BY CHAMILA KARAWITA
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පන්දු යැවීම, පන්දු රැකීම මෙන්ම පන්දුවට පහර දීම යන තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන් සිටිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහි ප්‍රවේශයක් අද (20 දා) රාත්‍රියේ ලබා ගත්තේය.
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලබා දුන් ලකුණු 112 ක ඉලක්කය හඹා යෑමේදී පන්දු 17 ක් සහ කඩුලු 7 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. එයින් කියැවෙන තවත් කරුණක් වූයේ 2024 වසරේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පිට පිටම 9 වැනි ජයග්‍රහණය ලෙසින්ද මෙය සනිටුහන් වීමයි.
එම ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකාවේ සතුටට හේතුවූ ප්‍රධානම කාරණාව වන්නේ නායිකා චමරි අතපත්තු වේලාසනින්ම දැවී ගියද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම යනු තවදුරටත් තනි ක්‍රීඩිකාවක් මත යැපෙන කණ්ඩායමක් නොවන වග යළිත් ඔප්පු කර පෙන්වීමට සමත්වීමයි. මෙහිදී මූලිකත්වය ගත් විශ්මි ගුණරත්න ප න්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 51 ක් රැස් කර ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයට පාත්‍ර වූවාය. මෙය ඇය මේ වසරේදී වාර්තා කරන ලද තෙවැනි විස්සයි-20 අර්ධ ශතකය ලෙසින්ද සනිටුහන් විය. පිතිකාරිණියක් ලෙස දිගින් දිගටම සාර්ථක්තවයට පත්ව සිටින විශ්මි නායිකාව සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක් ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම සමඟ පන්දු 48 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වූවාය.
මෙහිදී හර්ෂිතාගේ දායකත්වය පන්දු 31 කදී ලකුණු 33 ක් වූ අතර ඇය ජයග්‍රහණයට ලකුණු 4 ක් තිබියදී පිටියෙන් ඉවත්වූවාය. නහිදා අක්තාර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා විශ්මිගේ වටිනා ඉනිම නිමාවට පත් වූ අතර අනතුරුව පිටියට පිවිසි කවීෂා දිල්හාරි පන්දු 8 කදී ලකුණු 12 ක් ලබා තරගය ජයග්‍රහණය තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කරගත්තාය.
කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීම පිළිබඳව බංග්ලාදේශ නායිකාව ගනු ලැබුවේ වැරදි තීරණයක් බව පෙන්නුම් කිරීමට ගත වූයේ පවර් ප්ලේ පන්දුවාර 6 ට හිමි අවස්ථාව පමණි. ඒ වන විටත් කඩුලු 4 ක් ලකුණු 17 ක් ඇතුළත දවා ගනිමින් තරගයට සාර්ථක ප්‍ර වේශයක් එක් කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ. පසුපෙළ පිතිකාරිණියන් සමඟ නායිකා නිගර් සුල්තානා එක්ව ගොඩනංවන ලද කඩුලු සම්බන්ධතා නොවන්නට බංග්ලාදේශයට ලකුණු 100 සීමාව ඉක්මවාලීම සිහිනයක් වන්නට ඉඩ තිබිණ. කෙසේ වෙත්ත පන්දු 59 කට මුහුණ දුන් සුල්තානා හතරේ පහර 6 ක් ද ඉනිමට ඇතුළත් කර ගනිමින් ලකුණු 48 ක් රැස් කර ගත්තද සත්කාරක වාසියත් සමඟ තරග වදිනු ලබන ශ්‍රී ලංකා පිල පරාජයට කිරීමට එය ප්‍රමාණවත් නොවීය.
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 111 යි –
නිගර් සුල්තානා 48*, රෙබෙයා ඛාන් 10, ෂෝර්නා අක්ටර් 25, උදේශිකා ප්‍ර බෝධනී 20/2, ඉනෝෂි ප්‍රියදර්ශනී 17/2, සුගන්ධිකා කුමාරි 19/1, කවීෂා දිල්හාරි 28/1, චමරි අතපත්තු 16/1
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17.1 කදී කඩුලු 3 ට ලකුණු 114 යි –
විශ්මි ගුණරත්න 51, චමරි අතපත්තු 12, හර්ෂිතා සමරවික්‍රම 33, කවීෂා දිල්හාරි 12*, නහිදා අක්ටර් 12/3