slc
logo
Home   |    News
ජූලි 22, 2024
සිව්වැනි වතාවටත් LPL කිරුළ ජැෆ්නා කිංග්ස් සන්තකයට

sinhala editor

BY CHAMILA KARAWITA

පස්වැනි වරටත් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ගෝල් මාවල්ස් පිලට එරෙහිව කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ශූරතාව 2024 වසරේ ශූරතාව තමන් සතු කර ගැනීමට අද (21 දා) රාත්‍රියේ සමත්විය. ලංකා ප්‍රිමියර් ලීග් පළමු තරගාවලි ත්‍රිත්වයේම ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද දිනා ගනු ලැබුවේ ඔවුන්ගේ සිව්වැනි LPL කිරුළ වේ.

ජයග්‍රහණය සදහා ලකුණු 185 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා පිතිකරුවෝ පන්දුවාර 15.4 ක් අවසානයේ ඉලක්කය සපුරා ගන්නා ලද්දේ එක් කඩුල්ලක් පමණක් ලබා දෙමිිනි. ජයග්‍රහණය හඹා යෑමෙ සටනේ පළමු පන්දුවේදීම පැතුම් නිස්සංක ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට ගෝල් පන්දු යවන්නන් සමත් වුවද දෙවැනි කඩුල්ලට එක් වුණු කුසල් මෙන්ඩිස් සහ රිලී රුසොව්, ජැෆ්නා කිංග්ස් ජයග්‍රහණය කරා රැගෙන ගියේ සිය කඩුලු ආරක්ෂා කර ගනිමිනි. ඒ සඳහා පන්දු 93 ක් වැය වමත් – දකුණත් පිතිකරුවන් යුගලය දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු සම්බන්ධතාවය 185 ක් විය. මොවුන් දෙදෙනා විසින් රැස් කරන ලද මෙම කඩුල්ලේ සම්බන්ධතාව ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද හොඳම සම්බන්ධතාව ලෙසින් සනිටුහන් විය. මීට පෙර ඕනෑඹ කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබුණේ දඹුල්ල කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියල් සහ ජෝර්ඩ්න් කොක්ස් 2022 වසරේදී ගෝල් පිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 163 ක සම්බන්ධතාව විය.

ඒ වෙනුවෙන් රුසොව් හයේ පහර 7 ක් සහ හතරේ පහර 9 ක් සමගින් පන්දු 53 කදී ලකුණු 106 ක් ද කුසල් මෙන්ඩිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 72 ක්ද ලබා ගත්හ.

ජැෆ්නා නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිවිසි ගෝල් මාවල්ස් කණ්ඩායම වෙනුවෙන් කොඳු නාරටිය බවට පත් වුණු භානුක රාජපක්ෂ පන්දු 34 කදී රැස් කරන ලද ලකුණු 82 ක ඉනිම හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 184 ක් ලබා ගැනීමට ගෝල් මාවල්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. අද තරගය පැවැති කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේදී ඉනිම ආරම්භය එතරම් සුභ දායක නොවුයේ පළමු කඩුලු 3 ම ලකුණු 24 ක් ඇතුළත බිඳී යෑම හේතුවෙනි.

එහෙත් ටිම් සීෆර්ට් ට එකතු වුණු භානුක පන්දු 32 ක් ඇතුළත ලකුණු 62 ක් රැස් කරමින් ගාල්ල ඉනිමටට ශක්තියක් වූහ. සීෆර්ට් ලකුණු 47 කදී දැවී ගියද තම ප්‍රහාරාත්මක ඉනිම දිගටම පවත්වාගෙන ගිය භානුක සහන් ආරච්චිගේ සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 30 කදී වේගවත් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූහ. මෙහිදී චරිත් අසලංක විසින් යවන ලද පන්දුවාරයකදී භානු ලකුණු 28 ක් රැස් කරන ලද්දේ හයේ පහර 4 ක් සහ එක් හතරේ පහරක්ද එල්ල කරමිනි. භානුකට අනගි සහායක් ලබා දුන් සීෆර්ට් තම ඉනිමට හයේ පහර 4 ක් එල්ල කර තිබූ අතර ඉන් තුනක්ම විජයකාන්ත් වියස්කාන්ත්ගේ පිට පිට පන්දු 3 කදී එල්ල කරන ලද දැවැන්ත හයේ පහර වීම කැපී පෙනිණ.

තරගාවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති නවසීලන්ත ජාතික ක්‍රෙග් බාර්ක්ලේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස මෙන්ම විධායක කමිටු සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එම ජයසංකේත ප්‍රධානයේදී නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ චමිඳු වික්‍රමසිංහ විසින් දිනා ගනු ලැබීය.

ඊට අමතරව අවසන් මහ තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පිතිකරු දකුණු අප්‍රිකානු ජාතික රයිල් රුසොව් විසින් දිනා ගනු ලැබීය.

ගෝල් මාවල්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 184 යි –

ටිම් සීෆර්ට් 47, භානුක රාජපක්ෂ 82, සහන් ආරච්චිගේ 16, ඩ්වයින් ප්‍රි ටෝරියස් 12*, අසිත ප්‍රනාන්දු 35/3, ජේසන් බෙරන්ඩොෆ් 18/2, අසිත ප්‍රනාන්දු 35/3

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 14.1 කදී කඩුල්ලක් දැවී ලකුණු 172 යි –

රයිලි රොසොව් 96*, කුසල් මෙන්ඩිස් 70*

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee