ඉඩ ඇති බවත් උපුල් තරංග පවසයි.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar